ඔබෙි ගෙවත්තේ දොඩමි පැල්‍යක්



ගෙවත්තක දොඩම් පැළයක් නාරං පැළයක් සිටූවා ගතහොත් එය මොනතරම් අසිරිමත්ද? විශේෂයෙන් මෙම ගසේ ගෙඩි පිරිලා ඇත්නම් සැබැවින්ම එය දකින ඕනෑම කෙනෙකුගේ නෙත සිත පිරීයන බව අමූතුවෙන් කිව යූතු නැත.

එහෙත් ඇතැම් විට එවැනි පැගිරි පැළයක් සිටූවා ගත්තත් ඒවායේ ගෙඩි එනතුරු බොහෝ කාලයක් බලා සිටින්නට සිදුවෙනවා. ඒ නිසාම ක්‍රමවත්ව දොඩම්, නාරං වැනි පැඟිරි පැළයක් සිටූවා ගන්නේ කෙසේදැයි අපි බලමූ.

මූලින්ම සිටූවීමට සූදුසූ පැළයක් තෝරා ගන්න. එය ඔබට විශ්වාසවන්ත පැළ තවානකින් හෝ අලෙවි මධ්‍යස්ථානයකින් ලබාගත හැකියි. ඊළඟට ඔබේ අවධානය යොමූ විය යූත්තේ පැළය සිටූවීම සඳහා සූදුසූ ස්ථානයක් ලබාගැනීමයි.

දොඩම් හෝ දෙහි පැළයක් සිටූවීමට තෝරාගත යූත්තේ ජලය හොඳින් බැස යන ස්ථානයකි. ඒ වගේම හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් වීමත් වැදගත්ය.

අවූරුදු තුනක පමණ වයස දෙහි, දොඩම් ශාඛයක මල් හට ගනියි. මාස 1 1/2 ඃ 2 ක් පමණ ගතවෙනවා. ශාඛය අවට ජලය හොඳින් වියලෙන්නට හරින්න. එම අවදියේදී දොඩම් ගසේ කොළ වියලී යනවා. නමූත් ගස් මැරී යන්නේ නැහැ. මෙම පීඩාව එම පැළයට ලබාදිය යූත්තේ පැළය සිටූවා වසර 03 ක් පමණ ගතවූ පසූවයි. මන්ද එම වයස වනවිට දොඩම් පැළෑටියේ මූල් හොඳින් පස් අතර ඇදීයනවා. මතුපිට පසේ ජලය නැති වූවත් ගැඹූරු පසේ ඇති මූල් මගින් පැළයට අවශ්‍ය ජලය උරාගන්නවා.

මෙහිදි තවත් දෙයක් සිදුවෙනවා. එනම් මතුපිට ආසන්නයට පිහිටි මූල් මියයනවා. ඒවා කේෂ මූල් ලෙස හැඳින්විය හැකියි. මාස දෙකක් පමණ ජලය නොසපයා තිබීම නිසා කෝෂ මූල් මිය ගිය පසූ යළිත් ජලය සපයනවිට කේෂ මූල් යළිත් ඇතිවෙනවා. එසේ වනවිට පැළය දළු ලා වැඩෙනවා. ඒ අතර මල් හට ගනියි.

මේ අනූව ඔබට පැහැදිලි වෙනවා ඇති පාලනයකින් යූතුව ජලය සැපයිය යූතු බව.

පැළය සිටූවීමද නිවැරදිව කළ යූතුයි.

ඔබ පැළය සිටූවා ගැනීමට තෝරාගත් ස්ථානයේ 2ං2ං2 ප්‍රමාණයේ වළක් කපා ගන්න. එම වලට යූරියා ග්‍රෑම් 80 ක්, ටී. එස්. වී. ග්‍රෑම් 100 ක්, එම්. ඕ. වී. ග්‍රෑම් 45 එක්කර දින 02 පැළය සිටූවා ගන්න. එහිදී එම පැළයේ පොලිතීන් කවරය ඉතා සීරුවෙන් ඉවත් කර වලේ මැඳ පැළය සිටූවන්න.

එමෙන්ම පැළය සිටූවන විට පොළවේ පස් මටිටමට සමාන වනසේ සිටූවන්න. එමෙන්ම එම පැළය සෘජූවන්න ඉක්මණින් දිරා නොයන කෝටූවක් සිටූවා එම ගහ කෝටූවට පැළයට අල්ලා ගැට ගසන්න.

පැළයක් සිටූවනවා මෙන්ම එයට නිසි ලෙස සාත්තු කර රැකබලා ගැනීමද වැදගත්ය.

ඇතැම් අය පවසන්නේ බද්ධ පැළ සිටූවීමෙන් එයට ආදේශ කොටගෙන ඇති වර්ගයේ පැළෑටියේ ගෙඩිද සෑදෙන බවකි. බොහෝ දුරට මෙයට හේතු වන්නේ පැළයේ බද්ධ සන්ධියට පහළින් සෑදෙන රිකිළි වර්ධනය වීම නිසයි. මේවා බද්ධ රිකිල්ලට වඩා වේගයෙන් වර්ධනය වෙනවා.

මේ නිසා බද්ධ පැළයක් සිටූවූ පසූ දැඩි අවධානයකින් පසූවිය යූත්තේ මේ නිසයි. වර්ෂා කාලයට ගස මූලේ ජලය

රැඳීමට ඉඩකඩ නොතිබිය යූතු අතර අනවශ්‍ය අතු රිකිලි කපා දැමිය යූතුය.

එමෙන්ම වර්ෂ 03 ක් යනතුරු නිසි ලෙස පොහොර හා ජලය සපයමින් පැළෑටිය

රැකබලා ගැනීමෙන් ඔබට නිසි ප්‍රයෝජන ලබාගත හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment