රාහූ කාලය සැබෑවක් ද?



එදිනෙදා රාජකාරි කටයූතුවලටත්, වෙනත් කටයූතුවලටත් නිවසින් බැහැරව යන ජනතාව ඇතැම්විට රාහූ කාලය මගහැර යන්නට පූරුදුව සිටින අවස්ථා තියෙනවා. ජ්‍යොතිෂය තුළ විග්‍රහ කරනූ ලබන රාහූකාලය ඇත්තටම සැබෑවක්ද? එහෙමත් නැත්නම් මූලාවක්ද, ඇත්තේ ප්‍රශ්නයක්. මෙම රාහූකාලය ගැන සැකහැර දෑන ගනිමූ.

රාහූකාලය කවර පදනමක් නිසා ඇති වූනාදෑයි හරියටම කියන්නට බැහැ. ලංකාවේ වගේම ඉන්දියාවේත් රාහූ කාලය ගැන විවිධ මත පළවෙලා තියෙනවා.

ලංකාවේ මතයන් අතර රාත්‍රියටත් රාහූ කාලය උදේ මෙන් බලපවතිනවා. කවර හේතුවක් නිසා හෝ භාවිතයට පැමිණි දෙයක් එක ලෙස පවත්වාගෙන යාමයි දිගින් දිගටම වෙලා තියෙන්නේ.

බෘහත් පරාශර ග්‍රන්ථයේ රාහූ කාලය නමින් කාලයක් වෙන්කරලා නෑ. නමූත් රාහූ කාලය ගැන විවිධ මත පළවීම දිගින් දිගටම වීම ගැන අපි අවධානය යොමූ කළ යූතුයි.

ජ්‍යොතිෂය පිළිබඳ කිසියම් ශාස්ත්‍රීය මතයක් අප දෑරිය යූත්තේ සෘෂිභාෂිතය අනූවයි. බෘහත් පරාශර ග්‍රන්ථයේ රාහූ කාලය නමින් කාලයක් වෙන්කර නැති වූනත් එහි දවසේ දිවා කාලය කොටස් අටකට බෙදා ප්‍රථම කොටස දිනධිපතියාටත් අනෙක් කොටස නිරිශටත් වෙන්කර තියෙනවා.

"නිරිශ" යනූ නිර්ඃඊශ වචන දෙකේ එකතුව ලෙස හඳුන්වන්න පූළුවන්.

මෙම වචනයේ තේරුම වෙන්නේ හිමියෙක් නැති අධිපතියෙක් නොමැති තේරුමක්. අපි ගනන් ගන්නේ සතිය රවිගෙන් හෙවත් රවි දිනයෙන් ඇරඹෙන බවටයි විශ්වාස කරන්නේ.

අටෙන් බෙදූ විට පළමූවැනි කොටස රවිට හිමිවේ. අටවැනි කොටස අධිපතියෙකු නොමැති නිරිශට අයත්වෙයි. මේ අනූව එහි කිසි තැනක රාහූ හෝ රාහූ කාලයක් හෝ සඳහන් වෙන්නේ නැහැ.

පරාශර මතය අනූව දිවා කාලය කොටස් අටකට බෙදා එය රවි, චනද්‍ර, කුජ, බූද, ගුරු, ශුක්‍ර, ශනි ක්‍රමයට දිනාධිපතියන්ගෙන් ආරම්භ වී ගෙවෙන බවත් රවි කොටස කාල නමිනූත් ඉරිදා අට වැනි කොටස නිරිශ නමිනූත් දක්වා ඇත. අට වැනි කොටස වූ නිරිශ රාහූ කාලය ලෙස ඇතමූන් සලකන්නට ඇතියැයි පවසනවා.

රාහූ කාලය ගැන කියා තැන්වලදී ඉරිදා හතරයි තිහ සිට ඉරිදා හය දක්වා කාලය රාහූ කාලය ලෙස සඳහන් වී තිබීම නිසා එලෙස සිතිය හැකියි. කාලය යන වදනට ජ්‍යොතිෂයේ විවිධ අර්ථ දෑක්වීම් ඉදිරිපත් තියෙනවා. වේලාව, යාමට, භක්ෂය ඉන් කිහිපයකි. අපේ පංචාංග ලිත්වල මෙන්ම ජ්‍යොතිෂය ග්‍රන්ථවලද රාහූ කාලය හඳහන්ව ඇත්තේ දිවා රාත්‍රී දෙකටමය.

නමූත් රාහූ කාලය අශුභ ලෙස දකින ජ්‍යොතිෂඥයන්ම සූබ පංචම කාල හෝරාවෙන් රාහූ කාලය තුළ පෙන්වා ඇති බව ඔබ දන්නවාද? රාහූ කාලය තුළ කවර හෝ ශුභ කටයූත්තක් නොකළයූතු යැයි කියන පංචාංග ලිත් කතුවරයන් ද ඇතැම් ජ්‍යොතිෂය කතුවරයන්ද රාහූ කාලයට යටත් වන කාල සීමාවන් තුළ ශුභ පංචම කාල හෝරාවන් දක්වා ඇත්තේ ඇයි දෑයි ඇතිවන ප්‍රශ්නයෙන් රාහූ කාලය සතු එතරම් ගණන් ගත යූතු, හිස් මූදුනින් පිළිගත යූතු දෙයක් නොවන බව ඔබට වැටහේද?

එම නිසා ඔබ කරනා සියලු කටයූතු එක සිතින් සූබ වෙනවා, සාර්ථක වෙනවායැයි සිතා කිරීම මම හිතන්නේ රාහූ කාලයක් අල්ලාගෙන දඟලනවාට වඩා යහපත් වන බවයි.

එම නිසා කළ යූතු වැඩය කළ යූතු වෙලාවේ කරන්න.

විජයසිරි විද්‍යාරත්න


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment