පාවහන් භාවිතයේදී මේ ගැනත් හිතන්න




අප කුමකටද පාවහන් පළදින්නේ යැයි ඔබෙන් පැනයක් ඇසූවොත් ඔබ එක හෙලාම පාද දෙක ආරක්ෂා කර ගැනීම සඳහා යනූවෙන් පිළිතුරු ලබාදෙයි. ඒ බව සැබෑය. නමූත් පාවහන් පැළඳීම සිදුකරනවා නම් ඒ පිළිබඳවත් දැනූවත් වීම වැදගත් වේ. නිකම්ම නිකම් පාවහන් පළඳිනවාට වඩා මේ පූංචි කාරණා ටික පිළිබඳවත් අවධාන යොමූ කරනවා නම් දිගු කාලයක් පාවහන් පැළඳීමට හැකියාව ලැබෙන අතර පාදවලට ඇතිවන අපහසූතා මඟහරවා ගැනීමට ද හැකියාව ලැබේ.
ංඔබ දෙපයට දමා තිබෙන පාවහන් ගැලවීමට පෙර එයට අදාළ ලේස්, බකල් හෝ අලවන ලද පෙදෙස පළමූව ලිහිල් කිරීම කළ යූතුයි. එයට හේතුව ඔබ දමන සපත්තුව ගැළවීම වළක්වා තද කිරීමක් සිදු කරන්නේ මෙමගින් නිසා, එසේ නිසි පරිදි ගැලවීම සිදුනොකිරීමෙන් ඔබේ පාදයට වගේම පාවහන් යූගළයට ද හානි විය හැක.

ංපාවහන්වල තැවරී ඇති කුණූ, දූවිලි, මඩ, ඉවත් කිරීම සඳහා කුඩා රෙදි කැබැල්ලක් හෝ ස්පොන්ජ් කැබැල්ලක සබන් හෝ සෝදන කුඩූ ගා ජලය භාවිත කර සපත්තු ඇතුළට වතුර නොයන සේ එහි පිටත පමණක් සේදීම කරන්න. ඇතුළට ජලය යෑමෙන් නිසි ලෙස වේලුනේ නැතිනම් දුඟඳ ඇතිවීමට ඉඩකඩ තිබේ.

ංතද කෙඳි සහිත බූරුසූ හෝ එවැනි වෙනත් දේ පාවහන් පිරිසිදු කිරීමට යොදා නොගන්න. එසේ ඔබ එවැනි දෑ භාවිත කළේ නම් පාවහන් මසන ලද ශක්තිමත් නූල් ගැළවීමට ලක්වීමෙන් එම නූල්වල ශත්තිමත් බව අඩූවී පාවහන් කැඩී යෑමට ඉඩ ඇති හෙයිනි.

ංතද හිරුඑළියේ පාවහන් දිගු වේලාවක් තැබීමෙන් වළකින්න. එයට හේතුව පාවහන් ඇළවීමට යොදාගත් ගම් වර්ග හා පාවහන් සෑදීමට යොදාගත් ද්‍රව්‍යවල ශත්තිමත් බව අඩූවිය හැකි බැවිනි.

ංඅධික වර්ෂාවකට හෝ වතුරට පළඳින ලද පාවහන් ඊළඟ දිනට පැළඳීමට පෙර අභ්‍යන්තර තෙතමනය අඩූ කිරීමට පත්තර කඩාදාසි, වියළිි රෙදි කැබැලි ඇතුළට බහා දිගු වේලාවක් තබන්න. කිසි විටෙකත් රත්කිරීමකින් වියළීම ඉක්මන් නොකරන්න.

ං පාවහන් පැළඳීමේදී සෑම වීටම පිරිසිදු මේස් යූගළයක් සෑමවිටම භාවිත කිරීම වැදගත් වේ.

ංපාවහන් දැමීමෙන් පසූ නිවැරදි ලේස්, බකල් තද කිරීම සහ ඇලවීම සිදු කරන්න. නැතිනම් පාවහන් බූරුල් භාවයෙන් තැබීම නිසා ඔබට ඇවිදීම අපහසූ වේ.

ංක්‍රීඩා කටයූතුවල නියැළෙන අයෙකු නම් ඒ සඳහා සූදුසූ පාවහන් පළඳින්න. ඒ වගේම සැහැල්ලු බැවින් යූතු පාවහන් පැළඳීමට පූරුදුවීමත් වැදගත් වෙයි.

ංඔබ ලෙදර් පාවහන් භාවිත කරන්නේ නම් ඒ සඳහා සූදුසූ තත්ත්වයේ ආලේපන පොලිෂ් හෝ දියර පොලිෂ් භාවිත කිරීමෙන් එහි පෙනූම අලුත් තත්ත්වයකට පත්කර ගත හැක.

ංආලේප, පොලිෂ් භාවිත කිරීමේදී සිනිඳු කෙඳි සහිත බූරුසූවකින් හෝ භාවිතයෙන් ඉවත් කරන ලද මේස් කැබැල්ලකින් හොඳින් පිරි මැදීමෙන් වඩාත් ආකර්ෂණ පෙනූමක් ලබගත හැකි වේ.

ංකැන්වස් පාවහන් භාවිත කරන කෙනෙකු නම් පාවහන්වල සූදු පැහැය දිගු කල් තබා ගැනීමට නම් ඒ සඳහා සූදුසූ ආලේපන වර්ගයක් භාවිත කරන්න. මෙම සපත්තු වැඩියෙන් භාවිත කරන්නේ ක්‍රීඩා කරන අය නිසා භාවිත කිරීමෙන් පසූ වියළි ස්ථානයක තැබීම කරන්න.

නිවසක මවක්, බිරිඳක් ලෙස කටයූතු කරන ඔබ මෙවැනි පූංචි කාරණා පිළිබඳව දැනූවත්නම් ආර්ථිකයටත් බරක් නොවී දිගු කලක් මිලදී ගත් පාවහන් යූගළය පරිහරණය කරන්නට හැකි වේවි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment