දරු පැටියෙක් කුසට ආවම මූල් මාස තුනේ පරිස්සම් වෙන්න




විවාහක යූවළකගේ ඊළඟ පැතුම තමන්ගේ පවූලට පූංචි දරු පැටියෙක් එකතු වනූ දෑකීමයි. මේ පැතුම ඉටූ වන්නට එක් එක් අයට ගත වන කාලය වෙනස් වෙනවා. දරුවෙක් පිළිසිඳ ගෙන ඇති බව දෑනගන්නේ කොහොමද කියන එකත් ඇතැම් අයට ප්‍රශ්නයක්.
සාමාන්‍යයෙන් ක්‍රමානූකූල ආර්තව චක්‍රයක් ඇති කාන්තාවකගේ ආර්ථතවය නියමිත පරිදි සිදු නොවූණහොත් එය ගැබ් ගැනීමක් බවට සැක කරන්නට පූළුවන්. ස්ථිරවම දෑනගැනීමට මූත්‍රා පරීක්ෂාවකින් පූළුවනි. නමූත් අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති විටකදී එය ස්ථිරවම කියන්නට බැහැ. අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන්ගේ මාස 2ඃ 3 පමණ ඇතැම් විට ආර්තවය නතර වී තිබෙනවා. නමූත් ඒ ගැබ් ගැනීමක් නිසාදෑයි එම කාන්තාව පවා දන්නේ නෑ.

ඇතැම් විටෙක දරුවෙකු ලැබී, කිරිදෙන මව්වරුන්ට නැවත ගැබ් ගැනීමක් ගැන දෑනගන්නට හැකියාවක් නෑ. මන්ද ඔවූන්ට ආර්තවය සිදුවන්නේ නැති විටෙක මෙය දෑනගත හැකිවන්නේ මූත්‍රා පරීක්ෂාවකින් පමණයි. ඇතැම් විට මව්වරු මෙය දෑන ගන්නේ බබා කුස තුළ දැඟලීම ආරම්භ කළාටත් පසූවයි.

සාමාන්‍ය ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකට නියමිත දිනයේදී ඔසප් වීම සිදු නොවූණහොත් එයට දින 3 ට පසූ මූත්‍රා පරීක්ෂා කිරීමෙන් ගැබ් ගත් බව දෑනගැනීමට පූළුවන්. මේ පරීක්ෂණය රසායනාගාරයකට ගොස් කරවා ගැනීමටත් පූළුවනි. නැතිනම් ඖෂධ වෙළෙඳ සැල්වල අලෙවියට ඇති ගර්භනී බව පරීක්ෂා කිරීමේ තීරු මගින්ද ඔබට නිවසේදීම මූත්‍රා පරීක්ෂාවක් කරගත හැකියි. එහි තනි නිල් ඉරක් ඇත්නම් ගැබ් ගැනීමක් සිදුවී නෑ. ඉරි දෙකක් ඇත්නම් ගැබ් ගැනීමක් බව තහවූරු කරගන්නට පූළුවන්.

මේ ක්‍රමයෙන් මූත්‍රා පරීක්ෂා කරන්නට දවසේ ඕනෑම වේලාවකදී පූළුවන්. උදේම මූත්‍රා ගැනීම අවශ්‍ය වෙන්නේ නෑ.

මූත්‍රා පරීක්ෂාවකින් නොවූණත් කෑම අරුචිය, වමනය, ඔක්කාරය, පියයූරුවල තද ගතිය, පියයූූරු වේදනාව මගින්ද ගැබ් ගැනීමක් ගැන සැක කරන්නට පූළුවන්. බොහෝ විට මේ අපහසූතා මෝනින් සික්නස් ලෙස ලෙස හඳුන්වනවා. එයට හේතුව බොහෝ දෙනාට මේවා උදේ කාලයේදී ඇති වීමයි. නමූත් දවසේ ඕනෑම වේලාවකදී මේ අපහසූතා ඇති වෙන්නට පූළුවන්.

කලාතුරකින් කෙනෙකුට ආර්ථය සිදුවූවත් ගැබ්ගැනීමක් ඇතිවන්නට පූළුවන්. මූත්‍රා පරීක්ෂාවක් හැරුන විට රුධිර පරීක්ෂාවකින් ද ගර්භනීතාවය දැනගන්නට පූළුවන්. එය ආර්ථවය බලාපොරොත්තු වන දිනයට දින 2 පමණ කලින් දෑනගත හැකියි.

ස්කෑන් පරික්ෂාව තවත් විශ්වාසදායි ක්‍රමයක්. මූල්මාස තුන තුළද කෙරෙන ස්කෑන් පරීක්ෂණ යෝනි මාර්ගය තුළින් සිදු කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබිය හැකියි.

සාමාන්‍ය ලෙස පිටතින් කෙරෙන ස්කෑන් පරික්ෂණ මගින් මූල් මාස තුනේදී නිවැරදි ප්‍රතිඵල ලබාගන්න බැහැ. ඒ නිසා යෝනි මාර්ගය තුළින් කෙරෙන ස්කෑන් පරීක්ෂණය වඩාත් සූදුසූයි. එයින් ආර්තවය සිදුවීමට නියමිත දිනට දින 4 ට පසූ ගැබ් ගැනීම ගැන දෑන ගතහැකියි

ආර්තවය සිදුවීමට නියමිත දිනට සතියකට පසූව බබාගේ හෘද ස්පන්දනය පවා දෑක ගතහැකයි. කළලයට සති 8 ක් කාලයේදී කළලයේ චලනය පවා දෑකගන්නට පූළුවන්. සති 11ඃ 12 වන විට සම්පූර්ණයෙන් වැඩූණූ මිනිස් කළලයක් දකින්නට පූළුවන්. දරුවාගේ ඇඟිලි නාසය පවා හොඳින් වර්ධනය වී ඇති බව එහිදී දැකිය හැකියි.

කුස සිටින දරුවාගේ ශරීරයේ අවයව සියල්ල හැදෙන්නේ මූල්මාස තුන ඇතුළතදියි. මෙය කළල අවස්ථාව ලෙස හැඳින්වෙනවා.

සති 12 ට පසූ අවස්ථාව භ්‍රෑන අවස්ථාව ලෙස හඳුන්වනවා.

වඩාත් සංවේදී පටක සෑදීම සිදුවන්නේ මූල් මාස තුන තුළදීය. ඒ කාලයේදී ඇතිවන නරක උත්තේජනය මගින් කළලයේ විශේෂ දුර්වලතා ඇතිවන්න පූළුවන්.

කළලය හොඳින් ගර්භාෂ බිත්තියට සවිවන්නේ මේ කාලයේදීයි. මවගෙන් හොඳ රුධිර සැපයූමක් ලැබෙන්නෙත් මේ කාලයේදීයි. කළලයේ නිරෝගී වර්ධනයටත් ගර්භනීතාවයේ මනා පැවැත්මටත් මේ කාලයේ සිදුවන සිදුවීම් වඩා වැදගත්.

මේ මාස තුන තුළ සිදුවන බොහොමයක් සිදුවීම් අපට පාලනය කරගත හැකි ඒවායි. සිදුනොවිය යූතු දේ වළක්වා ගැනීමට හැකි තරම් උත්සාහ ගත යූතුය.

මෙසේ සිදු නොවිය යූතු දේ නම්


  1. වෛද්‍ය අනූදෑනූමකින් තොරව ඖෂධ ලබාගැනීම
  2. කළලයට ආසාදන ඇතිවීම
  3. එක්ස්රේ පරීක්ෂණ ආදියට භාජනය වීම
  4. අධික මානසික ව්‍යාකූලතාවලට ලක් වීම
  5. අධික වෙහෙසකර ව්‍යායාම හෝ වැඩකටයූතුවල නිරත වීම
  6. ඇතැම් ආහාරපානවලින් ඇතිවන නරක බලපෑම


ආහාර ගැන කතා කරන විට එහි බලපෑම් ඇතිවන ක්‍රම තිබෙනවා. ඉන් එකක් අසාත්මිකතාවයන් හා විෂවීම් ඇතිවීම. තව එකක් රසායනික ද්‍රව්‍ය ඇතුළත් ආහාර එළවළු පලතුරු වැනි දේ ආහාරයට ගැනිම. ඒ අතර කෘමිනාශක යෙදු ආහාර ප්‍රධානයි. අපිරිසිදු ජලයේ හැදෙන පලාවර්ග ගන්න එපා. කාර්මික පරිසරයක හැදෙන පලාවර්ග පිරිසිදු නෑ. පොළොවේ හැදෙන පලාවර්ග පිරිසිදු බව දන්නවා නම් හැර ගස්වල හැදෙන කතුරුමූරුංගා ආදිය ලබා ගැනීම සූදුසූයි.

ඒ වගේම ඇතැම් අයට ඉස්සෝ කකුළුවෝ දෑල්ලෝ වැනි ආහාර අහිතකරයි. ඉස්සන්ගෙන් විෂබීජ පවා ඇතුළුවන්නට පූළුවන්.

පානවර්ග ගැන කතා කරන විට මධ්‍යසාර හා දුම්පානයෙන් වැළකිය යූතුයි. තමන් දුම්පානය නොකළත් අන් අය දුම්පානය කරන ස්ථානවල පවා නොසිටිය යූතුය. නිවසේ දුම්පානය කරන අය සිටිනවා නම් ඔවූන්වද දැනූවත් කරන්න.

මූල්මාස තුන තුළ කළ යූතු දේ


  • සමබල නිරෝගී ආහාර වේලක් ගන්න. එයට කුඩා මාලු, කිරි වැනි දේ එකතු කරන්න.
  • බොහෝ වේලා නිරාහාරව සිටීමෙන් වළකින්න. නිතර නිතර කුඩා ආහාර ප්‍රමාණයක් ලබාගන්න.
  • කෘත්‍රිම ආහාර, රස කාරක යෙදූ ආහාර ගැනීමෙන් වළකින්න.
  • සාමාන්‍ය ව්‍යායාවල යෙදෙන්න. ඇවිදීම පිහිනීම වැනි ව්‍යායාම සූදුසූයි.
  • ආගමානූකූලව ජීවත් වෙන්න. වැඩෙන කළලය නිරෝගී වීමට ආගමානූකූල පරිසරයක් ඉතාම සූදුසූයි.
  • දරු පිළිසිඳ ගැනීමට පෙර ඔබ ලබාගැනීම ආරම්භ කළ ෆෝලික් අම්ලය පෙති මාස 5 දක්වා දිගටම ගන්න.
  • වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගන්න.
  • විවිධ ආසාදනවලින් ඈත් වෙන්න. නිවසේ එවැනි රෝගීන් සිටිනවා නම් ඔවූන්ගෙන් ඈත් වෙන්න. පැපොල වැනි රෝග ඇතිවීමෙන් වළකින්න.
  • බල්ලන් බළලුන් වැනි සතුන් නිවසේ සිටිනවා ම් මේ සතුන්ගෙන්ද රෝග ඇතිවිය හැකියි. ඒ නිසා එවැනි සතුන්ගෙන්ද ඉවත් වෙන්න.
  • එළවළු, පලතුරු හැර වෙනත් කිසිදු ආහාරයක් අමූවෙන් හෝ අඩක් පිස ආහාරයට ගන්න එපා.
  • අධික වෙහෙස වීමෙන් වළකින්න.


ඇතැම් මව්වරු රැකියාවල නිරතවෙනවා. දරු පිළිසිඳ ගැනීමත් සමග රැකියාවෙන් ඉවත් වීමට අවශ්‍ය යැයි මේ අය කලබල වෙනවා. නමූත් දරු පිළිසිඳ ගැනීමක් කියන්නේ සාමාන්‍ය දෙයක්. එම කාන්තාව නිරෝගී නිසයි දරු පිළිසිඳ ගැනීමකට සූදුසූකම් ලැබූවේ.

නිරෝගී අයට දිනපතා දිවියේ සාමාන්‍ය ක්‍රියාකාරකම්වලින් ඈත් වීම අවශ්‍ය නෑ. බොහෝ දෙනාට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ කාලයේදී ලිංගික කටයූතුවල නිරතවීම සූදුසූද කියන එක. මවට අපහසූතාවයක් නොමැති නම් ලිංගික කටයූතුවල යෙදීමේ වරදක් නෑ.

අධික වෙහෙසට ලක්වීමෙන් හා ලිංගික කටයූතුවලින් ඈත්විය යූතු පිරිසක් ඉන්නවා. ඒ අය තමන්ගේ දරු ගැබ ආරක්ෂා කරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමූ කළයූතුයි.

ආරක්ෂා විය යූතු මව්වරු


  • මූල් කාලයේදී රුධිර වහනයක් සිදුවූ අය
  • පෙර වතාවල ගබ්සාවීම් නැවත නැවත ඇතිවූ අය
  • අඩූ මාසයෙන් දරුවන් බිිහි කළ මව්වරු
  • කලින් වතාවල දරුවන්ගේ වර්ධනය අඩූ මව්වරු






ප්‍රසව හා නාරි රෝග විශේෂඥ
වෛද්‍ය සූනිල් ප්‍රනාන්දු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment