අයූක්තියට හිස නොනමන මැයි මාසයේ උපන් කාන්තාවෝ


අතිශයින් ඉවසිලිවන්තව, කාරුණිකව, කල්පනාකාරීව කාලය ගත කිරීමට මැයි මස උපන් ඔබ ලත් සහජ දායාදයන්ය. හිතුවක්කාර අදුරදර්ශි දැඩි ක්‍රියා පිළිවෙත්වලට සමහර කාන්තාවන් පෙළඹෙන්නේ ඉදහිට වූවද එයද සිදුවන්නේ ආවේගාත්මක වූ ක්ෂණික කෝපය නිසාය.

මැයි මස නොහොත් වෙසක් මස උපත ලත් බොහෝ වාසනාවන්තියන් අයූක්තිය හෙලා දකින්නියන්ය. තවද මොවූන් සදාචාරාත්මක ලෝකය අගය කරයි. මානසිකව හා කායිකව අසහනකාරී තත්ත්වයන් විඳ දරා ගැනීමේ ශක්තිය මැයි මස උපන් ඇතැම් කාන්තාවන්ට පිහිටා තිබෙන බව නිශ්චිත වශයෙන්ම සඳහන් කළයූතුමය.

තමන්ගේ හිත දිනාගත් හිතවතුන්ට ආගන්තුක සත්කාර කිරීමට බෙහෙවින් දක්වන සමාජශීලී ගතිය සමහර කාන්තාවන්ට ප්‍රියදායක වූත් සහනදායි වූත් අවස්ථාවන්ය. ආහාර පානාදිය ගැන විශේෂ සැලකිලි දක්වන කාන්තා වන්ගේ පිරිසක්ද හදිසි අවස්ථාවකදී තමාගේ ඉවූම් පිහූම් දක්ෂතාවයන් විදහා දැක්වීමට විශේෂ පරිශ්‍රමයක් දක්වන පිරිසක් ද මේ මස උපන් කාන්තාවන් අතර සිටින බව කිව යූතුය.

තමාගේ නිවස සිත් ඇදගන්නා සූළු සැලැස්මකට තබාගැනීමට වෙහෙසෙන නිර්මාණශීලී අදහස් උදහස් අති කාන්තාවන් පිරිසක් ගැනද ජ්‍යොතිෂ්‍යයේ සඳහන් වේ.

ජීවිතය නමැති කරලියේ තමා මැදිහත් වන ඕනෑම අවස්ථාවක ඒ කාර්ය භාරය මැනවින් හා බලවත් විශ්වාසයකින් ඉටූකරන ක්‍රියාශීලී කොටසක්ද වෙසක් මස ජන්ම ලාභය ලත් අය අතර සිටිති. තවත් කාන්තාවන් පිරිසක් කරන කියන සෑම වැඩකම ප්‍රසිද්ධිය අපේක්ෂා කරති

ශාරීරික ලක්ෂණ අතින් බැලු කල ඇතැම් වනිතාවන්ට විශාල ලැම පෙදෙසක්ද කුඩාවට වැඩූනූ අත් පාද ඇතිබව නොසැලෙන මතයකි.

කලාවට බර ඇතැම් කාන්තාවන් එම දක්ෂධතා මගින් මූදල් උපයා ගැනීමට අදක්ෂ වෙති. එහෙත් රජයේ සේවකයන්, සාත්තු සේවිකාවන් දෙපාර්තමේන්තුවල උසස් නිලධාරින් හෝ ආරක්ෂක සේවා නිලධාරින් ලෙස අති විශිෂ්ඨ සේවාවන් ඉටූ කළ හැකිය. එපමණක් නොව මල් වගාවට අත් ගුණ ඇති මෙම මස උපන් බොහෝ කාන්තාවන් ඇතිබව සැඟවූනූ සැබෑවකි. ව්‍යාපාර කටයූතු අතින් උච්ච සපලතාවයන් සමහර කාන්තාවන්ට පිහිටා ඇත.

ආදරය සෙනෙහස ඇතැම් කාන්තාවන්ට ඉතාමත් අහිතකර අන්දමින් බලපාන බව පැවසේ. එක් වරකට වඩා විවාහ වන කාන්තාවන් පිරිසක් නැත්තේ නොවේ. එහෙත් වැඩි කාන්තා පිරිසක් සූඛෝපභෝගි සමාජ පසූබිමක විවාහ ජීවිතයේ ශුභඵල නෙලා ගැනීමට වාසනාවන්තයින් වෙති.

නාසය ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරුවන ඔබට සෙම්ගෙඩි ගලපටලය වැනි රෝග වැලදීමට ඉඩ ඇති බව පෙනේ.

කෑමෙන් බීමෙන් ප්‍රවේසම් විය යූතු ඔබ මත්පැන්වලට ඇබ්බැහි නොවිය යූතුය. තෙත් කලාපීය ප්‍රදේශවල ජීවත් වන මෙම මස උපන් සමහර කාන්තාවන්ට එම ප්‍රදේශ අහිතකර යනූවෙන් දක්වා තිබීම සූළු කොට තැකිය යූත්තක් නොවන්නේය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment