විවිධ ක්‍රමයට බිමිමල් හදමූ



2005 වර්ෂයේ කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ හොඳම පර්යේෂක ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර බිම්මල් සම්බන්ධ පර්යේෂණ සඳහා චීන රජයෙන් රන් පදක්කමක්ද ලබා ඇත.

ශ්‍රී ලක් බිම්මල් බත

අවශ්‍ය ද්‍රව්‍ය

පිසින ලද (සම්බා, ·බාස්මතී) කෝප්ප 5

සිහින්ව ලියාගත් විවිධ බිම්මල් ග්‍රෑම් 100

කැරටි ග්‍රෑම් 50

ලීක්ස් ග්‍රෑම් 50

සෝයා සෝස් තේ හැඳි 1

තක්කාලි සෝස් තේ හැඳි 2

අවශ්‍ය පමණ ලුණූ

ගම්මිරිස් කුඩූ ස්වල්පයක්

තුනපහ කුඩූ ස්වල්පයක්

ඉඟුරු සහ සූදුළුෑනූ අවශ්‍ය පමණ

සාදන ක්‍රමය

මාගරින් හෝ එළවළු තෙල් තේ හැඳි 02 ක් ලිප තබා රත්වන විට එයට සිහින්ව කපා මිරිකා ලුණූ තවරා ගත් බිම්මල් දමා තරමක් රන්වන් පාට වනතුරු තෙම්පරාදු කරගන්න. එයටම සිහින්ව ලියාගත් ඉඟුරු, සූදුළුෑනූ, ලීක්ස් සහ කැරටි දමා මිශ්‍ර කරන අතර එයට සෝයා සෝස්, තක්කාලි සෝස් ගම්මිරිස්, ලුණූ හා තුනපහ කුඩූ ස්වල්පයක් දමා බත්

සමඟ හොඳින් මිශ්‍ර කර මේසයට යවන්න

බිම්මල් කිරි හොදි

අවශ්‍ය ද්‍රව්‍ය

බිම්මල් ග්‍රෑම් 200

සිහින්ව කපාගත් අමූමිරිස් කරල් 2

තක්කාලි ගෙඩි 1

මිටි පොල්කිරි කෝප්ප 2

කුරුඳු පොතු කැබලි 1

රම්පේ, කරපිංචා, උළුහාල් ස්වල්පයක්

සාදන ක්‍රමය

බිම්මල් යොදා සිහින් තීරු ඉරාගන්න. බඳුනකට මිටි පොල් කිරි සහ ඉතිරි ද්‍රව්‍ය සියල්ල එයට එකතු කරන්න. බඳුන ලිප තබා බිම්මල් තැම්බෙන තෙක් නොනවත්වා හැඳි ගා ලිපෙන් ඉවත් කර ගෙන කෑමට ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment