අද වනවිට සෑම දෙයක්ම වගේ මිල ඉහළ ගොසිනි. හාල්, පොල් වගේම ගෑස් මිලද එලෙසය. එමනිසා දැන් දැන් බොහෝ දෙනා යළිත් දර ලිපට පූරුදුවී සිටී. දර ලිප ගැන කතාකරන විට මැටිවළං ගැන ද කතා නොකරම බැරිය. දර ලිපේ ආහාර පිසීමට යොදාගන්නේ බොහෝවිට මැටි වළංය. එම නිසා ගෘහනියන් බොහෝ දෙනා යළිත් මැටි වලං මිලදී ගැනීමට උනන්දුවක් දක්වයි. මේ හේතුව නිසා මැටි වළං සාදන හා වෙළඳාම් කරන වෙළෙඳුන්ට වාසියක් සිදුවී ඇද්ද? මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අපි මැටි වළං වෙළඳාම් කරන කිහිප දෙනෙකු සමඟ කතා බහ කළා. මේ ඔවූන් පැවසූ අදහස්.
මම කැලණියේ පදිංචිය. මගේ නම චමිලා. අපි ජීවත්වෙන්නේ මේ මැටිවළං වෙළඳාමෙන් තමයි. මම නවය වසර තෙක් පාසල් ගියා. ආර්ථික ප්‍රශ්න නිසා තමයි ඉගෙනීම නතර කළේ. මගේ පවූලේ අම්මයි, මල්ලිලා දෙන්නයි, මමයි ඉන්නේ. තාත්තා අපි පූංචි කාලෙම නැති වූණා. කියන තරම් ලොකු වාසියක් මැටි වළං වෙළඳාමෙන් ලැබෙන්නෙ නැහැ. සිංහල අවූරුද්ද නිසා ගිය දවස් ටිකේ ටිකක් වැඩිපූර මැටි වළං වෙළඳාම් වූණා. ඒත් හැමදාමත් මිනිස්සූ ඇවිත් වළං ගෙනියන්නේ නැහැ. දැන් හැමදේම මිල අධික නිසා මේ වෙළඳාමෙන් ලැබෙන මූදල අපි හතර දෙනාට ජීවත්වෙන්න මදි. ගෑස් මිල ඉහළ ගියා කියලා ඒ හැටි වාසියක්නම් අපට නැහැ. අපි මැටිවළං හදන්නෙ නැහැ. හදන අයගෙන් මිලට ගෙන තමයි වෙළඳාම් කරන්නේ. අපට සූළු වාසියක් තියාගෙන වෙළඳාම් කරනවා. අවූරුදු කාලෙට, පල්ලියේ උත්සව කාලෙට නම් අපට යම් වාසියක් ලැබෙනවා. නමූත් හැමදාම එහෙම වාසි ලැබෙන්නේ නැහැ. අව්වට වේලි වේලී පාර අයිනේ වළං තියාගෙන මූළුඳෑදවස පූරාම ඉඳලා වළදක් දෙකක් පමණක් වෙළඳාම් කරගෙන ගෙදර යන වෙලාවලුත් තියෙනවා. වැස්සට තෙමි තෙමී අව්වට වේලි වේලි කුසගින්න නිවාගන්න මෙහෙම දුක්විඳිනකොට මේ වෙළඳාම අත්හැරලා දාලා වෙනත් කුලී වැඩක් කරන්න ඕන කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා.
නමූත් මේක අපේ පූරුදු රස්සාවනේ. අම්මත් මගෙත් එක්ක වළං වෙළඳාම් කරනවා. එයා වෙනත් තැනක වළං වෙළඳාම් කරනවා නැතිනම් මෙතන විතරක් වළං වෙළඳාම් කරලා ජීවත්වෙන්න අමාරුයි. අපි වළං ගේනකොට සමහර වෙලාවට වළං බිඳිලා තියෙනවා. ඒ වගේ ඉතින් පාඩූත් අපිට සිදුවෙනවා. ඔහොම තමයි ඉතින් වළං වෙළඳාම අපි කරගෙන යන්නේ. සමහර වෙලාවට අපි උදේ එනකොට අපි වළං වෙළඳාම් කරන තැන තවත් අය වළං දාගෙන ඉන්නවා. එතකොට ඉතින් ප්‍රශ්නත් ඇති වෙනවා. එහෙම වූණාම අපිට නිදහසේ වෙළඳාමක් කරගන්න අමාරුයිනේ. ඒ වූණාට එක්කෙනක් දෙන්නෙක් තමයි එහෙම කරදර කරන්නේ අනික් හැමෝම සහයෝගයෙන් වළං වෙළඳාම කරගෙන යනවා. අපි හැමෝම මහන්සි වෙන්නේ කුසගින්න නිවාගන්නේ. චමිලා අවසානයේ අප සමඟ එලෙස පැවසූවා.
මම නන්දසේන මමත් කැලණියේමයි පදිංචි. අපි කඩූවෙලින් මැටි ගෙනත් තමයි වළං හදන්නේ. මැටිත් දැන් හරි ගණන්. මැටි වළං හදන එකක් ලේසි වැඩක් නෙමෙයි. නමූත් අපි හැමෝම ජීවත්වෙන්නේ මේ වෙළඳාමෙන්නේ. ගෑස් මිල ඉහළ ගිය නිසා පොඩි වෙනසක් වෙලා තියෙනවා කියල නම් හිතෙනවා. මොකද වෙනදට වැඩිය තරමක් වෙළඳාම සරුයි. නමූත් ඒකත් ටික දවසකට විතරයි. දැන් දැන් ආයෙත් සූපූරුදු පරිදි වෙළඳාම් අඩූයි.
මේකනේ මිස් හැමදාම ගෙවල්වලට වළං අරගෙන යන්නේ නෑනේ. අනික මේ දවස්වල වැස්ස නිසා අපිට ගොඩක් පාඩූයි. වැස්ස නිසා අපිට වෙළඳාමක් කරගන්න බෑ. වළං වහලා දාලා අපි ගෙදර යනවා. මේ දවස් ටිකේම ඒක තමයි කළේ. වැස්ස නිසා අපි හැමෝම බඩගින්නේ. අනික මැටි වළං ගන්න එන අයත් හදන්නේ කොහෝම හරි අඩූවටම වළං ගෙනියන්න. ඒ වූණාට මිස් අපි සූළු මූදලක් තියාගෙන තමයි වළං වෙළඳාම් කරන්නේ. අඩූ කරන්න බෑ කිව්වමත් නෝනලාට තරහ යනවා.
අපි මූළු දවසේම අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි වළඳක් මූටිටියක් වෙළඳාම් කරගන්න දරන වෑයම ගැන කාටවත් තේරෙන්නෙ නැහැනේ. අපේ දරු මල්ලෝ යැපෙන්නේ මේ වෙළඳාමෙන් තමයි. අපි ගැන කවූරුත් හොයලා බලන්නෑ. අපිට කවූරුත් ඇවිත් උදව් උපකාර කරන්නේ නැහැ.
0 comments :
Post a Comment