හනී ඩ්‍රසිං සමඟ ඉස්සෝ සහ නූඩ්ල්ස් සලාද


අවශ්‍ය ද්‍රව්‍ය

නූඩ්ල්ස් ග්‍රෑම් 250

ලීක්ස් දඬූ කොටස් 2 (සිහින්ව කපාගන්න)

ලොකු කැරටි අල 1 (සිහින්ව කපාගන්න)

ලොකු ළුෑනූ ගෙඩි 1 (සිහින්ව කපාගන්න)

බෝංචි ග්‍රෑම් 125

පොතු හැර තම්බාගත් ඉස්සෝ ග්‍රෑම් 500

හනී ඩ්‍රසිං

අවශ්‍ය ද්‍රව්‍ය

ලයිටි සෝයා සෝස් කොප්ප 1·2

වතුර කෝප්ප 1·2

පැණි මේස හැඳි 2

කපාගත් අලුත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2

තලාගත් සූදුළුෑනූ බික් 1

සාදන ක්‍රමය

උතුරන වතුර දෑමූ භාජනයකට නූඩ්ල්ස් දමන්න. බඳුන නොවසා තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බූන පසූ වතුර පෙරා දමන්න.

එළවළු හූමාලයෙන් තම්බාගන්න. නැතිනම් මයික්‍රෝවේව් උදුනක දමාගන්න. එම එළවළු සීතල වතුර භාජනයකට දමාගන්න. වතුර ඉවත් කරන්න. දැන් නූඩ්ල්ස් සමග එළවළු මිශ්‍ර කරන්න. තම්බාගත් ඉස්සන්ද එකතු කර සෝස් එක ඉහළින් දමා ගන්න. මෙය හය දෙනෙකු සඳහා සෑහේ. මෙය දිනකට පෙර සාදා තබා මයික්‍රෝවේව් උඳුනේ රත් කරගන්න.

හනී ඩ්‍රසිං

ඩ්‍රසිං සඳහා අවශ්‍ය සියල්ල එකට දමා හොඳින් සොලවා කලවම් කරගන්න.

මාලූ සහ පැස්ටා සූප්

වශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 50

ලීක්ස් ගස් 1 (පෙති කපාගන්න)

කැරටි අල 1 (කුඩාවට කපා)

සැල්දිරි තේ හැඳි 1 (සිහින්ව කපා)

ෆිලටි මාළු ග්‍රෑම් 300 (කපාගන්න)

පැස්ටා ග්‍රෑම් 100

මාළු ස්ටොක්

මාළු කටූ ග්‍රෑම් 500

වතුර කෝප්ප 6

සාදන ක්‍රමය

බටර්, පෑන් එකකට දමා රත් කරන්න. එයට ලීක්ස් හා කැරටි දමා පිසගන්න. මේවා හොඳින් මෘදු වූ පසූ සැල්දිරි එකතු කරන්න. මාලු ස්ටොක් කෝප්ප 5 ක් එයට දමා තැම්බෙන්නට හරින්න. මිනිත්තු 15 ට පසූ කැරටි හොඳින් මෘදු වී ඇත්නම් මාළු සහ පැස්ටා දමන්න. තැම්බෙන්නට හරින්න. විනාඩි 10 න් ඉවතට ගන්න.

මාළු ස්ටොක්

මාළු කටූ හා වතුර ලොකු භාජනයකට දමා තැම්බෙන්නට හරින්න. මිනිත්තු 20 න් පමණ ලිපෙන් පිටතට ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment