හෘද රෝගීන්ට කෝපි පානය සූදුසූ නැත



අප හූඟක් දෙනෙකු උදෑසන අවදි වී දවස පටන් ගන්නට පෙර උණූසූම් කෝපි කෝප්පයකින් සප්පායම් වී දවසේ වැඩ කටයූතු ආරම්භ කිරීමට පූරුදු වී සිටියි. කෝපි ලෝකයේ බොහෝ රටවල ප්‍රියතම පානයක් ලෙසට හඳුන්වා දීමට හැක. විශේෂයෙන් ආරාබි රටවල කෝපි කෝප්පය සහ රටඉඳි ගෙඩිය වරදින්නේ නැත. ඒ තරමටම කෝපි කෝපප්ය සමඟ රටඉඳි ඔවූන්ගේ ප්‍රියතම දෙයක් බවට පත් වී හමාරය.

කෝපි ලංකාවට ආවේනික ශාකයක් නොවේ. මෙහි නිජබිම වන්නේ ඉතියෝපියාවයි. ඉන් අනතුරුව ලෝකයේ සියලූම රටවල මෙය ව්‍යාප්ත වී ඇත. මේ වන විට පර්සියාව, තුර්කිය,අප්‍රිකාව, අරාබිය, ඉන්දියාව,ශ්‍රී ලංකාව , ජර්මනිය, දකුණූ අප්‍රිකාව, ලතින් ඇමරිකාව ආදී රටවලද කෝපි ව්‍යාප්ත වී තිබෙ.් මෙම ශාකය පඳුරු ශාකයකි. මෙයින් ලබාගන්නේ බීජ වේ. මෙහි සූදු පැහැති අලංකාර මල් පොකුරු හට ගන්නා අතර ඉතා මිහිරි සූවඳක් වහනය වේ. මූල් කාලයේ බීජ කොළ පැහැ වන අතර ඉදුණූ පසූ රතු පැහැති වේ.

හොඳින් මෝරා ගත් බීජ වියළා කුඩූ කර ගැනීමෙන් කෝපි කුඩූ භාවිතයට ගැනේ. කෝපි කුඩූ කර ගැනීම සිදු කර ගන්නේ තරමක් කබලේ බැඳ ගෙනය. එවිට එහි ඉතා ඉමිහිරි සූවඳක් වහනය වන අතර කෝපි බැදීම තුළ රසායනික වෙනසක් සිදුවන බව අපේ පැරැන්නන් දෑන් හෝ නොදැන සිටියත් එහි රසායනික මය හා භෞතිකමය වෙනසක් සිදු වෙනවා. එවිට තමයි කුඩූ කර ගැනීමට පහසූ වන්නේ. ඒ වගේම රසය වැඩි වන්නේ බැඳීම තුළිනි. එය අපේ පැරැන්නන් හොඳාකාරවම දෑන සිටි බව පැවසිය යූතුය.

කෝපි විවිධ අයූරින් සකසා ගන්නට පූළුවන්. කෝපි සමාජය සමඟ නොයෙකුත් ආකාරයෙන් බැදී ඇත. එනම් වෛද්‍ය විද්‍යාත්මකව, සංග්‍රහ කිරීම, ආගමික වශයෙන් වැදගත් කමක්ද තිබේ.

සාමාන්‍යයෙන් අපේ උදවිය කෝපි කෝප්පයකින් සංග්‍රහ කිරීම සිදු කරන්නේ හිතවත් කමක් ඇති කර ගන්නටය. ඇතැම් ප්‍රදේශ වල ආහාර වේල අවසානයේදී කෝපි කෝප්පයකින් සංග්‍රහ කිරීමට පූරුදු වී සිටින්නේ ඉහත හේතුව නිසාවෙනි. ඒ වගේම සාංඝික දානයකදි පවා අවසානයේදී අවසාන අංගයක් ලෙසට කෝපි පිළිගැන්වීම සිදු කරයි. ඒ ආගමික බැදීමක්ද කෝපිවල තිබනෙ නිසාවෙනි.

අපේ රටෙි පමණක් නොව අප්‍රිකාව, ජර්මනිය වැනි රටවල ද ආගමික උත්සවවලදී කෝපි ප්‍රධාන තැනක් හිමි කර ගනී. වෛද්‍ය විද්‍යාත්මකව බැලුකල ආහාර මාර්ගයේ අජීර්ණ අවස්ථාවලදී, පාචනය, වමනය වැනි රෝගවලදී දිව්‍ය ඔසූවකි.

ශරීර ශක්තිය වැඩි කිරීමේ හැකියාව කෝපි සතුව පවතී. ශරීරය උණූසූම් කරන පානයක් ලෙසටත් පෙන්වා දිය හැක.

දියැවඩියාව, අක්මාරෝග, පාලනය කිරීමේ බලයක් කෝපි වල තිබේ. ගැස්ට්‍රයිටීස් රෝග තියෙන අයට එතරම් සූදුසූ නොවේ. රුධිර පද්ධතියේ ධමනි බිත්තිවල රෝගවලට බලපෑම් ඇති කරන්නට පූළුවන් වන කෝපි, වැඩි වශයෙන් පානය කිරීම තුළින් මැග්නීසියම් වල ඌනතාවයක් ඇතවන බව වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගෙන තිබේ.

මේ නිසා හෘද රෝගීන්ට සූදුසූ නොවේ. වැඩි වශයෙන් භාවිත කිරීමෙන් බඩ වියළීම සිදුවේ. ඒවගේම කෝපි නිතර භාවිත කිරීමෙන් රුධිර සංසරණ පද්ධතිය හා ස්නායූ පද්ධතිය උත්දීපනය කරයි. මේ නිසා හෘද රෝග ඇතිවීමට බලපෑම් ඇති වේ.

ලංකාවේ ජනවහර වල මතයක් පවතිනවා.ඇතැම් ගර්භනී මව්වරු කෝපි පානය කිරීමට බිය වන්නේ ලැබෙන දරුවා කළු වෙනවා යන විශ්වාසය නිසාය. නමූත් එසේ නොවේ. ගර්භනී මව්වරුන්ට නිතරම වගේ මළ බද්ධය ඇති වන නිසා එවැනි අය කෝපි පානය කිරීම සූදුසූ නැත. නමූත් ඉහත විශ්වාසය නම් තවම වෛද්‍ය විද්‍යාවට අනූව සනාථ කර නැති බව නම් පැවසිය යූතුමයි.

කෝපි වල කැෆේන් නැමති රසායනය අඩංගු වී ඇති අතර එහි වර්ණය කළු පැහැයට හූරු දුඹූරු පැහැයෙන් යූතු වේ. මේ නිසා තමයි හෘදය උත්තේජනය වන්නේ.

කෝපි පානයක් ලෙසට ජනප්‍රිය වූවද එවන් විවිධ ආහාර වර්ග නිෂ්පාදනය ද සිදු වේ. ඒ වගේම ඔබත් මමත් කැමති ප්‍රියතම පානයක් ලෙසට අයිස් කෝපි පෙන්වා දිය හැක.

කෙතරම් කෝපි කුඩූවලින් ලබා ගත්තත් කෝපි කොළ ඉතා ඖෂධීමය වටිනාකමක් තිබේ. මන්ද ඇඟිල්ල කැපී ලේ ගැලීමක් සිදු වීමේදී කොළයක් කඩා ඇඟිල්ලේ තබා බැදීමක් සිදු කරයි. එයින් රුධිරය ගැලීම නතර වේ. එයට හේතුව කෝපි කොළයේ කහට සහ ඖෂධීය ද්‍රව්‍ය අන්තර්ගත බැවිනි

අපට ආවේණික බෝගයක් නොවූණද අද වන විට අප වගේම ලෝකයේ බොහෝ රටවල ඇතුවත් බැරි නැතිවත් බැරි පානයක් විදිහට කෝපි පෙන්වා දීමට පූළුවනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment