ආවාරයේදී ප්‍රයෝජනයට ගන්න දෙල් කල් තබා ගන්නේ කොහොමද?



සංරකෂණය හෙවත් කල් තබා ගැනීම සඳහා ආහාර වර්ග තෝරා ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යූතුයි. ඒ සඳහා තෝරාගත යූත්තේ නැවූම්, හොඳින් පැසූණූ එළවළු වර්ගයි. අපි මේ විමසා බලන්නේ දෙල් කල්තබා ගැනීම ගැනයි.

හොඳින් පැසූනූ, අලුත් දෙල් තෝරාගන්න, සත්තු කෑ, පළුදු වූ, තැලුණූ දෙල් කල් තබා ගැනීමට පිළියෙල කිරීමට තෝරා නොගත යූතුයි.

මූලින්ම දෙල් ගෙඩිය හොඳින් සෝදා පිරිසිදු කර පොත්ත ඉවත් කරන්න. එසේම දෙල් ගෙඩිය කපා ආහාරයට නොගන්නා කොටස් සියල්ල ඉවත් කරන්න.

දැන් මි. මි. 1-2 අතර ඝනකම ඇති සෙ.මි. 1-4 ත් අතර පළල ඇති පෙති කපාගන්න. ඒවා සිහින් තීරු ලෙස කපාගත යූතුයි.

කහට පිපෙන නිසා කපාගත් විගස ලුණූ මිශ්‍ර වතුරට දාන්න. නැතිනම් ලුණූ හා කහ අත ගා තබන්න.

උතුරණ වතුර බඳුනකට කපාගත් දෙල් දමා විනාඩි 2 ක් පමණ තබා පිටතට ගන්න. මෙය බ්ලාන්ච් කිරීම ලෙස හඳුන්වනවා.

එළවළු උණූ වතුර භාජනයෙන් පිටතට ගත යූත්තේ එකවරයි. එවිටයි ඒකාකාර වයනයක් ලැබෙන්නේ. ඒ නිසා මෙයට දැල් බාස්කටි එකක් යොදාගන්න. දැල් බාස්කටි එකක් නොමැති නම් පිරිසිදු සූදු රෙදි කැබැල්ලකට සියල්ල දමා කට ගැට ගසන්න. එය උණූ වතුර භාජනයට දමා විනාඩි 2 න් එකවර පිටතට ගත හැකියි.

බ්ලාන්ච් කිරීමේ වාසිය වන්නේ එළවළු වර්ගයේ රසය වෙනස් නොවී තබා ගත හැකිවීමයි. එහිදී ආහාරයේ එන්සයිම ප්‍රතික්‍රියාව වලක්වනවා.

බ්ලාන්ච් කිරීමෙන් පසූ දින 3 ක් තද අව්වේ මේවා වියලා ගත යූතයි. දින තුනකට පසූ මෙය කාමර උෂ්ණත්වයට රැගෙන ආ යූතුයි. එනම්. නිවසින් පිටත තබා වියළා ගත් ආහාර ද්‍රව්‍ය නිවස තුළට ගෙන ඉන්පසූව පොලි ප්‍රොප්ලින් ඇසූරුම් භාවිත කරමින් පැකටි කරගන්න.

මෙය ඉතාම හොඳ ආර්ථික වාසි ලබාදෙන ස්වයං

රැකියාවකි. වෙළෙඳ පොළේ වියලාගත් දෙල් ග්‍රෑම් 250 ක් රුපියල් 50 සිට ඉහළට මිල ගණන්වලට අලෙවි වේ.

දෙල් වාරයේදී අපතේ යන දෙල් මෙසේ වියළා ගැනීමෙන් ආර්ථික ලාභයක් ලබාගන්නට පූළුවනි.

මෙය ඔබ නිවසේ ප්‍රයෝජනය සඳහා තබා ගන්නේ නම්, මේ විජලිත දෙල් නැවත සජලිත කීිරීමට විනාඩි 20 ක් මද උණූසූම් ජලයේ බහා තබන්න. ඉන්පසූව ඒවායින් දෙල් මැල්ලුම්, දෙල් බැදුමක් පිළියෙල කරගත හැකියි.

මෙය වසරකට වඩා කල් තබා ගත යූතු නම් එවිට රසායන ද්‍රව්‍ය එකතු කිරීමට සිදුවෙනවා. පොටෑසියම් මෙටාබයි සල්පයිටි (ඡපි- හෝ සෝඩියම් මෙටාබයි සල්පේටි (ීපි- ඒ සඳහා යොදාගත හැකියි. එවිට ආහාර කොටස් 100 ට රසායනිකයෙන් 0.25 ක් එකතු කළ යූතුයි.

රස කැවිල්ලක් ලෙස

දෙල් පැතලි, තරමක කැබලිවලට හෝ සිහින් තීරුවලට කපා රත් වූ තෙලට දමා බදින්න. මෙය සූළං නොවදින ලෙස අසූරා තබාගෙන අවශ්‍ය විට සීනි උණූකර එහි දමා පිළියෙල කරගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment