බිම්මල් පීසා පීසා රොටිය සෑදීමට


බිම්මල් පීසා
පීසා රොටිය සෑදීමට

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 500

බේකින් පවූඩර් තේ හැඳි 01

සීනි තේ හැඳි 1/2

බිත්තර සූදු මද 01

ඊස්ටි තෙල් තේ හැඳි 1/4

ඔලිව් තේ හැඳි 02

ලුණූ තේ හැඳි 1·2

සාදන ක්‍රමය

පිටි හා ඊස්ටි හොඳින් කලවම් කරගන්න. ලුණූ, සීනි එකට එකතු කර ඔලිව් තෙල් ටික මිශ්‍ර කරන්න. ඉන්පසූ බිත්තරයද එකතු කර, අවශ්‍ය පදමට රස්නේ වතුර එකතු කර හොඳින් අනාගන්න. මෙය විනාඩි 30 ක් පමණ පිපෙන්නට තබා පීසා රොටිය සාදාගන්න. පිටිසා රොටී සූපිරි වෙළෙඳ සැල්වලින් මිලදී ගත හැක.

මැද පිරවූම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

හතු වර්ග 3 ක් පමණ ඃ ඔයෙස්ටර්, කළු ජෙලි බිම්මල්, බටින් (තරමක් සිහින් කැබලි)

මාළු මිරිස් රවූම් පෙති

තක්කාලි කැට, රටළුෑනූ කැට කපාගන්න

අවශ්‍ය පමණට තක්කාලි සෝස්, සූදුළුෑනූ සෝස්

මොසරැල්ලා චීස්

සාදන ක්‍රමය

සෝස් හැර අනෙකුත් ද්‍රව්‍ය තෙල් හැන්ඳක් රත්කර එයට දමා තරමක් රත්කර එයටම උක්ත සෝස් වර්ග අවශ්‍ය පමණට දමන්න.

පිටි මිශ්‍රණයෙන් රොටී තනා ඒ මත සෝස් අතුරා උක්ත බිම්මල් මිශ්‍රණය අතුරා එය මතට මොසරැල්ලා චීස් අතුරා පෝරණූවේ විනාඩි 20 ක් පමණ තබා පූළුස්සා ගන්න. මයික්‍රෝ උඳුනේ විනාඩි 5 ක් පමණ තබා ප්‍රයෝජනයට ගන්න.

ිම්මල් නූඩ්ල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

නූඩ්ල්ස්

සිහින්ව කපාගත් විවිධ බිම්මල් වර්ග(ඔයෙස්ටර්, කළු ජෙලි, ෂිටාකේ)

ඔලිව් තෙල් තේ හැඳි 4

සෝයා සෝස්

ලපටි මූං පැළ

තරමක් දිගට කැපූ ළුෑනූ කොළ

තලාගත් ඉඟුරු මේස හැඳි 1

තලාගත් සූදුළුෑනූ මේස හැඳි 1

ගම්මිරිස්

ලුණූ

සාදන ක්‍රමය

නූඩ්ල්ස් තම්බා සාමාන්‍ය ආකාරයට සකසා ගන්න. ඔලිව් තෙල් ලිප තබා එහි නූඩ්ල්ස් හැර අනෙක් සියල්ල තෙම්පරාදු කරගන්න. එයට අවශ්‍ය තරම් ජලය දමා විනාඩි 20 ක් තම්බා ගන්න. එයට සකස් කරගන්නා ලද නූඩ්ල්ස් මතුපිටට දමා හෝ මිශ්‍ර කර කෑමට ගන්න. "නෝර්" සූප් කැටයක්, චීස් ස්වල්පයක් මෙයට එකතු කිරීමෙන් රසය වැඩිවේ.

බිම්මල් බයිටි

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි බිම්මල් ග්‍රෑම් 100

කහකුඩූ හා ලුණූ කුඩූ ස්වල්පයක්

පිරිසිදු තෙල් බෝතල් 1/4

අවශ්‍ය නම් මිරිස් කුඩූ ස්වල්පයක්

සාදන ක්‍රමය

වියළි බිම්මල්, කහ හා ලුණූ කුඩූ අත ගා ගැඹූරු තෙලේ රන්වන් පැහැ වෙනතුරු බැදගන්න. එයට රතු මිරිස් කරල් කැබලි, කරපිංචා කැබලි ආදිය එකතු කර බැද ගැනීමෙන් හෝ චිලි පේස්ටි එකතු කර ගැනීමෙන් බත් පාර්සල් බැඳීමේදී කටගැස්මක් ලෙසද යොදාගත හැකිය.

බිම්මල් කටිලටි

අවශ්‍ය ද්‍රව්‍ය

බිම්මල් ග්‍රෑම් 300

අමූමිරිස් කරල් 4

පොල්තෙල් බෝතල් 1/2

ලුණූ අවශ්‍ය පමණ

ගම්මිරිස් කුඩූ ස්වල්පයක්

බිස්කටි කුඩූ

කෝන්පිටි

රතුළුෑනූ ගෙඩි 8

අර්තාපල් ගෙඩි 2

වියළි පාන් හෝ විස්කෝතු කුඩූ ස්වල්පයක්

උම්බලකඩ කුඩූ

පාන්පිටි ස්වල්පයක්

සාදන ක්‍රමය

බිම්මල් හූමාලයෙන් තම්බා හැකිතරම් කුඩා කැබලිවලට කපා එහි ජලය මිරිකා ඉවත් කරන්න. පසූව එයට ලුණූ හා ගම්මිරිස් කුඩූ මිශ්‍ර කර තෙම්පරාදු කරන්න.

මෙම මිශ්‍රණයට සිහින්ව කපාගත් අමූමිරිස්, රතුළුෑනූ, උම්බලකඩ ආදිය දමා තම්බා පොඩි කරගත් අලද දෙහි ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. බිස්කටි කුඩූ ස්වල්පයක් ද මිශ්‍රණයට එකතු කරගන්න.

ඉහත මිශ්‍රණයෙන් අවශ්‍ය ප්‍රමාණයේ ගුලි සාදා එය කෝන්පිටිවල තවරා පසූව උකු පාන්පිටි ද්‍රාවණයක ගිල්වා පසූව පාන් කුඩූවල තවරා ගන්න. ඉන්පසූ රත් වූ තෙලෙහි රන්වන් පැහැ වනතුරු බැදගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment