පිරිමි දරුවන් ලැබෙන බව කේනද්‍රයෙන් දැනගත හැකිද?

පස්වැන්නාධිපතිද ගුරු ද අඟහරු සහ සෙනසූරුද පූරුෂ රාශිවල සහ පූරුෂ නවාංශකයන්හි සිටින විට එසේම ශක්තිමත් සූබ ග්‍රහයන් ලග්නයට සහ ත්‍රිකෝණ රාශිවලට එක් වූ විට දරු සම්පත් අත්වනූ ඇත. එසේ ලැබීමේ සම්භාවිතාව වැඩි පිරිමි දරුවන්ය. පූරුෂ ග්‍රහයන්ගේ දෘෂ්ටිය හෝ සංයෝගය හෝ සහිතව පස් වැන්නාධිපති සත්වැන්නෙහි සිටින විට ගැහැනූ දරුවන් ලැබීම වැඩි වේ


කේන්දරයක පස්වැන්න ඉරටිටෙි රාශියක්ව තිබියදී එහි පූරුෂ ග්‍රහයන් සිටින විට ගැහැනූ දරුවෝ බොහෝ දෙනෙක් උපදිති.

පස්වැන්නාධිපති ස්ත්‍රි ග්‍රහයනට සම්බන්ධ වූ විට ද එම ප්‍රතිඵල අත් වේ. පස්වැන්නාධිපති පූරුෂ ග්‍රහයන්ගේ දෘෂ්ටියට හසූව ඔවූන් සමග එක්ව පූරුෂ නවාංශකයක සිටින විට පූරුෂ ග්‍රහයන්ගේ දෘෂ්ටියත් සංයෝගයත් ලබන්නේ නම් පිරිමි දරු සංඛ්‍යාව වැඩි වේ. සඳු පාපී ග්‍රහයන් සමග පස්වැන්නෙහි සිටින විට ගැහැනූ දරුවෝ උපදිති.

මීන රාශිය උදා වෙද්දී සෙනසූරු පස්වැන්නට එක්වූවහොත් දරු ඵල සංඛ්‍යාව වැඩි වේ. සූබ ග්‍රහයන් මෙන්ම පාපීග්‍රහයන්ද පස්වැන්නට එක් වූ විට අත්වනූයේ මිශ්‍ර ප්‍රතිපලය.

ස්ත්‍රි කේන්ද්‍රයක අඟහරු පස්වැන්නට එක්වූවිට ගබ්සා වීම් බොහෝ පෙන්නූම් කරයි. ස්ත්‍රි කේන්ද්‍රයක සිකුරුගේ දෘෂ්ටි ලබමින් අඟහරු පස්වැන්නෙහි සිටින විට පළමූ දරු පිළිසිඳ ගැනීම ගබ්සා වනූ ඇත. ස්ත්‍රි කේන්ද්‍රයක පස්වැන්න පාපීග්‍රහයන්ගේද සංයෝගයෙන් සහ දෘෂ්ටියෙන් පීඩනයට පත් වූ කල්හි ගබ්සා වීම සිදුවන අතර එම ගබ්සා සංඛ්‍යාව පස්වැන්න පීඩනයට පත් කරන පාපී ග්‍රහයන් සංඛ්‍යාවට සමාන වේ. රවි තමාට සතුරු ග්‍රහයෙකුගේ නිවාසයක්වන පස් වැන්නට එක් වූ විට එම ප්‍රතිඵලයම අත්වනූ ඇත.

සඳු සෙනසූරුට අයත් රාශියක් වන හෝ ඔහූට නවාංශකය වන හෝ පස්වැන්නෙහි සිටින විට එසේම එවිට සහ සිකුරුට සමසප්තමව සිටින විට සෙනසූරු සමග සංයෝග වූ විට පිරිමි දරුවකු ලැබෙනූ ඇත.

මෙම දරු සම්පත ලැබෙනූ ඇත්තේ වරක් වෙනත් පූරුෂයෙකු සමග විවාහ වී සිට දික්කසාද වී හෝ වැන්දඹූ වී හෝ පසූව යළි විවාහ වූ කාන්තාවන්ටයි. එවැනි ග්‍රහ පිහිටීම ස්ත්‍රි කේන්දරයක තිබෙන විට කේන්දර හිමි තැනැත්තියට දරුවන් ලැබෙනූ ඇත්තේ ඇගේ දෙවැනි ස්වාමි පූරුෂයාගෙනි. පස්වැන්න සෙනසූරුට හිමි රාශියක් හෝ නවාංශකයක් හෝ නම් එසේම සඳුගේ දෘෂ්ටියට හසූ වූ ග්‍රහයෙකු එයට සංයෝගව සිටිනම් ප්‍රතිඵළ ඊට සමාන වනූ ඇත. එසේම පස්වැන්න සිකුරුට අයත් රාශියක්ව හෝ නවාංශකයක්ව හෝ තිබියදී රවිගේ දෘෂ්ටිය හසූ වූ ග්‍ර්‍රහයකු එයට සංයෝගව සිටී නම් ප්‍රතිඵල ඊට සමාන වනූ ඇත. එසේම පස්වැන්න සිකුරුට අයත් රාශියක්ව හෝ නවාංශකයක්ව හෝ තිබියදී රවිගේ දෘෂ්ටියට හසූ වූ ග්‍රහයකු එහි සිටී නම් එම ප්‍රතිඵලයම අයත් වේ.

පළමූ වැනි පස් වැනි සහ සත්වෙනි රාශිවල අධිපතින්ගේ දශා සහ අන්තර් දශා මෙන්ම ගුරුගේ එසේම පස්වැන්න සමග සංයෝග වූ හෝ ඔවූන් දකින හෝ ග්‍රහයන්ගේ දශා හෝ අන්තර් දශා පූරුෂයාට හා ස්ත්‍රියකට ලබා තිබේ නම් ඔවූන් දරු ඵල ලබයි.

අන්තර් දශා සහපූරුෂ නවාංශකවල නම් පූරුෂ ග්‍රහයන් නම් ඔවූන් සිටින්නේ පූරුෂ රාශිවල සහ පූරුෂ නවාංශකවල නම් පූරුෂ ග්‍රහයන්ට ඔවූන් පෙනේ නම් හෝ ඔවූන් සමග සංයෝගව සිටිනම් හෝ පිරිමි දරුවෙකු ලැබෙන බව පැවසේ. ඉහත ග්‍රහයන් සහ රාශි ස්ත්‍රි ගණයකට අයත් නම් ගැහැනූ දරුවන් ලැබේ යැයි පවසයි.

ගුරු සංක්‍රමණයද පස්වැන්න තුළින් හෝ පස්වැන්නාධිපති සිටින රාශියට හෝ ගමන් කිරීමේදී හෝ ඔවූන් දෑකීමේදී හෝ දරු සම්පතක් ලැබීමට ඉඩ තිබේ. එසේම දෙවෙනි දරු උපත සම්බන්ධයෙන් නම් ගුරු සත්වැන්නට හෝ සත්වැන්නාධිපතිට හෝ බලපාන තත්ත්වයෙන් සිටිය යූතුය. තුන්වෙනි දරුවා සම්බන්ධයෙන් නම් ගුරුගේ බලපෑම් නව වැන්නට හෝ නව වැන්නාධිපතිට හෝ ලැබිය යූතුය. අනෙක් දරුවන් සම්බන්ධයෙන් ද එම අනූපිළිවෙල අනූගමනය කළ යූතුය. සෙනසූරු ජන්ම කේන්ද්‍රයේ රවිටද පස්වැන්න ගුරුට ද ආදී වශයෙන් සංක්‍රමණයේදී බලපෑම් ඇතිකරන විට ගැහැනූ දරුවෙකු ඉපදීමට හෝ පිළිසිඳ ගැනීමට හෝ ඉඩතිබේ.

ජන්ම කේන්දරයේ රවිගේ බලපෑම් ඇති කරන විට පිරිමි දරුවන් ලැබේ යැයි ජ්‍යෙතිෂයේ සඳහන් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment