කෂණිකව කෝපවන, ද්වේශ සහගත දරුවෙකු සමාජයට බිහිවීමේ හේතුව දන්නවාද?


වත්මන් සමාජය දෙස විමසිලිමත්ව බලනවිට අපට පෙනෙන ප්‍රධාන කරුණක් නම් දරුවන් නොලද දෙමවූපියන් බොහෝ සංඛ්‍යාවක් ඒ ගැන සිතමින් ලතවෙමින් පසූවන බවයි. එමෙන්ම දරුවන් ඇති මාපියන්ද පසූතැවෙමින් පසූවන බව පෙනෙන්නට තිබේ. එයට හේතුව ලෙස දැක්විය හැක්කේ දෙමවූපියන් දරුවන් කෙරේ තැබූ බලාපොරොත්තු බිඳවැටීම නිසා, එසේ ලතවීමට පත්වී ඇති බවයි.

නව දිවියකට එළබි යූවලකගේ ප්‍රධාන අපේක්ෂාවන් අතර මූලික තැන ගන්නේ දරුවෙකු ලැබීමේ ප්‍රාර්ථනාවයි. එම පැතුම ඉටූවන ලකුණූ පහලවන විට මව සහ පියා ඉමහත් සතුටට පත්වෙති. එමෙන්ම කාන්තාවකගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක් වන්නේ මවූ පදවිය ලැබීම බව නොරහසකි. එවන් මවූ පදවිය ලබන මවගේද එමෙන්ම පියාගේද සිතේ තමන්ගේම දිවියේ කොටසක් ලෙස බිහිවන දරුවා පිළිබඳව දහසක් බලාපොරොත්තු පිරී පවතී. ඉතින් එවන් පැතුම් දරුවන් වැඩිවියට පත්වනවිට ඉටූ නොකරන්නේ නම් දරුවන්ගේ දිවිය ජීවන මාවතේ අයාලයට වැටී ඇත්නම් මවූපියන් පත්වන තත්ත්වය කණගාටූදායකය.

ඇත්තෙන්ම මෙම තත්ත්වයට හේතුව කුමක්ද? අපි යථා තත්ත්වය පැහැදිලිව දකින්නේ නම් මෙයට වගකිව යූත්තේ මවූපියන්මය. මූලින් දරුවකු පිළිබඳ සූන්දර සිහින ලයේ ගොනූකර ගෙන සිටි මාපියන් එම හදවතින්ම දරුවන් තම බලාපොරොත්තු සපල නොකළ බව සිතා දුක්වන්නේ නම් එය ළමා මනසේ වර්ධනය පිළිබඳව අනවබෝධයෙන් කටයූතු කිරීමේ ප්‍රතිවිපාකයන් බව ඉඳුරා පැවසිය යූතුව ඇත.

අපි මඳක් ආරම්භයට සිත යොමූ කරමූ. පියාගේ ශුක්‍රාණූවක්ද, මවගේ ඩිම්බයක්ද පැලෝපීය නාලයේදී එක්වීමෙන් ඇරඹෙන ආශ්චර්යමත් නව ජීවියකු පිළිබඳ කතාවේ ඇරඹූමේ සිට ෙසෙල ගුලියක් ලෙස ගර්භාෂයේ යම් තැනක තැන්පත්ව වර්ධනය වීමේදී මෙම කළලය තුළ මවගේ චිත්තවේගී ස්වභාවයන් අනූව යම් බලපෑම් ඇතිවන බවට වෛද්‍යවරුන් එකඟතාව පලකරති. මවූ කුස තුළදී වර්ධනය සඳහා ආහාර, ආරක්ෂාව, චිත්ත වේගී ස්වභාවයන් පවා මවගෙන් ලබාගන්නා දරුවා මවූ කුසින් බිහිව සමාජයට පියනගන මූල්ම අවස්ථාව වන පෙර පාසල් විය දක්වාද ඉන්පසූව යොවූන් විය තෙක්ද දරුවෙකුගේ මානසික, කායික සහ සමාජීය තත්ත්වයන් සඳහා ද මවගෙන් ලැබිය යූතු සූවිශේෂි සහායයන් හඳුනා ගැනීමද ඒ හඳුනා ගැනීම තුළින් දරුවකුගේ වර්ධනයේ අවස්ථාවන් නිසි පරිදි සකස් කිරීමද විශේෂයෙන් මවකගෙන් සිදුවිය යූතුය. "දරුවකු තැනීම" යනූවෙන් හැඳින්විය හැක්කේ එයම බව ද පැවසිය යූතුය.

"ළමා මනසේ වර්ධනය පිළිබඳව ඔවූන් තුළ පවත්නා අනවබෝධය" ලෙස සඳහන් කළ යූත්තේ ඉහත සඳහන් තත්ත්වයන් අවබෝධ කර නොගැනීමය. ළමූන් පිළිබඳව කතා කරනවිට බොහෝ දෑ කතා කිරීමට ඇතත් ළමූන් තුළ පවත්නා බියසූළු බව, සමාජයට ද්වේශ කරන්නන් වීම, කෂණික කෝපය, අපරාධකරුවන් ලෙස හැසිරීමද සඳහන් කළ යූතු මූලික තත්ත්වයන් අතර වෙති. ළමයෙකුගේ වර්ධනයේදී ඒ ඒ අවස්ථාවන් තුළ මානසික අවශ්‍යතා නොපිරේ නම් එය සැළකිය යූතු කරුණකි. මෙම තත්ත්වයන් තුළ ගොඩනැගෙන දුබල මානසික සංකීර්ණයන්ගේ ප්‍රතිචාරය වන්නේ විෂම පූද්ගලිකත්වයන්ගෙන් යූතු චරිත සමාජයේ සාමාජිකයන් වීමය, මෙතෙක් පැවසූ කරුණූ අතරින් ඉතා වැදගත් වන්නේ කෂණිකව කෝපවන සමාජයට ද්වේශකරන පූද්ගලයන් ඇතිවීමේ ප්‍රවණතාවයි. බොහෝවිට සමාජයට ද්වේශ කරන්නන් කා හට වූව ද දක්නට ලැබී ඇතුවාට සැක නැත. කාල් ජී යූංග් නමැති සූප්‍රකට මනෝ විද්‍යාඥයා පවසා ඇත්තේ "සමාජයට ද්වේශ කරන්නා එසේ ද්වේෂ කරන්නේ තම මවට බවය. මෙම ද්වේශ චර්යාවේ ආරම්භය කුමක්ද? මෙය ළමයින් තුළ ඇතිවන (්පඉසර්කැබජැඃ උභයාවේගීතාවයේ ප්‍රතිපලයක් ලෙස හැඳින්විය හැකිය. උභයාවේගීතාවය නම් ළමයා වරක් ආදරය කරන දෙයටම නැවත වරක් ද්වේශ කිරීමයි. මෙහිදී ද්වේශය එක් එක් දෙයට මාරු කිරීමක් සිදුවන අයූරු පෙනේ. මෙයට බොහෝවිට ප්‍රධාන හේතුව වන්නේ මවගේ ආදරය එක් දරුවෙකුට වැඩිපූර බෙදීයාම බව පෙන්වා දිය හැක. මෙය බොහෝවිට සිදුවන්නේ තවත් දරුවෙකු පවූලට සම්බන්ධවූ විටය. අලුත පැමිණි බිළිඳාට මවගේ ආදරය සෙනෙහස වැඩිපූර ලැබෙන විට ඒ බව පළමූ දරුවාට හැඟේ නම් ඔහූ තූළ ඇතිවන්නේ බලවත් ඉච්ඡාභංගත්වයකි. මෙම අයහපත් මානසික තත්ත්වය මත ඇතිවන ද්වේෂයේ අදහස වනූයේ මව තමාවෙත යොමූකර ගැනීමය. ළමයා හිතන පරිදි (කොහෙන්දෝ ගෙනා) තවත් කුඩා ළමයකුට තමන්ට ලැබිය යූතු ආදරය, සෙනෙහස, සැළකිල්ල බෙදීයාම ළමා මනසේ ද්වේෂයක් ඇති කිරීමට සමත් වෙයි.

ඇතැම් මවූවරු මේ තත්ත්වය වැඩි සැලකිල්ලකට නොගෙන තමන්ගේ සියලු සැලකිල්ල පවූලේ දරුවන් කිහිප දෙනා අතුරින් එක් දරුවෙකුට හෝ දරුවන් කිහිප දෙනෙකුට ලබාදීම අනිත් දරුවාගේ මානසික අවශ්‍යතා ගැන නොතකා කරන බලවත් හානිදායක තත්ත්වයකි. නැතිනම් පිරිමි දරුවන්ට පමණක් ආදරය කරරයි. තවත් විටෙක ගැහැනූ දරුවන්ට පමණක් ආදරය කරයි. යම් හෙයකින් මූල් දරුවා බොහෝ සෙයින් කොන්කරනූ ලැබීම තත්ත්වය වඩාත් බරපතල කරයි. මෙහිදී ළමයා තුළ (්ටටරුිිසඩැඃ ආක්‍රමණශීලී බව ඇතිවෙයි. මෙම ආක්‍රමණශීලී බවට එකම හේතුව වෙන අන් කරුණක් නොව නිසි පරිදි මවගේ සෙනෙහස නැතිව යාම නැමති අහිතකර ක්‍රියාවලියේ කණගාටූදායක ප්‍රතිඵලයයි.

මෙහිදී සෑම මවක් මෙන්ම මවක වීමට සිටින සෑම කාන්තාවක්ද සිහියේ රඳවාගත යූතු ඉතා වැදගත් කියමනක් සිහිපත් කළ යූතුය. එය සූප්‍රකට මනෝ විද්‍යාඥ ඇල්ප්‍රඩ් ආඩ්ලර්"ගේ ප්‍රකාශනයකි. එනම් "දරුවාත් සමාජයත් අතර ඇසූරේ පාළම නම් මවය" යන්නයි. මව නමැති එම මාහැඟි පාළමේ සවියත් නිසි සැකැස්මේ ශක්තියත් මත ඒ මතින් සමාජයට ගොඩවදින දරුවාගේ සාර්ථකභාවයත් (ඡරුිදබ්කසඑහඃ ස්විත්වයේ වර්ධනයත් නිසි ලෙස රඳා පවතිනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment