බිම්මල් ඔම්ලටි


අවශ්‍ය ද්‍රව්‍ය

බිම්මල් (සිහින්ව ලියාගත් ඔයෙස්ටර් හා ජෙලි බිම්මල්) ග්‍රෑම් 50

බිත්තර 1

පෙති කපාගත් තක්කාලි ගෙඩි 2

මාගරින් තේ හැඳි 1

සිහින්ව ලියාගත් රටළුෑනූ ගෙඩි 1

සිහින්ව කපාගත් අමූමිරිස් කරල් 2

ගම්මිරිස් තේ හැඳි 1

කරපිංචා, ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

බිම්මල් සෝදා තීරුවලට ඉරා හෝ හතරැස් කෑලි ලෙස හෝ කපාගන්න. ඒවා මිරිකා ජලය ඉවත් කරන්න. පසූව ලුණූ සහ ගම්මිරිස් සමඟ බිත්තර හොඳින් ගසාගන්න.

තාච්චූවට මාගරින් දමා රත්කරගෙන පසූව බිම්මල් දමා ඒවා තෙම්පරාදු වන විට ඔම්ලටි සාදන ආකාරයට බිත්තර සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය එයට මිශ්‍ර කර සාදාගන්න.

බිම්මල් සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

බිම්මල් ග්‍රෑම් 200

මාගරින් ග්‍රෑම් 100

රටළුෑනූ ග්‍රෑම් 200

බිත්තර 1

අඹරාගත් අබ, ගම්මිරිස්, කහකුඩූ, ලුණූ කුඩූ හා සීනි ස්වල්පයක් බැගින්

සාදන ක්‍රමය

පාන්පිටිවල ලුණූ, සීනි, කහ සහ ජලය එකතු කර උකු මිශ්‍රණයක් සාදාගන්න. බිත්තර ද හොඳින් ගසා මිශ්‍ර කර ගන්න. බිම්මල් සෝදා තරමක් ලොකු කැබලිවලට කඩා ජලය තෙත මාත්තු කර පාන්පිටි මිශ්‍රණයේ තවරා රන්වන් පාට වනතෙක් තෙලෙන් බැදගන්න. අවශ්‍ය නම් පාන් පිටි දියරයේ බහාලු බිම්මල් නැවත බිස්කටි කුඩූවල දවටා බැදගැනීමට ද පූළුවන.

අඹරාගත් අබ, ගම්මිරිස් හා ලුණූ කුඩූ හෝ චිලි පේස්ටි ටිකක් මාගරින් සමඟ මිශ්‍ර කරන්න. සිහින්ව කපාගත් පාන් පෙතිවලට ඉහත මාගරින් මිශ්‍රණය තවරන්න. (එම මිශ්‍රණයට මිංචි කොළ ටිකක් අඹරා එකතු කිරීමෙන් රසය වැඩිවේ) එම පාන්පෙති දෙකක් අතරට සලාද කොළයක්, තක්කාලි පෙත්තක් හා ළුෑනූ පෙත්තක් තබා එය මතට බැදගත් බිම්මල් පෙත්තක් තබා ත්‍රිකෝණාකාරව කපා කෑමට ගන්න.

බිම්මල් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

අමූ බිම්මල් ග්‍රෑම් 200

කැරටි ග්‍රෑම් 100

රවූමට කපාගත් රටළුෑනූ ගෙඩි 2

මාගරින් මේස හැඳි 2

තක්කාලි ගෙඩි 2

අඟල් 1 ක ප්‍රමාණයට කැපූ ලීක්ස් ග්‍රෑම් 50

මාළු මිරිස් කරල් 5

තලාගත් සූදුළුෑනූ බික් 5

සියූම් කැට කැපූ ටෝෆූ

අජිනෝමොටෝ ස්වල්පයක්

ගම්මිරිස් කුඩූ හා සීනි මේස හැඳි 4

ඉඟුරු ස්වල්පයක්

ලුණූ, කුරුඳු, රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණ

සැල්දරි ස්වල්පයක්

එළවළු තෙල් අවශ්‍ය පමණ

සාදන ක්‍රමය

පිටි වතුර සහ ලුණූ කලවම් කර පිටි දියරය සාදාගන්න. බිම්මල් නටූව කපා තෙත මාත්තු කර අඟල් 1 1·2 පමණ කෑලිවලට කපා පිටි දියරයෙහි දවටා පසූව ගැඹූරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න. ටෝෆූ කැබලි ද එලෙස බැද පසෙකට ගන්න. කපාගත් කැරටි උතුරන වතුරට දමා විනාඩි 5 ක් තම්බා ගන්න. ඉන්පසූ මාගරින් රත්කර එයට බිම්මල්, තක්කාලි සහ එළවළු හැර අනෙකුත් සියල්ල එකතු කර තෙම්පරාදු කරගන්න. දෑන් එයට එළවළු, එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසූව එයට බැදගත් බිම්මල් ටෝෆූ සහ තක්කාලි දමා නැවත හැඳිගාන්න. විනාඩි කිහිපයක් බැඳුනූ පසූ ලිපෙන් ඉවතට ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment