ගෙඩි පොලොස් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

මාළුවට සූදුසූ පොලොස් ගෙඩි 1

ගොරක කෑලි 3 ඃ 4

බැද කුඩූ කරගත් මිරිස් කුඩූ මේස හැඳි 4

හීනියට කපාගත් ළුෑනූ ගෙඩි 1

බැද කුඩූ කරගත් තුනපහ කුඩූ මේස හැඳි 2

ලුණූ කුඩූ ස්වල්පයක්

කරාබූ නැටි

එනසාල්

කුරුඳු පොතු

රම්පෙ, කරපිංචා, සූදුළුෑනූ බික් 4 ඃ 5ක්

ඉඟුරු ස්වල්පයක්

බැද කුඩූ කරගත් මාදුරු තේ හැඳි 2 ක්

ඉරටූ, දෑහිටි කූරු හෝ බාබකියූ කූරු

තෙල් මේස හැඳි 2

පොල් කිරි කෝප්ප (දිය කිරි) 2 යි

මිටිකිරි කෝප්ප 1

සාදන ක්‍රමය

පොලොස් ගෙඩිය සෝදා හරහට දෙකට කපා මැටි බඳුනක දමා ගොරකා හෝ සියඹලා දමා වහල්ල හොඳට තැම්බෙන ලෙස තම්බා ගන්න. හොඳින් තැම්බීම සඳහා එහාට මෙහාට පෙරලන්න. දර ලිපක් නම් ඉතාමත් සූදුසූය. නැතිනම් ෆෙෂර් කුකර් එකක් සූදුසූය.

දෙවනූව අඟල් 1/8 ක රවූම් පෙතිවලට කපාගන්න. (තුඩක් ඇති පිහියකින් අන්නාසි ගෙඩියේ පෙති කපන ආකාරයට) පොත්ත ඉවත් කරන්න. (මෙය රවූමට කැපිය යූතුය.) ලුණ, ගොරකා, බැදගත් මිරිස් කුඩූ,තුනපහ කුඩූ දමා සියඹලා දමා භාජනයක පැය කාලක් විතර තබා ගන්න. දැන් දෑහැටි කූරු හෝ ඉරටූ හෝ බාබකියූ කූරු ගෙන කපාගත් පොලොස් රවූම් ගෙඩිය හැඩයට සවි කරගන්න. මැටි භාජනයක දමා තෙල් ටික රත්වෙන්නට හැර එයට ළුෑණූ, සූදුළුෑනූ, රම්පෙ, කරපිංචා දමා ටිකක් බදින්න. මෙයට සකස් කරගත් පොලොස් ගෙඩියද දමා එහාට මෙහාට පෙරලා පදම එන තෙක් තම්බාගන්න. දෑන් දියකිරි එකතු කර භාජනය වසා මද වේලාවක් තැම්බෙන්නට හැර මිටිකිරි ද එකතු කරන්න. පොලොස් මාළුවේ සැර මදි නම් බැදගත් මිරිස් කුඩූ ටිකක්ද එක්කළ හැකිය. සූදුසූ භාජනයක දමා හැඩගන්වා මේසය වෙත යවන්න.



අමූ අඹ බීම

අවශ්‍ය ද්‍රව්‍ය

කොළ පාට හොඳින් පැසූණූ අඹ ගෙඩි 4ඃ5

ලෙමන් ගෙඩියක හෝ නාරං ගෙඩි 2ඃ3 යූෂ

සීනි ග්‍රෑම් 250

වතුර අවශ්‍ය ප්‍රමාණයට

සැරසීමට මිංචි ඉති කිහිපයක්

කහපාට කලරින් ස්වල්පයක්

ලුණූ අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

අමූ අඹ ගෙඩි සෝදා පොතු ඇර සිහින් තීරුවලට කපා ගන්න. කපාගත් අඹ නැවත සෝදන්න. අඹ කැබලි භාජනයකට දමා වතුර කෝප්ප 2 ක් එයට වක්කර මද වේලාවක් ලිපේ තබන්න. ඉන්පසූ මෙයට සීනි ප්‍රමාණයක් එකතු කරන්න. ලිපෙන් බා වතුර එකතු කර නිවෙන්නට තබන්න. සාදාගත් මිශ්‍රණය බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසූ භාජනයකට දමා ලෙමන් හෝ නාරං යූෂ සහ ලුණූ අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මෙයට සීනි ද එකතු කර ශීතකරණයේ තබන්න. වීදුරුවලට දමා මිංචි අතු කිහිපයකින් සරසා අමූත්තන්ට පිළිගන්වන්න. (ඉඳුණූ අඹ ගන්නේ නම් තම්බා ගැනීමක් අවශ්‍ය නැත)



කලු බෝංචි සහ කව්පි ඇට සලාදය

(විනිග්‍රටි සෝස් හෝ යෝගටි සෝස් සමඟ)

අවශ්‍ය ද්‍රව්‍ය

කලු බෝංචි ඇට ග්‍රෑම් 200

කව්පි ඇට ග්‍රෑම් 150

කැරටි අල 02

තක්කාලි ගෙඩි 02

පිපිඤ්ඤා ගෙඩි 01 හෝ ගර්කින්ස් ගෙඩි 02

සැල්දිරි දඬූ සහිත ඉති 02

පාර්ස්ලි කොළ ස්වල්පයක්

මාලු මිරිස් කරල් 2

පිරිසිදු කර වතුර බේරාගත් සලාද කොළ කිහිපයක්

ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

බෝංචි ඇට සහ කව්පි ඇට හොඳින් සෝදා භාජනයක දමා පැය හතරක් පහක් පොඟවා ගන්න. (පෙර දින රාත්‍රියේ සිට පසූදා උදැසන තෙක් වතුරේ පොඟවා ගන්නට හැකි නම් වඩාත් හොඳයි)

ඉන්පසූ වතුර පෙරා හොඳින් සෝදා ගන්න. සූදුසූ භාජනයක දමා පදමට වතුර දමා තම්බා ගන්න.

බෝංචි ඇට සහ කව්පි ඇට හොඳින් තැම්බූ පසූව වතුර ඉවත් කර පෙරා ගන්න. වෙනත් භාජනයක තබා පසෙකින් තබන්න.

ඉන්පසූව කැරටි අල දෙක ගෙන පොතු හැර අඟලක් දිග කුටිටිවලට කපා සිහින් තීරු ආකාරයට කපා ගන්න. (මෙම ක්‍රමයට ජූලියන් ලෙස කියයි)

ගර්කින් ගෙඩි හෝ පිපිඤ්ඤා ගෙඩියක් නම් පොතු හැර සිහින් පෙති කපා ගන්න.

මාලු මිරිස් කරල් දෙක ද සෝදා ඇට ඉවත් කර සිහින්ව කපා ගන්න. මෙයටම ඔබට අවශ්‍ය නම් අමූමිරිස් කරල් කිහිපයක් ද සිහින්ව කපා මෙයට එකතු කළ හැකියි.

සැල්දිරි සිහින්ව කපා වෙනම තබා ගන්න.

සූදානම් කළ සියල්ල භාජනයක වෙන් වෙන්ව දමා ශීතකරණයේ ටික වේලාවක් තබන්න.

විනිග්‍රේටි සෝස් සෑදීම

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් තෙල් හෝ කෝන් තෙල් මේස හැඳි 02 හෝ 03 ක්

සූදුළුෑනූ බික් 4ඃ5

විනාකිරි හෝ දෙහි ඇඹූල් යූෂ

ලුණූ තේ හැඳි 1 හෝ අවශ්‍ය ප්‍රමාණයට

සීනි තේ හැඳි 2

සාදන ක්‍රමය

විනාකිරි, තෙල්, සීනි, ලුණූ, සූදුළුෑනූ පිරිසිදු ජෑම් බෝතලයකට දමන්න. පියන හොඳින් තද වෙන්නට වසා එම ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර වන තෙක් සොලවන්න. මෙයට අඹරාගත් අබ තේ හැඳි එකක් හෝ මස්ටර්ඩ් ක්‍රීම් තේ හැඳි 2 ක් දමා කලවම් කරන්න. මෙම විනිග්‍රේටි සෝස් දවස් දෙක තුනක් වූවත් තබාගන්න පූළුවනි. ඔබ ශීතකරණය භාවිත කරන්නේ නම් සතියක් වූනත් කල් තබාගන්න පූළුවන්.

ශීතකරණයේ තැබූ කැරටි, සිහින්ව පෙති කපාගත් ගර්කින් හෝ පිපිඤ්ඤා පෙති, මාළු මිරිස්, සැල්දරි ගෙන මූලින්ම පැතලි වීදුරු භාජනයක විනිග්‍රෙටි සෝස් දමා ඇට නැති මාළු මිරිස් සහ සැල්දිරි කලවම් කරන්න. ඉන්පසූව කපාගත් කැරටි කූරු ද එය වටෙිට එකතු කර අලංකාර කරගන්න. පසූව සිහින්ව කපාගත් පිපිඤ්ඤා පෙති හෝ ගර්කින්, රවූම් ලෙස හෝ හතරට කපාගත් තක්කාලි සහ පාස්ලි කොළ සලාද කොළවලින් කැමති පරිදි සකසා ගන්න. ඒ මතට තම්බාගත් බෝංචි ඇට සහ කව්පි ඇට එකතු කර මේසයට යවන්න.

යෝගටි සෝස් සෑදීම

අවශ්‍ය ද්‍රව්‍ය

යෝගටි කෝප්ප 1

දෙහි ඇඹූල් හෝ සිහින් නාරං යූෂ මේස හැඳි 1

ලුණූ ස්වල්පයක්

සීනි තේ හැඳි 02

අඹරාගත් අබ තේ හැඳි 1

සිහින්ව ලියාගත් අමූමිරිස් කරලක්

සාදන ක්‍රමය

යෝගටි කෝප්පයේ ඇති යෝගටි ගැඹූරු දීසියකට දමා ගන්න.

අනෙක් ද්‍රව්‍ය එකතු කර ගෑරුප්පූවකින් ගසා ගන්න. හදාගත් යෝගටි සෝස් මිශ්‍රණය වීදුරු භාජනයේ තබා ඇති බෝංචි ඇට මිශ්‍රණයට හෝ කැරටිවලින් උඩින් වත්කර ගන්න.

ඔබ කැමති නම් සෝස් දෙවර්ගයම වෙන වෙනම භාජනවලට දමාද පිළිගැන්විය හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment