දරුපල පතන සෑම දහ දෙනෙකුගෙන් එක් අයෙකුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ



සරුදින මෙසේ හදුනා ගනිමූ

දරුවකු පිළිසිඳ ගැනීම සැමියා හා බිරිඳ අතර වන සංසර්ගයේ ප්‍රතිඵලයක් බව ඔබට අමූතුවෙන් කිවයූතු නොවේ. එසේම දරුවෙකු පතන ඔබට දරුඵල ලැබීමේ හැකියාව ඇති විශේෂිත දින කිහිපයක් පමණක් සෑම ඔසප් මාසයකදීම ඇති බවද ඔබ දතයූතු කරුණකි.

සෑම මාස් ශුද්ධියක ආරම්භයේදී වැඩෙන්නට පටන් ගන්නා ස්ත්‍රී බීජය පරිණත වී ඩිම්බ කෝෂයෙන් පිටවන්නේ මාස් ශුද්ධිය ඇරඹී ගතවන 14 වන දිනයේ පමණය. මේ ඩිම්බයේ ජිවය රඳා පවතින්නේ දින දෙකක් පමණි. එම දින දෙක තුළ පිරිමි ශුක්‍රාණූවක් මූණ ගැසූනොත් එය හා එක්ව කළලයක් බවට පත්ව විකසනය වනවා සේම එසේ පූරුෂ ශුක්‍රාණූවක් මූණ නොගැසූනහොත් එය මිලිනව වියැකී යනූ ඇත. මෙයින් ඔබ තේරුම් ගත යූත්තේ ගැහැණියකගේ සරුබව බීජයේ ජිවය රැඳුණූ මේ දින කීපයට සීමාවන බවයි. දින ගණනින් දක්වතොත් මේ සරු කාලය වන්නේ ශුද්ධවීම ඇරඹූනූ දිනයේ සිට ගණන් කොට එළඹෙන 13, 14, 15 යන දිනයන්ය. මේ නිසා දරුවකු පතන ඔබ සැමියා හා එක්විය යූත්තේ මේ දින කීපය තුළයි. ඉන් බැහැර දිනවල එක් වීමෙන් දරුවෙකු ලැබීමේ ඉඩ කඩක් නැත. මෙසේ සරු දින බලා එකතුවන අයගෙන් 80% ට පමණ මාස 12 ක කාලයක් තුළ දරු පිළිසිඳ ගැනීමක් සිදුවන බව අපි අත්දැකීමෙන් දනිමූ. එසේම අවූරුද්දක් ඉක්ම ගිය විටත් දරු පිළිසිඳ ගැනීමක් නොවූනහොත් එසේ වන්නේ ඔබගේ හෝ ඔබගේ සැමියාගේ දුර්වලතාවයක් නිසා බව ප්‍රත්‍යකෂය. එවන් වූ ඔබ වෛද්‍යාධාර පැතිය යූතු යූවලක් වේ.

ඔබේ වයසද වැදගත් සාධකයකි

කරුණූ මෙසේ වූවත් කාන්තාවකගේ වයසද දරුඵල ලැබීමට කෙලින්ම බලපාන සාධකයක් බව අමතක කළ යූතු නැත. කාන්තාවන් වූ ඔබ මව් කුසින් බිහිවන විටම ඔබගේ ඉදිරි ජිවිතය පූරා මාසයෙන් මාසය නිකුත් කරන ඩිම්බ ඔබගේ ඩිම්බ කෝෂ යූගලයේ ගබඩා වී ඇත. කිසිම කාන්තාවක් ඔවූන්ගේ ජිවිත කාලය තුළ කිසිම ආකාරයකින් අලුතිත් ඩිම්බයක් නිපදවන්නේ නැති බව මෙයින් අවධාරණය වේ. සිදුවන්නේ උපතින්ම

රැගෙන එන බීජ එකින් එක මාස්ශුද්ධියක් පාසා නිකුත් කිරීම පමණයි. මේ අනූව නව යොවූන් තරුණ වියේ ඔබ පිටකරන ඩිම්බ නිරෝගී බවින් උපරිම තත්ත්වයේ බීජ වන අතර ඔබ වයසට යන විට පිටවීමට ඉතිරිවන ඩිම්බ නිරෝගී බවින් අඩූ ඩිම්බ වේ. ඒවායේ සරුබව අඩූවන්නා සේම ඉන් ඇතිවන දරුවන්ද නිරෝගී බවින් අඩූ බවද මෙහිදී තේරුම් ගත යූතුය. මේ නිසයි කාන්තාවකගේ දරුවන් ලැබීමේ හොඳම වයස අවූරුදු 18 ඃ 25 තරම් බව අප හැම විටම පවසන්නේ. මේ පසූබිම මත ඔබට අවධාරණය කරන කරුණ වන්නේ යම් හේතුවක් නිසා ඔබගේ විවාහය පමාවී නම් අර මූලින් සඳහන් කළ ලෙස දරුඵල පමාවීමකදී දරුඵල ලැබේයැයි බලාපොරොත්තුවෙන් අවූරුද්දක් තරම් කල් ගත කිරීම යෝග්‍ය නැත. මේ නිසා අවූරුදු 35 ඉක්මවූ කාන්තාවන්ට මාස 4 හෝ 6 ක කාලයක් තුළදී දරුඵල නොලැබේ නම් වෛද්‍ය උපදෙස් පැතීම නූවණට හූරුය.

මේ කොටස් දෙක හැරුණ කළ ඔබටම හඳුනාගත හැකි යම් යම් ලකෂණ හරහා වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් තොරව ඔබට දරුඵල නොලැබෙනූ ඇතැයි සැක කළ හැකි අවස්ථාද වේ. ඒවා අපි මෙසේ හඳුනාගනිමූ.

ඔසප් රටාව ගැනත් සිතන්න

දරුවෙකු ලැබීමේ සමස්ථ ක්‍රියාවලිය නිරෝගී බීජයක් මත රඳා පවතී. ඉතින් ඔබ යම් අසාමාන්‍ය තත්ත්වයක් මත සාමාන්‍ය බීජ වර්ධනය සිදුනොවන කාන්තාවක් නම් ඒ හේතුවෙන් ඔබේ සරුභාවය අඩාල වන බව තේරුම් ගත යූතුය. කාන්තාවකගේ බීජ නිපදවීමේ හැකියාව අඩාලවන එකිනෙකට වෙනස්වන හේතු රාශියකි. ඔබගේ මාසික ශුද්ධවීමේ රටාව ඩිම්බ නිපදවීමේ ක්‍රියාවලිය හා ඉතා සමීපව බැඳී ඇති බැවින් බීජ නිපදවීම අඩාලවන හැම විටකදීම වාගේ මාසික ශුද්ධවීම ඇතිවීමේ රටාවද අක්‍රමවත් වේ. මේ නිසා ඔබ දරුඵල පතන කාන්තාවක් නම් ඔබගේ මාසික ශුද්ධ වීමේ රටාව ඉතා සූළුවෙන් හෝ අක්‍රමවත් වී ඇත්නම් එය හා බැදුනූ බීජ නිපදවීමේ ඌණතාවයක් ඇති බව තේරුම් ගෙන කල් නොයවා වෛද්‍ය උපදෙස් පැතිය යූතුවේ.

මාර්ග බාධක

දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා බීජ වර්ධනයේ අවශ්‍යතාවය කලින් සඳහන් කළා සේම ඒ හා එක්ව යායූතු අනෙක් අවශ්‍යතාවය වන්නේ පිරිමි ශුක්‍රාණූවක් ස්ත්‍රී බීජය වෙත යොමූවී ඒ හා බද්ධ වීමයි. මේ අවශ්‍යතාවය සපිරෙන්නට නම් සංසර්ගය මගින් යෝනි මාර්ගයේ තැන්පත් වන ඉස් ගෙඩියෙකුගේ හැඩය ගන්නා පූරුෂ ශුක්‍රාණූ යෝනි මාර්ගයෙන් ගර්භාෂයටත් එතැනින් පැලෝපිය නාලයටත් පීනා යා යූතුයි. ශුක්‍රාණූවට මෙසේ පීනා යන්නට යෝනියේ සිට පැලෝපීය නාලය දක්වා වූ ස්ත්‍රියගේ දරු මාර්ගය අවහිර නොවී තිබිය යූතුය. කලල අවස්ථාවේ ප්‍රජනන පද්ධතිය සැකසෙන විට ඇතිවන විෂමතා නිසා මාර්ගය අවහිරවී යා හැක. එසේම කාන්තාවගේ ජිවිත කාලය තුළ ඇතිවන යම් යම් රෝග තත්ත්ව නිසාද මේ මාර්ගය ඇද කුද වී අවහිරවීමේ තර්ජනයකට මූහූණ දේ. විවිධ වූ මේ රෝග තත්ත්වයන් අතර ඉතා බහූලවම හමූවන රෝග තත්වයන් දෙකකි. ඉන් පළමූවැන්න බැක්ටීරියා හෝ ඒ හා සමාන කෂූද්‍ර විෂබීජ නිසා ඇතිවන ආසාධනයි. මේවා බොහෝ විට ලිංගික විෂමාචාර විධි නිසා සිදුවනවා සේම පෞද්ගලික පිරිසිදු බව අඩූවීමත් යම් තරමකට හේතු වේ. දෙවැනි කරුණ තවත් බහූල රෝගී තත්ත්වයක් වන එන්ඩොමෙට්‍රියෝසිස් (ෑබාදපැඑරසදිසි) වේ. මාසික ලේ ගැලීම් හා පිටවන ෙසෙල කොටස් පැලෝපිය නාලය හරහා උදරයට ඇතුලූ වී ගර්භාෂය අවට තැන්වල තැන්පත්වී වැඩීම නිසා ඇතිවන රෝග තත්ත්වයකි. මෙයද ආසාදන සේම පැලෝපීය නාල ඇද කුද කර විකෘතිවන තත්ත්වයක් ඇති කරයි. මේ තත්ත්වයන් ඔබ වෙත අත්දැයි ඔබටම සැක කළ හැකිවන ලකෂණ කිහිපයකි. මෙම ලකෂණ අතින් මේ රෝගී තත්ත්වයන් දෙකම බොහෝ දුරට එක හා සමාන වේ. මාස් ශුද්ධියේදී කැටි කැටි වශයෙන් අධික ලේ ගැලීම දින ගණනාවක් පූරා පැවතීම ඉන් පළමූ වැන්නයි. මාසික ශුද්ධිය ආශ්‍රිත යටිබඩ ප්‍රදේශය සහ පිටකොන්දේ ඇතිවන තද වේදනා දෙවැන්නයි. මේ වේදනාවේ ලකෂණය වන්නේ මාස් ශුද්ධිය ලංවත්ම ඇරඹී දිනෙන් දින වැඩී ලේ වහනය සමනය වෙනවාත් සමඟම අඩූවීමයි. මෙවන් රෝග ලකෂණ ඔබට ඇත්නම් එය ඔබගේ දරු මාර්ගයේ ඇති වූ රෝගයක් නිසා බව තේරුම් ගෙන කල්යා නොදී වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍යය.

සංසර්ග දුර්වලතා ඇත්නම්

මෙතෙක් අප පැවසූ කරුණූ අනූව දරුවකු ලැබීමට නම් සැමියා හා සංසර්ගයේ යෙදීම අනිවාර්ය සාධකයකි. දැන් අප යොමූවන්නේ ඒ වෙතය. යම් යූවලකට හිටිහැටියේ සංසර්ගයේ යෙදී පූරුෂයාගේ ශුක්‍රාණූ නිසි ලෙස ස්ත්‍රියගේ යෝනියේ තැන්පත් කළ නොහැකි නම් දරුවෙකු ලැබීමේ හැකියාව වැලකී යයි. සංසර්ග දුර්වලතාවය පූරුෂයාගේ අප්‍රාණික බව හෝ කෂණික මෝචනය නිසා විය හැක. නැතහොත් ස්ත්‍රියගේ යෝනි පේෂි ලිහිල් නොවීම විය හැක. එසේම කලල අවධියේ ස්ත්‍රී ලිංගික පද්ධතිය විකසනය වීමේදී ඇතිවන පටල නිසා යෝනිය අවහිර වී තිබීමද තවත් හේතුවකි. මේ සාධක කලකට පෙර අප මානසික රෝග යටතේ හැඳින්වූවද දැන් දැන් අප දැනූවත් වී ඇත්තේ එය මොළයේ රසායනික සංඝටකවල පරස්පරයක් නිසා බවයි. පූරුෂයාගේ ශුක්‍රාණූ අඩපන වීමද මේ යටතේම සැලකෙන තවත් එක් කරුණකි. මේ සියළු රෝග තත්වයන් දැන් ඖෂධ මගින් සමනය කරගත හැකි තත්ත්වයන්ය. මේ නිසා සංසර්ග දුර්වලතා ඇති ඔබද බිය සැක සහ ලැජ්ජාව පසෙක ලා වෛද්‍ය උපදෙස් පැතිය යූතු තවත් කොටසකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment