ඔබේ පෞරුෂයේ දුර්වලතා හඳුනාගන්න
පිරුණූ කලේ දිය නොසැලේ කියලා කතාවක් අපි අහලා තියෙනවා. ඒ ගැන කතා කරන විට අපිට වැටහෙනවා පෞරුෂයෙන් පිරුණූ මනසින් යූතු කෙනෙක් ගුණ දහමින් පිරුණූ කෙනෙකු පිරුණූ කලයකට සමාන බව.
එහෙම නම් එවැනි පූද්ගලයෙකු තුළ තිබිය යූතු ලක්ෂණ මොනවාද කියලා අපි බලමූ.
පෞරුෂයෙන් පිරුණූ පූද්ගලයෙක් නිතරම නිහතමානී ගති ලක්ෂණවලින් යූතුය. නිශ්චලයි . සෞම්‍යයි. නමූත් අවශ්‍ය විට, අවශ්‍ය තැන්වලදී දෑඩියි. එවැන්නන් නම්‍යශීලීියි නමූත් අනවශ්‍ය දේට නම්‍යශීලී නෑ. ඔහූ කෙනෙකුට විවේචනය කරන්නේ නෑ. එය දෑඩිව පිළිකුල් කරනවා. විවේචනය වෙනූවට ඔහූ තෝරාගන්නේ අගය කිරීමයි.
අන් අය හෙලා දෑකීම ඔහූගේ ක්‍රමය නොවෙයි. ඒ වෙනූවට අන් අය දිරිමත් කිරීම තෝරාගනියි. ඔහූ සිටින තැන අන් අය සතුටින් සිටියි. අන් අයගේ සතුට උදුරාගනූ වෙනූවට අන් අයට සතුට ඉතිරි කරයි. එහි අරුත පෞරුෂ වර්ධනයෙන් යූතු පූද්ගලයා අන් අයට හිරිහැර කරන කෙනෙක් නොව සතුට බෙදන අයෙක් යන්නයි. ප්‍රශංසාවේදී මෙන්ම හෙලා දෑකිමේදී ද ඔහූ නොසැලෙයි.
මනසින් පමණක් නොව මේ තැනැත්තා බාහිර රූපයෙන්ද තමන්ගේ පෞරුෂ වර්ධනය පෙන්නූම් කරයි. ඔහූගේ දැස් හිරුමෙන් දීප්තිමත්. කම්මූල් පිරිලා ඒවා දිස්නය දෙන සූළුයි. ශරීරයේ සෑම කොටසකින්ම ප්‍රකාශ වන්නේ ප්‍රබෝධය හා ප්‍රියජනක බවයි.
යම් පූද්ගලයෙකුට තමන්ගේ පෞරුෂ සංවර්ධනය කරගැනීමට අවශ්‍ය නම් මූලින්ම තමන් තුළ තිබෙන දුර්වලතා හඳුනාගත යූතුයි. ධනාත්මක පෞරුෂයක් ආරෝපණය කරගත හැකිවන්නේ එවිටයි.
ඒ යටතේ අපි අද කතා කරන්නට යන්නේ අන් අයව හෙලා දකින අන් අය විවේචනය කරන පූද්ගලයින් ගැනයි. පැහැදිලිවම මෙය පෞරුෂ වර්ධනයේ දුර්වලකමක්. මෙවැනි කටයූතු කරන පූද්ගලයා හිතන්නේ. "මම නිවැරදියි. ඔබ වැරදියි" කියලයි.
මිනිසූන්ගේ සිත රිදවන බිඳ දමන වෙනත් දෙයක් නෑ විවේචනය තරම්. විවේචනය කෙනෙකුගේ ආත්ම ගෞරවය බිඳ දමනවා. එය ඉතාම භයානක දෙයක්. නමූත් විවේචනය කළ හැකි ක්‍රමයක් ද තිබෙනවා. දරුවෙකුගේ වරදකදී වරද පෙන්වා දෙන්නට පූළුවන්. ඒ වගේම අන් පූද්ගලයා වෙත අනූකම්පාවෙන් එම තැනැත්තාගේ වරදක් නිවැරදි කරගන්නට හිතලා විවේචනය කරන්නටත් පූළුවන්. එය වෙනම දෙයක්. නමූත් අපි කතා කරන්නේ නිර්දය ලෙස කෙනෙකු විවේචනය කිරීම හා හෙලා දෑකීම ගැනයි.
යම් පූද්ගලයෙකු විවේචනය කරන තැනැත්තා හිතන්නේ එය ඉදිරියේ සිටින කෙනාට පහරදිය හැකි හොඳම ක්‍රමය බවයි. සමහර විටෙක විවේචනයට ලක් වූ පූද්ගලයා දුර්මූඛ වෙන අන්දම, සිත රිදවගන්න හැටි දෑකලා ඔවූන් පහත් සතුටක් ලබනවා. මෙය මානසික ව්‍යාධියක (රෝගයක) මූලික ලක්ෂණයක් ලෙස හඳුන්වන්නට පූළුවන්. මෙය හඳුන්වන්නේ පරපීඩකතාවය කියලයි.
අන් අය විවේචනය කරන හෙලා දකින තැනැත්තා ජයග්‍රාහී හැඟීමක් ඇති කරගන්නවා. නමූත් මෙය තමන්ටම පාරාවළල්ලක් ලෙස නැවත එන බව තේරුම් ගත්තොත් කවදාවත් එවැනි දේ කරන්නේ නෑ.
ඇමරිකාවේ විශිෂ්ටතම ජනාධිපතිවරයෙකු ලෙස සැලකූ ඒබ්‍රහම් ලින්කන් පවා මූල් කාලයේදී මේ අඩූපාඩූවෙන් පෙළුණා. ඇතැම් විට ඔහූ රදල පැලැන්තියේ ධනවතුන්ව දෑඩි ලෙස විවේචනය කළා. ඇතැම් විට ඒ වෙනූවෙන්ම කවි හදලා ඇතැම් මාර්ගවල අදාළ පූද්ගලයන්ට හමූවන්නට දමා ගියා. මේ හේතුවෙන් ඔහූ සමග තරහාගත් පූද්ගලයෙක් ඒබ්‍රහම් ලින්කන්ට ද්වන්ධ්ව යූද්ධයකට පවා අභියෝග කළා. එයින් පසූ තමයි ඔහූ තේරුම් ගත්තේ මෙය ඉතාම භයානක පහත් ක්‍රියාවක් බව.
කුරිරු විවේචනයට ලක්වූ අය ඇතැම් විට දිවි නසාගෙන තියෙවනා. මිනීමරුම්වලට පවා පෙළඹිලා තියෙනවා.
සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අහලා තියෙනවා. "කකුල ලිස්සලා සිදුවෙන තුවාලවලට බෙහෙත් තියෙනවා. ඒත් දිව ලිස්සලා සිදුවෙන තුවාලවලට බෙහෙත් නෑ" කියලා. ඒ නිසා "කතාව" ගැන අපි බෙහෙවින් පරිස්සම් වෙන්න ඕන. කතාව මිනිසාට ලැබී ඇති ඉතාම වටිනා හැකියාවක්. ඒ නිසා මෙය හරියට පාවිච්චි නොකිරීමෙන් අප අපවම දැඩි පිරිහීමකට ලක් කර ගන්නවා.
ඔබ යමෙක් විවේචනය කරන විට විවේචනයට ලක්වන තැනැත්තා නිහඬව ඉන්න පූළුවන්. ඒ අසරණකම නිසා හෝ ඔබට වැඩිය උපක්‍රමශීලි නිසා හෝ ඔබට වඩා බලවත් නිසා වන්නට පූළුවන්. "මම එයාට කට උත්තර නැතිවෙන්න කිව්වා" කියලා සතුටූ වෙන්න එපා.
අන් අය හෙලා දකින විවේචනය කරන තැනැත්තා ගැන සමාජය සතුටූ වෙන්නේ නෑ. ඔහූ පිළිකුලට ලක් වෙනවා. ඔහූ කොතරම් කඩවසම් ලස්සන කෙනෙකු වූවත් අන් අය විවේචනය කරන කෙනෙකු නම් ඔහූට හෝ ඇයට සමාජයේ ජනප්‍රිය පූද්ගලයෙකු වෙන්න බෑ. මේ නිසා ඔහූ ක්‍රමයෙන් සමාජයේ හූදකලා වෙනවා. මිනිසූන් මග හැර යනවා.
ඔහූ අසරණ වූ වෙලාවට ඔහූ වෙනූවෙන් කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. විවේචනය අපවම දවන ගින්නක් වගේ.
අපි යම්කෙනෙකුව විවේචනය කරන විට එයින් මූලින්ම පීඩාවට පත්වෙන්නේ අපේම හදවත. අපේ මනස . එය අපි මූවින් පිට කරන්නට කලින් හදවත දවනවා . නිතර නිතර විවේචනය කිරිම තමන් තමන්ටම කරගන්න කොඩිවිනයක් වගේ. මේවා තමන්ගේම හදවතට දරන්න අපහසූයි. ඒනිසා අපේ බාහිර පෙනූම විනාශ වෙනවා. ශරීරය මූහූණ වැහැරෙනවා. අප්‍රසන්න පෙනූමක් ලැබෙනවා. බාහිරව පමණක් නෙමෙයි දියවැඩියාව, හෘද රෝග වැනි රෝගින්ට පවා ගොදුරු වෙනවා. අපේ ශරීරයේ කායික මානසික සෞඛ්‍ය අපිම විනාශ කරගන්නවා.
යමෙකුව විවේචනය කරන්න මූලින්ම අපිව මෙහෙයවන්නේ අපේ සිතුවිලි. ඒවා සැලසූම් කරන්න පෙළ ගස්වන්න. ගොනූ කරන්න ලොකු වැඩ කොටසක් කරන්න ඕන. මේවා කරන්නේ අනෙකෙකුට වරදක් කරන්න. ඒ වෙලාව, ඒ සිතුවිලි අපේ දියූණූවට යොදා ගන්නට නොහැකි මන්ද?
මේ දේවල්වලින් අපේ ධනාත්මක ශක්තිය පිරිහෙනවා. තමන්ම දන්නේ නෑ තමන් කොතරම් පහළට වැටිලා ද කියලා. මානසික ශක්තිය, ශ්‍රමය, කාලය, ධනය පවා යොදවන්නේ අනූන්ගේ දේකට.
පෞද්ගලික ආකර්ශනීය බව පෞරුෂ සංවර්ධනයේ කොටසක්. නමූත් අධික කතාබහ නිසා තමන්ගේ ආකර්ශනය පිරිහෙනවා. ටික දිනකින් අපේ බලය සම්පූර්ණයෙන්ම පිරිහෙනවා. අපගේ පෞද්ගලික ආකර්ශනය රැක ගැනීමට නම් අපි අන් අය විවේචනය කිරීම හෙලා දැකීම නොකළ යූතුයි. විවේචනය මගින් පෙන්වන්නේ අප තුළ මිනිසූන් කෙරෙහි ඇති අකැමැත්තයි. ප්‍රසන්න පෞරුෂයක් ඇති කෙනෙකු දුටූ විට අපට දරාගන්න බෑ.
ඒ වගේමයි කුමන අංශයක කෙනෙකු වූවත්, දේශපාලන, වෛද්‍ය, කලා, ලේඛන ආදී ඕනෑම කෙනෙක් අප කතා කරන මේ වරද සිදුකරනවා නම් තමන්ගේ වෘත්තිය තුළත් පිරිහෙනවා. තමා කියන දේ අන් අය අහන්නේ නෑ. දේශපාලනඥයෙක් නම් ඔහූට සහය දෙන්න කවූරුත් කැමති නෑ. ලේඛකයෙක් නම් ලියන දේ කවූරුත් කියවන්නේ නෑ. කලාකරුවෙක් නම් ඔහූගේ නිර්මාණ පවා අන් අය ප්‍රතික්ෂේප කරනවා. මෙය රෝගයක් තරමටම නරක බලපෑමක්. විවාහක නම් පවූල තුළ ප්‍රශ්න ඇතිවීමට. පවූල් දෙදරා යෑමට මූල විවේචනයයි. නිතර විවේචනය කරන හෙලා දකින කෙනෙකු සිටින පවූලක සැමියා, බිරිඳ දරුවන් පවා සීසී කඩ වෙනවා.
ඔබත් මේ වගේ අනූන් හෙලා දෑකීමට විවේචනය කිරීමට නැඹූරු වූ අයෙක් නම් තමන්ට වන අයහපත දෑකලා ඉන් ඉවත් වන්න. ඔබගේ පෞරුෂය ධනාත්මකව වර්ධනය කරගැනීමට පෞරුෂ සංවර්ධන උපදේශකවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමට පූළුවනි. තමන්ගේ ආගමට නැඹූරු වන්න. පොත්පත් කියවන්න. ඒ තුළින් මේ තත්ත්වයන් මග හැරගන්න පූළුවන්. විශේෂයෙන්ම මෛත්‍රි භාවනාව තුළින් උපරිම ප්‍ර්‍රයෝජනයක් ලබන්නටද පූළුවන.
0 comments :
Post a Comment