තෙල් බැදූමි කාලා තනියම යන්න එපා කීවෙි ඇයි දන්නවද?

අවූරුදු අසිරියේ තවමත් එතරම්ම අඩූවක් පාඩූවක් පෙනෙන්නට නැහැ. තවමත් ඇතැම් ගමේ ගොඩේ ගෙවල්වල තෙල් තාච්චූ ලිපේ තියනවා. මේ නම් හැබැයි අවූරුදු මේසෙට තියන්න කැවිලි ජාති, බැදුම් වර්ග හදන්න වෙන්න බෑ. මොකද අවූරුද්ද පහූවෙලා නිසා. නමූත් මේ තෙල් තාච්චූ ලිපේ තියලා හදන කෑම, කැවිලි සමහරවිට ප්‍රයෝජනයට ගන්නේ නෑගම් අරගෙන යන්න.

තෙල් බැදුම් මොනතරම් ශරීරයට අගුණයි. අහිතකරයි කියලා අපි දෑනගෙන හිටියත් තෙලෙන් හදන දේවල් කන්න, කෑම පිඟානට එකතු කරගන්න අපි කවදාවත් අසතුටූ වෙන්නේ නෑ.

නමූත් ගමේ ගොඩේදී අපේ ආච්චම්මලා, අම්මා එහෙමත් නැත්නම් වැඩිහිටි කාන්තාවන් කියනවනේ තෙල් තාච්චූ ලිපේ තිබ්බාම ගෙයින් එළියට යන්න හොඳ නැහැ කියලා. විශේෂයෙන් ගැහැනූ දෑරිවියන්ට මේ තහංචිය බොහෝම තදින්ම බලපානවා. ඒ විතරක් නෙවෙයි තරුණයන්ටත් කියන්නේ තෙල් බැදුම් කාලා තනියම එළිපහලියට යාම එතරම් හොඳ නොවන බවයි. ඇත්තටම මේ කතාව පිළිගන්න පූළුවනිද? සත්‍යතාවයක් තිබෙනවාද? අපට කියන්න බැහැ.

මෙවැනි කතා බහ, පිළිගැනීම්, ඇදහිලි එදා පැරණි සමාජය තුළ තදින්ම තිබූණා. මෙවැනි තත්ත්වයන්ට වැඩි වශයෙන් බලපෑවේ ඔවූන්ගේ සමාජ මටිටම. එදා සමාජය තුළ ජීවත් වූ බොහෝ පිරිසක් අධ්‍යාපනය නොලබපූ අය. වැඩිහිටියෙක් කියන දෙයක් එහෙමත් නැත්නම් කටවහරේ කියන ඕනම දෙයක් පිළිගන්න සහ ඒ අනූව ක්‍රියාත්මක වෙන්න පූරුදු වූණා. තෙල් බැදුම් කාලා, කැවිලි වර්ග කාලා තනිපංගලමේ යෑමෙන් භූත දොෂ, පෙරේත දොෂ ඇතිවෙන බව කියන්නට ගත්තා.

මෙවැනි මත එදා ඉදිරිපත් කරන්නට ඇතැම්විට මෙවැනි කරුණූ වූනත් බලපාන්න ඇති. එදා ගමක, නගරයක වූනත් ගෙවල් පිහිටා තිබූනේ ඉතාමත් දුරින්. සමහර විට සැතපූමක් විතර පරතරයෙන් වෙන්න පූළුවන්. එවැනි පාළු තැන්වල විශේෂයෙන් තරුණ ගැහැණූ ළමයි ගමන් කරන්න යාමෙන් කරදරයක් අකරතැබ්බයක්වේදෑයි වැඩිහිටියන් බය වෙන්න ඇති.

නමූත් අද ළඟින් ළඟ නිවාස පිහිටා තිබෙන නිසා වැඩිහිටියන්ට දරුවන් පිළිබඳ අනියත බියක් සිතේ ඇති කරගන්න අවශ්‍යතාවයක් නැත. තවත් දෙයක් තමයි අද දරුවන් පවා ඉතාම බූද්ධිමත්. එදා සමාජයේ තිබූන වැරදි ඇදහිලි, වැරදි පිළිගැනීම් ජනතාව අඩූ අධ්‍යාපනයක් ලබපූ නිසා ඉක්මනින්ම මනස තුළට කාවද්දන්න පූළුවන් වූණා.

කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවත ආ මෙවන් ආකල්ප අපට එතරම් පිළිගන්නට තියා ඔළුවට ගන්න ඕන දේවල් ලෙස සලකන්න ඕන නැහැ. මිනිසූන් බය වද්දන්න ඉතාමත් උපායශීලී ලෙස යකදුරන්, ශාන්ති කර්මවලට ප්‍රසිද්ධ අය එකතුවෙලා ඔවූන්ට තත්ත්වයක් ඇති කරගන්න ඇති කරපූ තත්ත්වයක් වෙන්න පූළුවන්.

වර්තමාන සමාජය ඉතාම වේගයෙන් වෙනස් වෙනවා. ජනතාව බොහොම බූද්ධිමත්. කිසිම දෙයක් එකපාරට පිළිගන්න යන්නෙත් නෑ. එම නිසා මෙවැනි වැදගැම්මකට නැති දේවල් ඔළුවට අරගෙන ඔළුවට තව තවත් ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා කියලයි මට ජනතාවට උපදෙස් දෙන්න පූළුවන් වෙන්නේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment