මාලු ඇඹූල් තියල්


අවශ්‍ය ද්‍රව්‍ය

බලයා මාළු ග්‍රෑම් 500

හීනියට අඹරාගත් ගොරකා ගුලියක් (දෙහි ගෙඩියක ප්‍රමාණයක)

හීනියට අඹරාගත් ගම්මිරිස් ගුලියක් (තල ගුලියක ප්‍රමාණයක)

ලුණූ තේ හැඳි 1 1/2

තෙල් මේස හැඳි 2ඃ3

වතුර මේස හැඳි 2ඃ3

සාදන ක්‍රමය

මැටි බඳුනක අඩියට තෙල්වලින් ප්‍රමාණයක් ආලේප කරන්න.

ගොරකා කෑලි 2ඃ3 ක් හෝ දෙහි ටිකක් දමා හොඳට මාලු සෝදාගන්න. (මෙයින් පිළීගඳ ඉවත් වේ.)

ගොරකා, ගම්මිරිස් සහ ලුණූ මාලුවලට හොඳට තවරා ගන්න.

පිසීමට පෙර පදම් වීමට මෙය ස්වල්ප වේලාවක් තියන්න.

තෙල් ආලේප කර භාජනයට මෙය අඩූක්කර ගන්න.

අවශ්‍ය නම් ජලය ස්වල්පයක් එකතු කරගන්න. ඉතිරි තෙල්ද මාලු උඩින් ඉසගන්න.

මෙය මදගින්දරේ තැම්බෙන්න අරින්න.

නිතර නිතර භාජනය සොලවන්න. මාලු අඩිය අල්ලාගන්න

නොදෙන්න. ගින්දර පාලනය අවශ්‍යයි.

අවශ්‍ය නම් මෙය අවසානයේදී අවන් එකකද ග්‍රිල් කර ගත හැකියි.

මාලු 500 පෙති දෙකකට කපා මේ ක්‍රමයට සාදාගත හැකියි.

මෙයද බාගයට තැමූබූනාට පසූව ග්‍රිල් හෝ අවන් එකේ පිසගත හැකිය.

(මෙය මෙසේ සාදාගත් පසූ කල්තබා ගත හැකයි.)



අතුරුපස සඳහා තලගුලි නිවසේදීම සාදාගනිමූ

අවශ්‍ය ද්‍රව්‍ය

තල ග්‍රෑම් 350

සිහින්ව ගා ගත් හකුරු ග්‍රෑම් 150

සීනි ග්‍රෑම් 25

සාදන ක්‍රමය

තල සෝදා අව්වේ වේලා ගන්න. ඔබ හකුරු පෙති ගත්තේ නම් ඒවා සිහින්ව ගා ගන්න. තල වංගෙඩියක දමා කොටාගන්න. ඔබ නගරයේ ජීවත්වෙන කෙනෙක් නම් වංගෙඩියක් නැත්නම් ග්‍රයින්ඩරයක දමා ටික වේලාවක් ග්‍රයින්ඩර් කරගන්න. දෑන් සූරාගත් හකුරු හෝ කුඩා කෑලිවලට කපාගත් හකුරු ද සීනි ද එයට එක්කර කොටා ගන්න. ඔබ ගුලි කළ හැකි පදම එනතෙක් කොටා පිඟානකට තල ඇට ග්‍රෑම් 50 ක් විතර දමා අවශ්‍ය ප්‍රමාණයට ගුලිකර ගන්න.

මෙම ගුලි පිඟාන මතුපිට දෑමූ තලවල තවරා ගන්න. වඩාත් සූදුසූ භාජනයක දමා පිළිගන්වන්න.



මාලු කිරිට

අවශ්‍ය ද්‍රව්‍ය

මාලු ග්‍රෑම් 500 (සූදු පැහැති මාළු)

අමූමිරිස් කරල් 2ඃ3

සෝදා හීනයට කපාගත් ලුණූ ග්‍රෑම් 100

සෝදා හීනියට කපාගත් සූදුළුෑනූ බික් 2ඃ3

කහකුඩූ තේ හැඳි 1

කරපිංචා ඉති 1ඃ2

රම්පෙ කැබලි 1

උළුහාල් තේ හැඳි 1 හෝ 1 1/2

කපාගත් තක්කාලි ගෙඩි 1

ලුණූ තේ හැඳි 1

දෙහි ඇඹූල් තේ හැඳි 1 1/2

මිටිකිරි හා දියකිරි කෝප්ප 2 ඃ2 1/2

සාදන ක්‍රමය

මාලු කෑලි 8ක් විතර කපා දෙහි යූෂ/ගොරක කෑල්ලක් දමා හොඳට සෝදා ගන්න.

උළුහාල් ඇට 1/4 පමණ පොඟවා ගන්න.

මාලු හැර අනිත් ද්‍රව්‍ය භාජනයකට දමා දෙවැනි තුන්වැනි කිරි සමඟ කලවම් කර උතුරවා ගන්න. මෙය කැටි නොගසවා ගැනීමට නිතර නිතර හැඳි ගාන්න.

මාලු මේ මිශ්‍රණයට දමා මද ගින්දරේ පිසගන්න.

මිටිකිරි දෑන් එයට එකතු කර කැටි නොගැසෙන සේ උණූකර ලිපෙන් බා ගන්න.

ලුණූ ඇඹූල් නැවත බලන්න. දෙහි ඇඹූල් ලිපෙන් බා දමන්න.

(කැටි ගැසෙන නිසා)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment