ඖෂධ මඟින් පමණක් ශ්‍රවණ ඌනතා යතා තත්වයට පත් කල හැකිද ?



 ලෝකයේ පැවැත්මට එකිනෙකා අතර සිදුවන සන්නිවේදනය ඉතා වැදගත් සාධකයක්. සන්නිවේදන කාර්යයේදී ශබ්දය මඟින් ඉටුවන්නේ ප්‍රධාන කාර්ය භාර්යයක්. නමුත් එසේ වැදගත් වන ශබ්දයම ඇතැම් විට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මිනිසාගේ විවිධාකාර වූ රෝගී තත්ත්වයන්ට හේතුවන බවත් එය පරිසරික දූෂණයේ කොටස්කාරයෙකු බවත් හඳුන්වා දීම තරමක් විමසා බැලිය යුතු කරුණක්. ඇතැම් විට ශබ්දය අධික වන අවස්ථාවල ඊට මුහුණ දෙන බොහෝ දෙනෙක් ශාරීරික මෙන්ම මානසික රෝගී තත්ත්වයන්ට මුහුණ දෙන බව පර්යේෂණ මත පවා ඔප්පු කර අවසන්. කෙසේ වෙතත් මෙවැනි ගැටලුකාරී වූ ශබ්දය නිසා මිනිසාගේ ශ්‍රවණයට බාධා ඇති කරවන, විශේෂිත අවස්ථා මොනවාදැයි මෙවර ලිපිය යටතේ විමසා බලමු.

කන් බෙරයේ සිදුරු වීමත් සමඟ ඇතුළු කනේ ව්‍යුහයට හානි සිදුවීම නිසා ශ්‍රවණ ඌනතා ඇතිවිය හැකියි. මෙහිදී වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යවශ්‍ය අතර සති 1-2 අතර කාලයක් තුළ ඇතැම්විට ඇසීමේ යම් වර්ධනයක් ඇති කර ගැනීමේ හැකියාවක් තිබේ. එසේ වුවත් ස්ථීර වශයෙන් ශ්‍රවණ සංවේදී සෛල හා ශ්‍රවණ ස්නායුවලට හානි වීමක් පවතින්නේ නම් ස්ථිරලෙස පවතින ඇසීමේ ඌනතාවක් ඇතිවිය හැකියි. එවැනි තත්ත්වයක් යටතේ කන තුළ ඇති වී ඇති තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් ඇත්තේ ද නොමැත. ඇතැම්විට මෙම ශ්‍රවණ ඌනතා ඖෂධ භාවිතා කිරීම මඟින් යථා තත්ත්වයට පත් කර ගත හැකි බව ඇතැම් අය සිතුවත් ඖෂධ මඟින් ඒ සඳහා පිළියම් යෙදීමට නොහැකි වේ.

ඒ අනුව මෙසේ ඇතිවන ශ්‍රවණ ඌනතා සඳහා යොදාගත හැකි ප්‍රතිකර්මය වශයෙන් හඳුන්වාදිය හැක්කේ ශ්‍රවණාධාරක Hearing amplification Devices)වැනි ක්‍රමෝපායයන් වෙත යොමු වීමයි.

සාමාන්‍යයෙන් ශබ්දයේ මිනුම් ඒකකය වශයෙන් හඳුන්වා දිය හැක්කේ ඩෙසිබල් (dB) ය. අධික ශබ්ද මඟින් සෞඛ්‍ය වෙත ඇති කරන අහිතකර බලපෑම හේතුවෙන් විවිධ ආයතන මඟින් ඒ පිළිබඳ සම්මුතීන්වලට එළඹී සිටිනු ලැබේ. එසේ ඇතිකරගත් සම්මුතීන් අනුව The National Institute of Occupational Safety and Helth (NIOSH) ƒ£ Occupational Safety and Helth Administration (OSHA) වැනි සංවිධාන මඟින් 85 dBA (8 hour TWA) ලෙසින් ශබ්දය සඳහා නිරාවරණය වීම සෞඛ්‍යයට අහිතකර සීමාවන් ලෙස පෙන්වා දී තිබේ.

එමෙන්ම ශබ්දය ශ්‍රවණ සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳ ලොව ශ්‍රවණ විශේෂඥයන් විසින් නොයෙකුත් ආකාරයේ පරීක්ෂණ පවා සිදුකර තිබෙන අතර ශබ්දය යනු ලෝක පරිසර දූෂණයට හේතු වන සාධකයක් බව ඔවුන්ගේ මතය බවට පත් වී තිබේ.

ඉහත විස්තර කරන ලද ශ්‍රවණ ඌනතාවලට අමතරව කනෙහි පිරුණු ස්වභාවයන් (Fullness) කන අඟුල් වැටී ඇතැයි දැනීම (Blocking Sensation) කිසිදු ශබ්දයක් පිටත නොමැතිව කන ඇතුළතින් යම් ශබ්දයක් අඛණ්ඩව හෝ වරින්වර ඇසීම (Tinnitus) සිරුරේ අසමබරතාව /කරකැවිල්ල ස්වභාවයක් ඇති වීම (Imbalance/ Dizziness/Vertigo) වැනි සංකූලතා තවදුරටත් ඇතිවිය හැකියි. ශ්‍රවණ පද්ධතියට පමණක් නොව රුධිර සංසරණයට හදවතේ ක්‍රියාකාරීත්වයට ස්වසනය සඳහා මෙන්ම සිරුරේ ක්‍රියාකාරිත්වය සඳහා ඍජු හෝ වක්‍රාකාර වූ බලපෑම් ඇති කරවිය හැකියි.

මෙවැනි ශාරීරික අපහසුතා සංකූලතාවලට අමතරව මානසික සෞඛ්‍යයට ද ඇති කරන බලපෑම් ද තිබේ. හිස කැක්කුම, විඩාව, නින්ද නොයාම ආදිය මෙන්ම එවැනි තත්ත්ව මුල් කරගෙන මානසික ආතතිමය තත්ත්වයන් ද උද්ගත විය හැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා (WHO) ශබ්දය හේතු කොටගෙන ඇතිවන ශ්‍රවණ ඌනතා (NIHL) මිනිස් සෞඛ්‍යට බලපාන ලෝකයේ එක් ප්‍රධාන පෙළේ ආබාධයක් බව (Disability) පෙන්වා දී තිබේ. මෙය ලෝකයේ සෑම පුද්ගලයන් 100 දෙනෙක් අතරින් 16 දෙනෙකුට පවතින තත්ත්වයන් වන අතර ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල වගේම දියුණු යැයි සැලකෙන ඇමරිකාව වැනි රටවලත් සුලබව පවතින ආබාධයක් බව ඔවුන් වැඩි දුරටත් පවසා ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment