අපේ සිරුරට වැඩිපූර කැල්සියම් අවශ්‍ය වන්නේ ඇයි?


අපගේ සිරුර විවිධ කාර්යය කිරීමට විශේෂය වූ විවිධ පද්ධති හා පටකවලින් ගොඩ නැගී ඇත. මෙම පද්ධති හා පටක අතුරින්, අස්ථි පද්ධතියට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සිරුරට නිසි හැඩයක් ලබාදීම, සංචරණය යන ප්‍රධාන කාර්යයන්ට අමතරව අස්ථි, රුධිරය නිපදවීමට, සිරුරේ අම්ල ඃ භෂ්ම සමතුලිතතාවය පවත්වා ගැනීමට හා ඛණිජ සංචිතයක් ලෙස වැදගත්වේ.

අස්ථි සජීවී පටක විශේෂයකි.

අස්ථි යනූ සජීවී පටක විශේෂයකි. එය බිඳ වැටෙමින් හා නැවත වර්ධනය වෙමින් නිරතුරුවම අළුත්වැඩියා වීමට ලක්වේ. මෙය අපගේ ජීවිත කාලය පූරාවටම චක්‍රයක් ලෙස සිදුවේ. ඒ අනූව අපගේ සමස්ථ අස්ථි පද්ධතියට වසර 7ඃ10 කට වරක්ම නැවත වර්ධනය වේ.

දරුවකු වර්ධනය වනවිට, මෙම චක්‍රයේ අස්ථි වර්ධනය වීම, බිඳ වැටීමට වඩා කාර්යක්ෂමව හා වේගයෙන් සිදුවන අතර යොවූන් වියේදී අස්ථිවල වැඩීමේ වේගය උපරිමයට ළඟාවේ. වයස අවූරුදු 25ඃ30 පමණ වනවිට, මෙසේ වර්ධනය වන අස්ථි පද්ධතිය එහි "උපරිම අස්ථි ඝනත්වය" (චැ්න ඉදබැ ප්ිිඃ ලබා ගනියි. ඉන්පසූ, අස්ථි නැවත වර්ධනය වන මටිටම ඉක්මවා, අස්ථි බිඳ වැටීම සිදුවන නිසා අස්ථි පද්ධතියේ ශක්තිමත් භාවය ක්‍රමයෙන් අඩූවේ.

අස්ථි සෞඛ්‍යය හා පෝෂණය

නීරෝගී හා ශක්තිමත් අස්ථි පද්ධතියක් ලබාගැනීමට හා මහළු වියේදී සිදුවන අස්ථි බිඳවැටීමේ වේගය පමා කිරීමට නිසි පෝෂණයක් ලැබීම ඉතාම අත්‍යාවශ්‍යය. අස්ථි සෞඛ්‍යය සඳහා, කැල්සියම්, විටමින් ෘල මැග්නීසියම්, සින්ක් හා ප්‍රෝටීන් වැනි පෝෂණ පදාර්ථ ගණනාවක්ම වැදගත් වූව ද, මින් කැල්සියම්වලට හිමිවන්නේ, ඉතාම වැදගත් ස්ථානයකි.

කැල්සියම්

කැල්සියම් යනූ දේහයේ සූලභම ඛණිජ වර්ගයයි. ඉන් සියයට 99 ක් පමණ අස්ථිවල තැන්පත්වී ඇත. නීරෝගී හා ශක්තිමත් අස්ථි පද්ධතියක් හා දත් සඳහා කැල්සියම් අවශ්‍ය වන අතර ඊට අමතරව ස්නායූ පණිවිඩ සම්ප්‍රේෂණය, පේශි ක්‍රියාකාරිත්වය, රුධිරය කැටි ගැසීම, හෘද ස්පන්දනය වැනි දේහයේ බොහෝ වැදගත් ක්‍රියාවලියන් සඳහාද කැල්සියම් අවශ්‍ය වේ.

කැල්සියම් හා අස්ථි සෞඛ්‍යය

සෑම දිනකම, විවිධ ක්‍රියවලි මගින්, අපගේ සිරුරින් කැල්සියම් ඉවත්වන අතර අපගේ සිරුරට කැල්සියම් නිපදවා ගත නොහැකි නිසා අප ගන්නා ආහාරයේ අනිවාර්යයෙන්ම අවශ්‍ය පමණට කැල්සියම් අඩංගු විය යූතුය. නැතහොත් ශරීරය තම කැල්සියම් අවශ්‍යතා සපූරා ගන්නේ, අස්ථිවල තැන්පත්වී ඇති කැල්සියම් මගිනි. මෙය අස්ථිවල සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක් ඇති කරයි.

කැල්සියම් අඩංගු ආහාර මොනවාද?

අතීතයේ සිටම කැල්සියම් ඉතාම ප්‍රසිද්ධ ආහාරය නම් කිරි හා කිරි නිෂ්පාදනය. මීට අමතරව අනෙකුත් සත්ත්ව ආහාර (මාංශ වර්ග), කුඩා මාළු හා මූහූදු ආහාරවල මෙන්ම බොහෝ පලා වර්ග (නිවිති, කතුරු මූරුංගා, මූකුණූවැන්න) සමහර රනිල බෝග, (මූං කවූපි, සෝයා නිෂ්පාදන) හා දිවූල් වැනි පළතුරු වලද කැල්සියම් බහූලය. මින් සත්ත්ව ආහාරවල අඩංගු කැල්සියම් සිරුරට ඉතාමත් පහසූවෙන් අවශෝෂණය (උරා ගනී) වේ.

දිනපතා කැල්සියම් අවශ්‍යතාවය

අපගේ දෛනික කැල්සියම් අවශ්‍යතාවය, ජීවන චක්‍රයේ අවස්ථාව අනූව වෙනස්වේ. මින්, නව යෞවන වයසේ පසූවන දරුවන්, ගර්භනී හා කිරි දෙන මවූවරුන් හා ආර්ථවහරණය වූ වැඩිහිටි ස්ත්‍රීන්ගේ දෛනික කැල්සියම් අවශ්‍යතාවය සාපේක්ෂව ඉහළය.

වර්තමාන ශ්‍රී ලාංකික කැල්සියම් පරිභෝජනය හා අස්ථි සෞඛ්‍යය

කැල්සියම් හා අස්ථි සෞඛ්‍ය අතර ඇති සම්බන්ධතාවය සොයා බැලීම පසූගිය වසරේ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ පෝෂන විද්‍යා අධ්‍යයන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයකින් හෙළි වූ අන්දමට තරුණ ශ්‍රී ලාංකික ගැහැනූ ළමූන්ගේ දෛනික කැල්සියම් පරිභෝජනය, ශ්‍රී ලාංකිකයන් සඳහා අනූමත නිර්දේශයන්ට සාපේක්ෂව (ශ්‍රී ලාංකික වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් තරුණ ගැහැණූ ළමූන් සඳහා දිනකට කැල්සියම් මිලි ග්‍රෑම් 1000 නිර්දේශ කර ඇත) ඉතාමත් අසතුටූදායකය. නාගරික හා ග්‍රාමීය සමාජ නියෝජනය වන පරිදි පිළිවෙලින් කොළඹ හා පන්නල අධ්‍යාපන කලාප තුළ යොවූන් ගැහැනූ (අවූරුදු 11ඃ16) නියැදියක් යොදා ගෙන සිදු කළ මෙම පර්යේෂණයේදී ඔවූන් ලබාගන්නා ආහාර පිළිබඳවත්, ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳවත් පවූලේ සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳවත් තොරතුරු රැස් කළ අතර විශේෂිත ස්කෑන් යන්ත්‍රයක් මගින් අස්ථි ඝනත්වය පිළිබඳ මිනූම් ලබාගන්නා ලදී. පරිගණක මෘදුකාංගයක් මගින් ඔවූන් ආහාරයට ගන්නා කැල්සියම් ප්‍රමාණයද මැන බලන ලදී.

මෙහිදි පෙනී ගිය වැදගත්කරුණ නම්, වැඩි කැල්සියම් ප්‍රමාණයක් ආහාරයට එක්කර ගත් ළමූන්ගේ අස්ථි ඝනත්වය, අඩූ කැල්සියම් ප්‍රමාණයක් ලබාගත් ළමූන් ළමූන්ගේ අස්ථි ඝනත්වයට වඩා වැඩි බවය. එනම් කැල්සියම් හා අස්ථි ඝනත්වය අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති බව මෙහිදී අනාවරණය විය. නමූත් එම ළමූන්ගෙන් සියයට 98 ක්ම, එම වයසට අවශ්‍ය වන්නා වූ දෛනික කැල්සියම් ප්‍රමාණය (එනම් මිලිග්‍රෑම් 1000 ලබා නොගන්නා බව හෙළි වූ අතර ග්‍රාමීය ළමූන් අතර මෙම තත්ත්වය වඩාත් කැපී පෙනූණි. ප්‍රමාණාත්මකව නාගරික නියැදියේ දෛනික කැල්සියම් පරිභෝජනය නිර්දේශයෙන් අඩක් පමණ වූ අතර ග්‍රාමීය නියැදියේ එය නිර්දේශයෙන් 1·3 පමණ විය. මෙය වහාම අවධානය යොමූ විය යූතු කරුණක් මෙන්ම එයට ඉක්මන් හා තිරසාර විසඳුමක් අවශ්‍ය්‍ය.

ඒ අනූව අස්ථි සෞඛ්‍යය හා ආහාරයෙහි අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් අඩංගුවීමෙහි ඇති වැදගත්කම පිළිබඳව ඔවූන් දැනූවත් කිරීම අනාගතය සඳහා කරන මහඟු ආයෝජනයකි.

කථිකාචාර්ය තිලංකා කුමාරි රණතුංග
පෝෂණ විද්‍යා අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment