ගැඹූරු තෙලේ බැදගත් හැඩැල්ලෝ සහ කතුරුමූරුංගා කොළ බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

හැඩැල්ලෝ ග්‍රෑම් 500

දෙහි ඇඹූල් හෝ විනාකිරි මේස හැඳි 1

ඝන කෑලිවලට කුඩූකර ගම්මිරිස් තේ හැඳි 1

සිහින්ව අඹරාගත් සූදුළුෑනූ

අමූ ඉඟුරු තේ හැඳි 1/2

පාන්පිටි තේ කේප්ප 1 1/2

පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට

බැද ගැනීම සඳහා වියළි මිරිස් කරල් කිහිපයක්

සාදන ක්‍රමය

හැඩැල්ලෝ හොඳින් සෝදාගන්න. හිස සහ බඩවැල් ඉවත් කරන්න. හැඩැල්ලන් පිඟන් මැටි භාජනයකට දමා පිටි හැර අනෙක් කුලුබඩූ දමා කලවම් කර විනාඩි 5 ක් 10 ක් තිබෙන්නට හරින්න. හැඩැල්ලාගේ මැද කටූව ඉවත් කරන්න. (මෙය කපන ලෑල්ල මත තබා අතේ ඇඟිලි දෙකකින් තද කිරීමෙන් මැද කටූව පහසූවෙන් ගලවා ගත හැකිය) හලාගත් පිටි පිඟානකට දමා හැඩැල්ලන් කලවම් කර ගන්න. ඉන්පසූ හැඩැල්ලන් ගැඹූරු තෙලේ රන්වන් පැහැවන තෙක් බැඳගන්න. තෙල් ඉවත් වෙන්නට තෙල් උරාගන්නා කඩදාසියක තබන්න.

කොළ බැදීම

කතුරුමූරුංගා හෝ මූකුණූවැන්නා කොළ ගෙන හොඳින් පිරිසිදු කරගන්න. ඔබ තෝරාගත් පලා කොළ වර්ගය කොළ ඉති පිටින් සෝදා වතුර බේරෙන්නට හරින්න. පිරිසිදු රෙදි කැබැල්ලක් උඩ තබා වතුර හොඳට තෙතමාත්තු කරගන්න.

තාච්චූවට තෙල් දමා රත් වූ විට මෙම ඉති ස්වල්පය බැගින් දමා ඉක්මනින් එයින් ඉවත් කර තෙල් බේරෙන්නට කඩදාසියක් මත තබන්න. කෑමට පෙර මෙයට ලුණූ කුඩූ සහ බැදපූ මිරිස් කරල් දීසියකට දමා කොළ උඩින් හැඩැල්ලන් දමා මේසයට යවන්න.



යෝගටි සහ මීකිරිවලින් අලූත් පූඩිමක්

මීකිරි යෝගටි පූඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

ජෙලටින් ග්‍රෑම් 10ඃ15

දෙහි හෝ නාරං ගෙඩියක යූෂ

වැල් දොඩම් ගෙඩි 2 (ඇට සමඟ වතුර තේ කෝප්ප 1/2 කට කලවම් කරගන්න)

සීනි ග්‍රෑම් 150

යෝගටි කෝප්ප 2

කහපාට කලරින් තේ හැන්දක්

වැනිලා තේ හැඳි 2

මාරි බිස්කටි පැකටි 1 (මේවා සිහින්ව කුඩූකර ගන්න)

මාගරින් හෝ බටර් මේස හැඳි 2

සිහින්ව කපාගත් කජූ මද 20

වියළි මිදි ග්‍රෑම් 50

අලංකාර කර ගැනීම සඳහා චෙරිස් දෙකක් සහ කලුපාට අලුත් මිදි ගෙඩි 5 ක් පමණ

මූදවාපූ මී කිරි මේස හැඳි 4

ගා ගත් හකුරු

සාදන ක්‍රමය

ජෙලටින් ටික උණූවතුරේ දිය කරගන්න. ඇති පදමට සීනි එකතු කරන්න. නිවූනාට පසූ තරමක් ඝන වනතෙක් ශීතකරණයේ තබන්න. ඝන වූ මිශ්‍රණය ගෙන දෙහි හෝ නාරං ගෙඩියක යූෂ එක්කර නැවත බීටි කරගන්න. පසූව ඇට සමඟ වතුර තේ කෝප්ප 1/2 කලවම් කළ වැල්දොඩම් ගෙඩි දෙකේ යූෂ එයට දමන්න.

යෝගටි කෝප්ප දෙක සහ මී කිරි භාජනයකට දමා ගෑරුප්පූවකින් ගසා ගන්න. මූලින් සකස් කළ මිශ්‍රණයට යෝගටි මිශ්‍රණ්‍යද එකතු කරන්න. සීනි මදි නම් රස දෑනෙන ලෙස සීනි එකතු කරගන්න. මෙයටම වැනිලා තේ හැඳි දෙකක් සහ කහපාට කලරින් එකතු කරන්න. ගෑරුප්පූවකින් හෝ අතේ බීටරයකින් කලවම් කරගන්න.

කුඩූ කරගත් මාරි බිස්කටි භාජනයකට දමා බටර් ග්‍රෑම් 50 ක් හෝ මේස හැඳි 2 ක් සීනි ග්‍රෑම් 100 ක් දමා කලවම් කරගන්න. වීදුරු භාජනයක මාගරින් ස්වල්පයක් ආලේප කර ගන්න. සාදාගත් මාරි බිස්කටි මිශ්‍රණය භාජනයේ හැටියට අතින් තද කරමින් ගන්න. මෙය තෙල් කඩදාසියකින් වසා ශීතකරණයේ තබන්න. (මෙය කලින් දවසේ වූවත් සාදාගත හැකිය. මාරි බිස්කටි පැකටි එක ලෑල්ලක් උඩ තබා බෝතලයකින් හෝ රෝලර් පින් එකකින් සිහින්ව කුඩූ කරගන්න)

මෙසේ සාදාගත් මාරි බිස්කටි භාජනයට මී කිරි සහ ජෙලටින් මිශ්‍රණය එකතු කරගන්න. ටිකක් තිබෙන්නට හැර කපාගත් කජූ, වියළි මූද්දරප්පලම් උඩින් ඉස ගන්න.

සංග්‍රහ කිරීමට පෙර ගාගත් හකුරු කුඩූ දමා මිදි, චෙරිවලින් අලංකාර කර පිළිගන්වන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment