තණකොළ හා සමාන වූ හැඩයක් ඇති කලාඳුරු


තණකොළ හා සමාන වූ හැඩයක් ඇති පැළෑටියකි. ගොවියාට කරදරකාරී වූවත් වර්ෂාවත් සමග වේගයෙන් පැතිරෙන කලාඳුරු වටිනා ඖෂධයකි. ඉංග්‍රීසියෙන් භමඑ ටරුිි යනූවෙන් හැඳින්වෙයි. කලාඳුරු අල හා කොළ ඖෂධ පිණිස ගනී.




ආමාශ ගත හා බඩවැල් ආශ්‍රිත රෝග සඳහාත් වමනය, අතීසාරය වැනි රෝග සූව කිරීම සඳහාත් කලාඳුරු ඖෂධයක් ලෙස ගනී. කිරිදෙන මවූවරුන්ට වඩාත් ගුණදායකය. පණූ රෝග, නසා බඩගින්න වඩයි.

අමූ කලාඳුරු අල, අමූ ඉඟුරු සමඟ කොටා යූෂ බීමට දීම, කලාඳුරු අල සහ ඉරිවේරිය වන්ඩූවේ තම්බා මිරිකා බීමට දීම, කලාඳුරු අල පමණක් ගෙන එළකිරි හා වතුර සමග කෂාය කර බීමට දීම අතීසාරය සූව කිරීමට හේතුවෙයි.

කලාඳුරු අල ඇල් ජලයෙන් අඹරා පියයූරුවල ගෑමෙන් ස්ථන ග්‍රන්ථි උත්තේජනය කර කිරි නිපදවන බව දේශීය වෛද්‍ය විද්‍යාවේ පෙන්වා දෙයි.

කලාඳුරු අල ගිතෙලින් අඹරා තුවාලය පිට ගෑමෙන් තුවාල සූවවෙයි.

කලාඳුරු අල සහ සියඹලා ඇට මඳ තන කිරෙන් අඹරා ගෑමෙන් ඇසේ නගන සූව වේ.

කලාඳුරු ඇල් දියෙන් අඹරා නළලට පැළැස්තර දැමීමෙන් කුරුළෑ සූවවෙයි.

ශ්‍රී ලංකාවේ ගොවිතැන් කටයූතුවලදී වැල්පැළෑටි ලෙස හඳුන්වා රසායනික ද්‍රව්‍ය යොදා වනසා දමන වල් පැළෑටි අතරට ඖෂධීය ගුණයෙන් පිරි කලාඳුරුද තිබෙන බැවින්, මෙය පරිසරයෙන් වඳවී යන තත්ත්වයට පත්වී ඇත.

ගෙවත්තක නිදහසේ කලාඳුරු වැවෙන්නට ඉඩ හැරීමෙන් මාස 4 ක් පමණ ගිය පසූ අල හටගනී. වර්ෂා කාලයේදී හිටූවා මාස 9 ක් පමණ වනතෙක් වැවෙන්නට ඉඩහැර වියළි කාලය අවසන්වීමත් සමග ගලවා අල ලබා ගැනීමට පූළුවන.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment