අරපිරිමැස්මයි ලෝභකමයි දෙකක් කියලා සමහර නැන්දම්මලාට නොතේරෙන්නේ ඇයි?




මේ වතාවේ ගෑස් සිලින්ඩරය හරිම ඉක්මණට ඉවර වූණා. සූසීට ඉබේම කියැවූනේ මේ දවස වනවිට ගෑස් සිලින්ඩරයට දින 30ක්වත් ආයූෂ නොතිබූණ හින්දයි... හරියටම ගිය මාසෙ පඩි දවස වෙන කොටම ගෑස් ඉවර වූන බව සූසීගෙ මතකයේ තිබූණා...

බහිරවයෝ ඇඳල වෙන්න ඇති... අම්මා, ඒ කියන්නේ ජාලියගේ අම්මා නෝක්කාඩූවක් විදිහට කිව්වා.

නෑ... දහනය වෙලා.. සූසී එහෙම හිතුවත් පිට කළේ නෑ...

ජීවන විදයම දින දිනම ඉහළ යන මේ කාලයේ ඕනෑම දෙයක ගාණක් මිම්මක් තිබිය යූතුයි ඒගැන සූසීගෙ හිත හොඳට දන්නවා. මීට පෙරාතුව වූණත් ගෑස් මිලට ගත්තම දින පොතේ සටහන් තබා ගන්න සූසීගේ පූරුද්දක් තිබූණා. මූහූදෙ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනෑ.. සූසීගේ අම්මා නිතරම කිව්වා. ඒ හින්දා ගෙදර හාල් තුනපහ, එළවළු, පොල් ගැන වූණත් සූසීගේ හිත නිතරම දැනූවත්ව තිබූණා.

ඒත්... ජාලියගේ අම්මා සූසීගේ මේ සකසූරුවම ගැන පැහැදීමක් තිබූණේ නෑ...

පූතාගේ පවූල හරිම කුම්මැහියි. ඇය චෝදනා කළා... රුපියලක් වියදම් කරන්න දෙසිය වතාවක් හිතනවා. නැන්දම්මා සූසීව දැක්කෙ ඒ විදිහටයි.

සූසී අතමිට දිග ඇරල වියදම් කරන්න පූරුද්ද ලබපූ පවූලක නෙවෙයි කියලා අවලාද කළා...

ඒත්... තියෙන දේ පිරිමහ ගැනීම වැරැද්දක් නැහැ යන පිළිගැනීම තුළ තමන් සිටීම සූසී ගණනකට ගත්තෙම නෑ..

හැමදාම උදේ නැගිටලා දවසෙ ආහාර පාන පිළියෙල කරගන්න පෙරාතුව සියල්ලම සූදානම් කර ගැනීම සූසීගේ සිරිතයි. දහනය වන ඉන්ධන ටික පිරිමහ ගන්න ඇය දැනගෙන හිටියා. ඒත් අම්මා එහෙම නෙවෙයි.

අම්මා... පරිප්පූ එක හිිඳිල ඉවරයි... කියල සූසී ලිප ඕප් කරල ටිකක් වෙලාවකින් මැල්ලුම ලිප තියලා ආයෙමත් එළිය දැල්විලා. එතනින් නැවතුමක් නෑ.. මස්, මාළු, කරවල බැදුමට ඔන්න ආයෙමත් ලිප පත්තු වෙලා.

ලිප් හතරක් ඇති ගෑස් ලිපේ එක එක ප්‍රමාණවල ධාරිතාවයෙන් ගෑස් නිකුත්වීම තවමත් අම්මා හරියට හඳුනාගෙන නෑ. පූංචි රවූම් ලිප මැල්ලුමකට, බිත්තරයක්, කරවල කෑල්ලක් බැඳ ගන්න හොඳටම ඇති. ඒත් අම්මා ඒවා ගැන මායිම් කිරීමක් නෑ. මිනිත්තු දෙක තුනක කාර්යයටත් විශාල පරාසයක ගෑස් දැල්වෙන ලිපට තමයි අම්මගේ හිත... අනවශ්‍ය විදිහට සිදුවෙන අපතේ යාම ගැන අම්මට තක්සේරුවක් නෑ. දවසක් ජාලියත් අම්මාට මේ ලිප්වල වැඩ ටික ගැන හොඳටම තේරුම් කරලා දුන්නා...

අම්මා... බිත්තරය බැද්දද?

අනේ.. සේරම පිච්චිලා...

ඔව්.. මේ ගිනි සැරට..

මේ පිච්චෙන්නෙ සල්ලි නේද කියලා අම්මාට වගක් නෑ...

ඒ හින්දා තමයි මේ පූංචි ලිප පත්තු කරන්නේ...

මට ඕවා ගැන හිත හිතා බෑ... දරුවගෙ බත් එක බඳින්න පරක්කු වෙලා...

ලිප ලොකුවට පත්තු වූණාට බිත්තරය ඉස්සර වෙලානම් නෑ.. බිත්තරය අඟුරු වෙලා... බතට තියන්න බැරි තරමටම.

ලිපක විහිදෙන කහදැල්ල ගෑස් දහනය ඉහල නංවන බව සූසී හොඳින්ම දන්නවා. විවිධ මාධ්‍ය මගින් මේ ගැන දැනූවත් කරන කොට අම්මාටත් සූසී නොකියාම කියනවා... ඒත්... අනවශ්‍ය විදිහට කහදැල්ල විහිදෙන වෙලාවට නිල් එළිය එන විදිහට ලිප පිළියෙල කළාම අම්මට රතු එළිය පත්තු වෙනවා. ඒ වෙලාවට අම්මා පිට කරන්නේ කියන්න උවමනා වචන නොවෙයි.

අපි ඉතිං කවදත් අත දිග ඇරලා කාලා බීලා හිටිය මිනිස්සූ. අපිට ඔය හිඟමන පූරුදු නෑ. අම්මා වචන පිට කරන්නේ කිසිම පාලනයක් නැතුව. තමන්ගේ තරාතිරම මොනවා වූණත් අනවශ්‍ය විදිහට සිද්ධ වෙන නාස්තිය ගැන හිතනවා වෙනූවට කතාව දිගින් දිගට අමූණලා සියූම් විදිහට පහර දීම අම්මාගේ සිරිතයි.

ජාලිය එක්ක ඇතිවූණ ආදර බැඳීම විවාහයෙන් හමාර වූණේ දෛවෝපගත විදිහටයි. තමන්ගේ උරුමය ඒ විදිහට සි්ද්ධ වෙනවිට අම්මාගෙ අමනාප අඩූ වූණෙත් නෑ. දීග තල බැඳුන දා සිටම ජාලියට වගේම අම්මාටත් වරදක් නොවූණත් සූසීම පහරදීමට අවස්ථාව සලසා ගන්න අම්මා ආයූධ කරගන්නෙ අතවශ්‍යම සිද්ධියක්.

ගෙදරට ගෑස් එක ගෙනාව දවසට දිනය ලියලා සටහන් කරන්නේ කොච්චර දින ගණනක් පාවිච්චි වූණාද බලන්න. ඒක සූසී සටහන් කළාම අම්මා පරල වූණා.

මාව මටිටූ කරන්න හදනවද?

උඹේ සටහන තිබ්බට මේ බඩූ මගේ.

කුම්මැහිකම තිබූණට මාව පාලනය කරන්න බෑ උඹට...

ගෑස් ලිප අයිති අම්මට වූණාට හිස්වෙන සිලින්ඩරයට අලුත් සිලින්ඩරය ගේන්න වැයවෙන්නේ තමන්ගේ මූදල් බව අම්මාට අමතකයි.

ඕවා තේරුම් කරන්න ගියොත්..

පූතේ.. උඹයි මේවට වග කියන්න ඕන.

තමන්ට පෑහෙන තැනකින් පවූලක් ගේනවා නම් මට මේ විදිහට කෙනහිලිකම් වෙන්නෙ නෑ... අම්මගේ වටිටෝරු වචන ටික වක්කඩ කැඩූවා වගේ... පිටාර ගලනවා.

ගෑස් මිලට ගත්තම දිනය ගැන සටහන තියන්නේ තමන්ගෙ පාවිච්චිය කොහොමද කියන එක ගැන වාර්තාවක් තියාගන්න බව අම්මා තේරුම් ගන්නෙ නෑ, මේ විදිහට වාර්තාවක් තියෙද්දී පිරිමසා ගන්න උවමනා තැනදී පිරිමසා ගන්න ක්‍රමවේදය තමන්ටම දැන හඳුනා ගන්න ඥානය පහල වෙන බව අම්මට නම් තේරුමක් නෑ..

ගෙදර වතු පිටි පූරාවටම දර අතු බිඳිලා. පොල් කටූ, කෝම්බවලට වතුර පිරිලා. එක වතාවක් ඩෙංගු මදුරුවෝ බෝවෙන හින්දා නිවාඩූ දවස් දෙක තුනකදී මේ සේරම පළලා වේලලා පැත්තක අහූරා ගත්තා. ගෙදර දර ලිප උදේම පත්තු කරගෙන කලබල වෙලාවට නම් වැඩ කටයූතු දෙක තුනක් කරගන්න අමාරු බව නම් ඇත්ත. ඒත්... කලබලයක් නැති වෙලාවට මේ දරවලින් ලිප අවූලලා බත් මාළු පිස ගන්න සූසීට කිසිම කම්මැලිකමක් තිබූණෙ නෑ,

ගෙදර ඉන්න දවසට කඩල තැම්බීම, අලුත් මාළු ඇඹූල, පොළොස් ඇඹූලක් හදන කොට ඇය දර ලිප අවූලා ගත්තා. දර ලිපේ කාර්යේදී ගෑස් ලිප වගේ වතුර ටික හිඳීම වෙනූවට වතුර උන උනා ඉතාම මෙලෙකට කඩල පොළොස් වගේ දේවල් තැම්බෙන බව අත්දැකීමෙන් සූසී දන්නවා. රසය වූණත් හැබෑම ලෙසටම වෙනස් වග කෑම මේසයේ සංවාදවලදී දැනෙනවා.

විවේකව ගෙදර ඉන්න අම්මාටත් ඇඹූලක් හදන වෙලාවට දර ලිප දිහාවට යන්න පූළුවන් වූණත් ඇය ඊට සූදානම් නෑ... පැය ගණනක් පූරාවට ගෑස් ලිප දල්වාගෙන මේ කාර්යයට දර ලිප ආදේශ කර ගන්න කිව්වොත්... අම්මාගෙ උත්තරේ ගෑස් ලිප නැති කාලෙත් භූමිතෙල් ලිපෙන්, හොටි ප්ලේටි එකෙන් ඉව්ව මට දැන් දැලි ගා ගන්න උවමනාවක් නෑ කියලයි. මිනිස්සූ සැප ලබන කාලෙ උඹලට උවමනා මට දැලි තෙල් තවරලා කුස්සි අම්මාගෙ තැනට දාන්නද?

අම්මාගෙ සිතුවිල්ල එහෙම වූණත් නිකරුණේ සිද්ධවෙන වියදම පිරිමහගන්න නම් ඇගේ සිතට විකල්ප විසඳුම් ඇත්තෙම නැද්ද?

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment