මල් ලොවෙහි හූරුබූහූටි සූවඳ රාජණිය ලෙසින් හැඳින්විය හැකි සමන් පිච්ච ඉතා හොඳ ඖෂධයක් විදිහට ද හඳුන්වා දිමට හැක. පැරණි නිවෙස්වල සමන් පිච්ච ශාකයට සත්කාර කළේ ඉතා භක්තියකිනි. මන්ද එම ශාකය නිවෙස්වල ඉදිරිපස සිටූවා තිබූණේ එහි මල් පිපී තිබෙන විට ගෙමිදුලට සිිරියාවන්ත බවක් හා සූවඳ විහිදෙන නිසා දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය නිවසට ලැබෙනවා යන විශ්වාසයෙනි. එසේම අක්ෂි රෝග ආදියටද ඖෂධයක් විදිහට භාවිතයට ගන්නා නිසාවෙනි.
මෙය වැල් ආකාරයට වැවෙන කුඩා පත්‍ර හිමි, සූදු පැහැති මෘදු මල් පෙති සහිත කුඩා මලකි. ඉන්දියාව, හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල හා ලංකාවේ සෞම්‍ය ප්‍රදේශවල වැවේ. උෂ්ණ ප්‍රදේශවල වැවීම තරමක් දුෂ්කරය. සමන් පිච්ච ප්‍රභේද කිහිපයකින් යූතුවෙන අතර සූදු පැහැති සමන් පිච්ච මල් ආයූර්වේදයේදී ඖෂධවලට වැඩි වශයෙන් යොදාගනී.
සමන් පිච්ච ශාකයම ඔසූ සඳහා ආයූර්වේදයේ භාවිතයට ගනී. පත්‍ර මූඛයේ දත් රෝග සඳහා, විදුරුමස්වලින් ලේ පිටවීමේදී මූඛයේ තුවාල ආදී රෝග බොහොමයකට ගුණදායක වේ.
දත් පිරිසිදු කිරීම සඳහා දත් බෙහෙත් කුඩූ වශයෙන් පත්‍ර යොදාගනී. එය හොඳින් වියලා කුඩූ කරගෙන දත් මැදීමට හැකි බව ආයූර්වේදයේ සඳහන් වෙයි. එම පත්‍රවල ජැස්මින් ශාර පදාර්ථ අඩංගුය.
විවිධ ඖෂධ සඳහා යොදා ගන්නා සමන් පිච්ච ඖෂධ වර්ගවලට යොදා ගන්නා අතර වැඩි වශයෙන් යොදාගනූ ලබන්නේ සාදන ඖෂධවලට සූවඳ ද්‍රව්‍යයක් ලෙසටය. ඒ වගේම සමන් පිච්ච මල් අපේ උදවිය භාවිත කළේ අක්ෂි රෝග සඳහාය. ඇසේ කබ, ඇස් රතුවී තිබෙන විට, උෂ්ණ රෝග ආදියට සමන් පිච්ච මල් යොදාගත් වතුරින් ඇස් සෝදනූ ලබයි. එයින් ඇසට සිසිලක් ලැබෙන අතරම ආයූර්වේදයේ සඳහන් වන්නේ සමන් පිච්ච මල්වල විෂබීජ නාශක ගුණය තිබෙන නිසා එම රෝගවලට ගුණදෙන බවයි. ඔබ ඇතැම්විට දැක තිබෙනවාත් ඇති, බිළිඳු දරුවන් නාවන අවස්ථාවේදී සමන් පිච්ච මල් යොදා ගැනීමක් සිදු කරනවා. ඒ වගේම දිනපතා උදෑසන ඇස් දෙක සමන් පිච්ච මල් වතුරින් සේදීමක් කරනවා. එසේ අපේ ආච්චි අම්මලා කළේ එහි තිබෙන ඖෂධීය ගුණය හා විෂබීජ නාශක ගුණය ඇති බව දන්නා බැවිනි.
ඖෂධීය වටිනාකමකින් යූතු සමන් පිච්ච මල් අපේ ලලනාවන් රුව අලංකරණය සඳහාත් යොදා ගනී. දහදිය දුඟද ඇති අය සමන් පිච්ච මල් වතුරින් ඇඟ සේදීමෙන් සිරුර සූවඳවත් වෙයි. ඒ වගේම ඉන්දියාවේ වනිතාවන් හිස සැරසීමට යොදා ගනී. එයින් හිස අලංකාර වෙනවා වගේම සූවඳවත් වීමද සිදුවේ. මේ නිසා ස්වභාවික සූවඳ විලවූන් වර්ගයක් විදියට අපට සමන්පිච්ච මල් යොදාගත හැක.
මෙවැනි මාහැඟි ඖෂධයක් ඔබගේ ගෙවත්තේ සිටූවා ගැනීමෙන් ඔබටත් බොහෝ ප්‍රයෝජන ලබාගන්නට හැකිවෙයි.
ආයූර්වේද වෛද්‍ය ඩී. එච්. තෙන්නකෝන්
උපේන්ද්‍ර දිල්රුක්ෂි
0 comments :
Post a Comment