ඔබත් හිසරුදාවෙන් පීඩා විඳිනවාද ?

හිසරුදාව මේ නම ඇසීමත් එක්තරා ආකාරයක හිසරුදාවක් යැයි පැවසීම අතිශෝක්තියක් නොවෙයි. ඒ තරමට හිසරුදාවෙන් පීඩා විඳින්නන් බහූලයි. වෛද්‍යවරුන් වෙත දිනකට විශාල රෝගීන් සංඛ්‍යාවක් හිසරුදාව සඳහා ප්‍රතිකාර පතා පැමිණීමෙන් ඒ බව වඩ වඩාත් තහවූරු වේ.



බොහෝ විට හිසරුදාවට මූලික වන්නේ මොළයේ ඇති රුධිර වාහනියක හෝ ස්නායූවලට යම් බලපෑමක් ඇතිවීම හෝ රසායනික ද්‍රව්‍යවල බලපෑමයි.

ඒ කෙසේ වූවත් හිසරුදාව පිළිබඳ කතාබහ කිරීමේදී එය කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකියි.

යම් කිසි අයකුට හදිසියේ ඇතිවන හිසරුදාව හා කාලාන්තරයක් තිස්සේ පවතින හිසරුදාව ඒ කොටස් දෙකයි.

දිගින් දිගටම වැළඳෙන හිසරුදාවක් ඇත්නම් ඒ පිළිබඳ සිත සිතා නොසිට වහාම නිසි වෛද්‍යවරයෙකු වෙත යොමූ වෙන්න. හදිසි හිසේ කැක්කුමක් ඇති වූවහොත් වහාම ප්‍රතිකාර පතන්න නොසැලකිලිමත්ව ක්‍රියා කළහොත් රෝගියා එම වේදනාකාරී හිසරුදාව නිසා මිය යන්නට වූව පූළුවන්.

වෛද්‍යවරයා වෙත යොමූ වූ විට ඔබට හිසරුදාවත් සමග ඇතිවන වේදනාකාරී අත්දෑකීම්, ලක්ෂණ අදාල වෛද්‍යවරයාට පවසන්න.

උදාහරණයක් තුලින් මෙය වඩාත් පැහැදිලි කළහොත් මොළයේ ඇතිවන හදිසි ලේ ගැලීමක් ඇතිවන අවස්ථාවක ඇතිවන හිසරුදාව. මෙයට බොහෝ විට සී ටී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර තත්ත්වය නිරීක්ෂණය කොට නිසි ප්‍රතිකාර ක්ෂණිකව ලබාදිය යූතුය.

හදිසියේ ඇතිවන හිසරුදාව ඇතිවීමේදී මේ කරුණූ පිළිබඳ අවධානය යොමූ කළ යූතුය.

වයස අවූරුදු පනහට වැඩි අයකු වීම ..

උණ පවතී දැයි දැනගැනීම.

හිදිසි අනතුරක් ඇතිවීමත් සමග හිසරුදාව ඇතිවීම

ඇස් පෙනීමේ වෙනසක් ඇද්දැයි දැනගැනීම

අධික රුධිර පීඩනයෙන් පෙළේද යන්න දැනගැනීම

රෝගී තත්ත්වයකට ඖෂධ ලබාගත් පසූ මෙම හිසරුදා තත්ත්වය ඇතිවීද යන්නද විමසා බැලීම අතිශයින්ම වැදගත්ය.

ස්නායූ ආබාධිත තත්ත්වයෙන් පෙලෙන අය (සිහිමද ගතියකින් පෙලේද ් අත්පා වල ඇති සංවේදිතාවෙහි වෙනසක් ඇද්දැයි දැන ගැනීමද මෙහි දී අතිශයින්ම වැදගත්ය.

ස්නායූවල ආබාධිත තත්ත්වයන් ඇස්වල ඇතුළත ඇතිවෙන වෙනස්කම් නිසාද අත්පාවල ඇති ස්නායූවල ආබාධිත තත්ත්වයන් නිසාද හිසරුදාව ඇති වේ.

මේ නිසා මීට කලින් හිසරුදාවක් වැළඳී නැති කෙනෙකුට හදිසියේ හිසරුදාවක් ඇති වූවහොත් වහාම නිසි වෛද්‍යවරයෙකු වෙත යොමූවිය යූතුය.

කාලාන්තරයක් පවතින හිසරුදාවට  හේතු රැසක් බලපානවා. මිග්රේන් ආතතිය මීට අමතරව දිගු කලක් හිසරුදාව තිබීමට හේතුව සමහර විට මොළයේ ඇතුළත ගෙඩියක් හෝ සැරව ගෙඩියක් වැනි ආසාදිත තත්ත්වයක් විය හැකියි. එමෙන්ම ඇස්වල ඇතුළත ඇතිවූණ ආබාධිත තත්ත්වයක් ද විය හැකියි.

හිසරුදාවට හේතුව හිසේ වායූ කුහරවල ආසාදිත තත්ත්වයක් හෝ අධික රුධිර පීඩනය වැනි තත්ත්වයක් බල පෑ හැකියි. එසේ නොමැතිනම් බෙල්ලේ කෂේරුකාවල ඇතිවන ආබාධිත තත්ත්වයක් විය හැකියි. එසේ නැතිනම් ශරීරයේ පවතින වෙනත් රෝගී තත්තවයක අතුරු ඵලයක් ලෙස හිසරුදාව ඇතිවීමට ඉඩ කඩ ඇත.

ඒ අනූව හිසරුදාවක් ඇති වූ වහාම ඊට ප්‍රතිකාර පැතිය යූතුය. විශේෂයෙන් වේදනා නාශක පෙත්තක් වරක් දෙවරක් ගෙන ඊට ප්‍රතිචාරයක් නොදෑක්වූවහොත් වහාම නිසි වෛද්‍ය වරයෙකු වෙත යොමූවිය යූතු බව යළිත් අවධාරණය කළ යූතුය.

මිග්රේන් යනූ හිසේ ඇති රුධිර වාහිනිවල ඇතිවන සංකෝචනය හා ප්‍රසාරණය නිසා ඇතිවෙන රෝගී තත්ත්වයකි.

හිසරුදාව සමග ආහාර අරුචිය වමනය යෑම, ඇස් පෙනීමේ දුර්වලතාවයක්ද මිග්රේන් හි ලක්ෂණ ලෙස දැක්විය හැකිය.ි

මෙම හිසරුදාව නිටිටාවට සූව කළ නොහැකියි. එහෙත් ඖෂධ ගැනීමෙන් රෝගය පාලනය කළ හැකියි.

වැඩිහිටියන් අතර කඛඹඔෑසෘ ්‍යෑ්ෘ්ක්‍යෑ බහූලව දැකිය හැකි තත්ත්වයකි. මෙය ඇතිවූ විට රෝගියා නින්දෙන් අවදි වෙයි. ඇතැම් අයට මේ හිසරුදාව සමග ඇසෙන් කඳුළු ගලන තත්ත්වයක් පවා ඇතිවෙනවා.

ආතතිය නිසා ඇතිවන හිසරුදාව

මෙයද බහූලව දැකිය හැකි හිසරුදාවකි. මෙහිදී දැකිය හැකි සූලබ ලක්ෂණය වන්නේ හිසෙහි පිටූපස පීඩනයක් වන ආකාරයට වේදනාව දෑනීමයි. යම් කිසි හේතුවක් නිසා ඇතිවන මානසික පීඩනයක් හෝ වැඩිපූර මහන්සි වූ විට මෙම තත්ත්වයක් ඇතිවෙනවා.ඇතැම් රෝගීන් ෘෑඡසෘෑීීෂධභ වැනි තත්ත්වයටද පත් වේ.

මේ නිසා මෙම තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී මානසික ඒකග්‍රතාවයක් ඇතිකිරීමටද වෛද්‍යවරු කටයූතු කරනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment