සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන නාසය හිරවීමට දෙහිකොළ තම්බා දුම් ඇල්ලීම හොඳ ද?




සෙම්ප්‍රතිශ්‍යාව කුඩා දරුවාගේ සිට බාල, තරුණ, මහලු ඕනෑම තරාතිරමක අයෙකුට වැළඳෙන රෝගයකි. මෙම රෝගය පිළිබඳව බොහෝවිට බොහෝ අය වැඩි සැලකිල්ලක් නොදක්වති. නමූත් සෙම්ප්‍රතිශ්‍යාව නොසලකා හැරීම සෞඛ්‍යයට හිතකර නොවේ. මේ මගින් කැස්ස, පීනස, ඇඳුම හා නිව්මෝනියාව වැනි දරුණූ රෝගවලට ද භාජනය විය හැකිය.

එබැවින් මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබීම සහ ඒ සඳහා කළ යූතු නිවැරදි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනූ අවස්තාවලදී කළ යූතු නොකළයූතු දෑ පිළිබඳව ද දැනූවත් වී සිටීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව හේතුකොට වැළඳීමට ඉඩ ඇති ඉහත සඳහන් කළ රෝගවලින් ආරක්ෂා විය හැකි වෙනවා පමණක් නොව නිව්මෝනියාව වැනි දරුණූ රෝගයකට ගොදුරු නොවී සිටිය හැක.

මෙම ලිපියෙහි අරමූණූ අප සූළු අසනීපයක් ලෙස සලකන සෙම්ප්‍රතිශ්‍යාව පිළිබඳව වැඩිපූර තොරතුරු බිඳක් ඔබ හමූවේ තබන්නටයි. ආයූර්වේද දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සෙම ප්‍රධාන රෝගයක් ලෙසයි. සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන රෝග කාරක වෛරස බොහෝ ගණනක් තිබේ. අධික සෙම්ප දූෂිත ආහාර පාන හේතුවෙන් හා ස්වභාවික ප්‍රතිශක්තිකරණය හීනවීම නිසා මෙම වෛරසය සිරුර තුළට ඇතුල්වී ක්‍රියාත්මක වීමෙන් සෙම්ප්‍රතිශ්‍යා රෝග ලකෂණ පහළ කෙරේ. සොටූ සමග පිටවන වෛරසය මගින් තවත් අයෙකුට ප්‍රතිශ්‍යාව වැළඳීමට හැකියාව තිබේ. මෙම වෛරස ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ පටල හා සම්බන්ධවීමෙන් වැගිරෙන ශ්ලේෂ්ම කොටස් සොටූ වශයෙන් නාසයෙන් පිටකෙරේ. මෙය වැළඳුන විට දින 6ඃ10 ත් අතර කාලයක් පවතී. මේ සඳහා වර්තමානයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමූවීම සූලභ කරුණකි. පැරැන්නන් මේ සඳහා අත් බෙහෙත් ලෙස අමූ ඉඟුරු කොත්තමල්ලි කබලේ බැද තම්බා බීමට පූරුදු වී සිටියහ.

රෝග ලකෂණ ලෙස කිවිසූම් යෑම, උගුරේ වේදනාව හිසේ තදගතිය, හිසරදය, අත් පා වේදනාව, හූස්ම ගැනීමට අපහසූ බව හා විටෙක උණ ද ඇතිිවේ. මූල් දිනවලදී වෛද්‍ය උපදේශයකින් තොරව වූවද අමූඉඟුරු කොත්තමල්ලි කබලේ බැද තම්බා බීම සෙම පැසවීමට හා අපහසූතා අඩූකර ගැනීමට බෙහෙවින් උපකාරී වේ.

විශේෂයෙන්ම සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන විට හිස බර ගතිය නාසය හිරවීම වැනි අවස්ථාවලදී උණූවතුර වාෂ්ප මූහූණට ඇල්ලීමට බොහෝ අය පූරුදු වී සිටිති. මේ සඳහා ප්‍රතිකාර ලබාගැනීම පිළිබඳ සලකා බලද්දී විශේෂයෙන්ම අපි අවධානය යොමූ කළ යූතු වැදගත් කාරණයක් ඇත.

එනම් මෙවැනි අවස්ථාවලදී උණූවතුර වාෂ්ප මූහූණට ඇල්ලීම නිසා සෙම ඝණවීමට ඉඩ ඇත. ආයූර්වේද වෛද්‍ය ක්‍රමය අනූව විවිධ ශාක පත්‍ර යොදාගෙන කරනූ ලබන දුම් ඇල්ලීමට ද අපි පූරුදු වී සිටිමූ. ඒ සඳහා ආයූර්වේද වෛද්‍ය නිර්දේශ අනූව අවස්ථා අනූකූලව යොදා ගන්නා ශාඛ පත්‍ර වර්ග රාශියකි. ඒවා නම් දෙහි කොළ, බෙලි කොළ, යකිනාරං කොළ, කුරුඳු කොළ යනාදියයි. මෙවැනි ඖෂධීය ගුණයෙන් යූත් ශාඛ වර්ග තම්බා දුම් ඇල්ලීම තුළින් කෝඨර තුළ එක්රැස්වී ඇති සෙම ඉවත්වීම වඩාත් පහසූ කෙරේ. ඖෂධීය වාෂ්ප ස්වේදය ලෙස ආයූර්වේදයේ හඳුන්වන්නේ මෙයයි. නමූත් මේවා භාවිතයේදී වෛද්‍ය උපදේශන ලබාගැනීම වඩාත් සූදුසූවේ. එසේම සීත ආහාරවලින් වැළකී උණූ ජලය පානය කිරීම සූදුසූය.

ඊළඟට අපි මෙන්න මේ ගැනත් සිතා බලමූ. යම්කිසි රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමේදී ඒ ලබාගන්නා ඖෂධ වර්ගවලින් ලැබෙන ප්‍රතිඵල ඒවායින් සිරුරට ලැබෙන ගුණය පිළිබඳව ද අවබෝධයකින් යූතුව සිටීම ඉතා වැදගත්වේ. එසේ නම් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනූ අවස්ථාවලදී අමූඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, කටූවැල්බටූ ආදී ඔසූ වර්ග තම්බා කසාය කර බීමට අපි පූරුදු වී සිටින්නේ ඇයි? එසේ කිරීමේ වැදගත්කම පිළිබඳවද සොයා බලන්නේ නම්,

මෙම මහඟු ඔසූ වර්ගවල තිබෙන සෙම නැසීමේ ඖෂධීය ගුණය නිසා ඒවා පානය කිරීමෙන් සෙම නසයි. සෙම බූරුල් වී පිටව යයි. සෙම නැසීම පමණක් නොව සිරුරේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කොට සෙම්ප්‍රතිශ්‍යාව වැනි සෙම ආශ්‍රිතව වැළඳෙන රෝග මර්ධනය කිරීමේ හැකියාවක් ද එම ඖෂධ වර්ගවලට තිබෙන බව ආයූර්වේදයේ සඳහන් වේ.

යක්කල වික්‍රමාරච්චි ශික්ෂණ ආරෝග්‍ය ශාලාවේ
වැඩ බලන වෛද්‍ය අධිකාරී
සනත් වික්‍රමසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. thanks for the upload
    very use full article

    ReplyDelete