කුරක්කන් හැලප


හොඳට සෝදා පිරිසිදු කර කුරක්කන් ඇට ග්‍රෑම් 400
කුරක්කන් පිටි ග්‍රෑම් 100
රතු කැකුළු හාල් පිටි ග්‍රෑම් 100
පාන් පිටි ග්‍රෑම් 50 ඃ 75
හීනියට ගා ගත් පොල් ග්‍රෑම් 400
සීනි ග්‍රෑම් 100

පොල් ගෙඩියක වතුර කෝප්ප 1

යීස්ටි ග්‍රෑම් 10 ඃ 15

බේකින් පවූඩර් තේ හැඳි 2

පැණි තේ කෝප්ප 1

කුරක්කන් ඇට පැය 3 ඃ 4 පොඟවන්න.

ජලය බේරා මෙය හීනයට කොටන්න . පොල්වතුර දමා කළ හැකිය. යීස්ටි සීනි ස්වල්පයක් දමා යන්තම් උණූ වතුර මේස හැඳි 1/2 දමා ටික වේලාවක් තබන්න. කලවම් කරන්න. හීනියට කොටාගත් කුරක්කන්වලට පිටිද දමා යීස්ටි මිශ්‍රණය එකතු කර භාජනයකට දමා අතින් කලවම් කර පැයක් පමණ තියන්න. අවශ්‍ය නම් පොල් වතුර ටිකක් දමන්න. එය ගුලියක් සේ සකස්කර පිපෙන්න තියන්න. පැණි සහ සීනි පත් පැණි කර පොල් ටික දමා හොඳට කලවම් කර ලිපෙන් ගන්න. මෙය හොඳට නිවූනාට පසූව පිටි මිශ්‍රණයට බේකින් පවූඩර් ද පැණි පොල්ද එකතු කරන්න. (මෙය පැණි පොල් කලින් දවසේ සාදා ගත හැකිය)


ටිකක් වේලා සීතල ගතිය හැරෙන්න තියන්න.

නැවත අතින් හොඳට මිශ්‍ර කර සූදානම් කරගත් කැන්ඳ කොළවලට ප්‍රමාණවත් මිශ්‍රණය දමා තද කර හූමාලයෙන් තම්බා ගන්න.

ස්ටීමර් එකක් හෝ මැටි බඳුනකටද තුනී රෙදි කැබැල්ලක් බැද දර ලිපකද සාදාගත හැකිය.

මෙයද පෙර දවසේ සාදා තබා තම්බාගත හැකියි

අවශ්‍ය නම් කජූද පිටි , හකුරු ද පොල් පැණි සාදා ගැනීමට සූදුසූය.

අලුත් පලතුරුද මේ සමග ආහාරයට සමබර වීමට එකතු කළ හැක.

ඉතාම වැදගත්
අපේ ආහාරවල රසය ඇත්තේ මැටි භාජනවල ඉවීමෙනි.

අලුත් කුළුබඩූ ගෙදරම ඇඹරුම් ගලක හෝ වංගෙඩියක දමා එවේලෙම සාදා ගන්න
දරවලින් පිසීම, ගින්දර ප්‍රමාණයට අඩූ වැඩි කිරීමද ආහාර රසවත් කරයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment