දේශීය ආයූර්වේදයට නැතිවම බැරි උක්

උදෑසන අවදි වන විට ඔබ දවස ආරම්භ කරන්නේ උණූ උණූවේ සාදා තිබෙන තේ කෝප්පය පානය කිරීමෙන් අනතුරුවයි. එසේ තේ කෝප්පය රස ගන්වන්නට වගේම පැණි රස ආහාර ද්‍රව්‍ය සියල්ලම රස ගන්වන්නට අවශ්‍ය සීනි ලබා දෙන ශාකයේ ගුණ අගුණ පිළිබඳ දැනූවත් වෙමූ.


ඉතා ප්‍රනීත රසයෙන් යූතු උක්ගස් පිපාසය නිවාලයි. දේශිය ආයූර්වේදයට නැතිවම බැරි උක්ගස් ඉංග්‍රිසියෙන් ෂූගර් කේන් නමින් හඳුන්වාලනූ ලබයි.

ඉතා වටිනා ඖෂධයක් වන උක්ගස ආශ්‍රිතව සීනි, සූකිරි, හකුරු පැණි නිපදවයි.

ක්ෂණික ශක්තිය, සීත ගුණය හා මධූර වීර්යෙන් යූතු උක්ගස් දියවැඩියා රෝගීන්ට සූදුසූ නොවේ. මූල රස වැඩි අතර අගරස අඩූය. උෂ්ණ පළාත්වල වැවෙන මෙම ශාකය ලංකාවේ සහ ඉන්දියාවේ වැවේ. අධික ශීත නොවන ඕනෑම ප්‍රදේශයක සාමාන්‍යයෙන් වැවෙන ශාකයකි.

උක් ශාකයේ මූල් දඩූ ඖෂධ වලට යොදා ගනී. උක් හකුරු නිපද වන අතර සක්කර ආදී විවිධ නිෂ්පාදන මෙමගින් සිදු කරයි. උක් යූෂ පානය කිරීමෙන් ක්ෂණික ශක්තිය ලබා ගත හැකි බව ආයූර්වේදයේ සඳහන් වේ. මේද අඩංගුු වන අතර ප්‍රෝටීන් ස්වල්ප වශයෙන් අන්තර් ගතය.

එමෙන්ම සීනි, ජලය, පිච්චිල ද්‍රව්‍ය, දුම්මල, කැල්සියම් ඔක්සිලේටි , යකඩ, සින්ක් ආදී විටමින් වර්ග රැසකින්ද යූතු වේ.

සූකිරි, උක් හකුරු ආයූර්වේදයේදී ඖෂධ ලෙස අනූපාතවලට යොදා බෙහෙත් සකස් කර ගන්නා අතරම අපට නැතිවාම බැරි සීනි නිෂ්පාදනයට උක් යෙදා ගැනේ.

උක් රසවත් පානයක් ලෙසටද සක්ස කරගත හැකි අතර සීත ගුණයෙන් යූතු නිසා සිරුරේ දැවිල්ල, දාහය තිබෙන විට ගුණදායක වේ.

අපගේ පාරම්පරික පැවත එන පූද පූජාදියට උක් නැතිවාම බැරි ද්‍රව්‍යයක් ලෙසට පෙන්වා දිය හැක. මන්ද දේව පූජා වටිටියේ උක් දඬූ කොටස පලතුරක් ලෙසට යොදා ගන්නා බැවිනි.

උක් ගස් ප්‍රභේද කිහිපයකින් යූතු වන හා මෙය තෘණ වර්ගයට අයත් ශාකයක් විදියට පෙන්වා දීමට පූළුවන. මෙවැනි වටිනා ඔසූ පැළයක් ඔබේ නිවසේ සිටූවා ගැනීමෙන් බොහෝ ප්‍රයෝජන අත් කර ගත හැකි වනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment