මැරෙන බව දන්න මිනිස්සූ පව් කරන්න බයයි



"සමහර මිනිස්සූ ඇයි මේ තරම් නපූරු, හරියට නොමැරෙනවා වගේ ජීවත් වෙන්නේ" සැර පරුෂ සහ අන්‍යයන්ට හිංසාකාරීව හැසිරෙන අය දෙස බලා ඔබත් එසේ කොතෙකුත් කියා ඇත. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? මැරෙන බව දන්නවා නම් මිනිසූන් එසේ නපූරු වන්නේ නැති බවයි. එහෙත් ඇතැම් මිනිස්සූ මැරෙන බව දැන දැනත් තදබල වැරදි කරන බව ඔබ සඳහන් කරනූ ඇත. එයට හේතුව වන්නේ "මරාගෙන මැරෙනවා" යනූවෙන් සමහරු පවසන නිසාය.

හැබෑවටම තම ජීවිතයේ කෙළවර මරණය බව හැම මනෂ්‍යයෙක්ම දනිති. එසේ නමූත් ජීවිත ගමනේ කටයූතු කරද්දී තමන් මැරෙන බව අමතක වන්නේ නිරායාසයෙනි. එහෙත් නිරන්තරයෙන් තමන් මැරෙන බව හඟිමින් යහපත් වූ ජීවිත ගත කරන සත්පූරුෂ මනූෂ්‍යයෝ ද දුර්ලභ නැත.

බෞද්ධ දර්ශනය තුළ මරණය හා එය සිතින් පිළිගැනීම පිළිබඳ සඳහන් වන්නේ කුමක්ද? උපත හා සමගම මරණය පැමිණ ඇති බව අමතක නොකරන ලෙස බූදුදහම අවවාද දෙයි. මේ නිසා මරණය යනූ එයට බිය වී සිතිින් අමතක කළ යූතුදෙයක් නොව එය නිතර සිහිපත් කළයූතු දෙයක් බව බෞද්ධ දර්ශනය පෙන්වා දෙයි "මරණ ධම්මෝහි මරණ්‍ය අනතීතෝති අභිණ්හා පච්චවෙක්ඛි තබ්බං ඉත්ථියාවා පූරිසේනවා නහටිඨේනවා පබ්බජිතේනවා" (අභිණ්හ පච්ච වෙක්ඛි තබ්බ සූත්‍රය) මම මරණය උරුම කොට ඇත්තෙක් වෙමි. මගේ ජීවිතය මරණයෙන් කෙළවර වන්නේය. මේ ආකාරයෙන් ස්ත්‍රි පූරුෂ ගිහි පැවිදි සියලු දෙනා විසින් නිතර සිහිපත් කළ යූතු බව උක්ත පාඨයේ අදහසයි.

ඔබගේ සිත මෙසේ කියන්නේද? "මරණය ගැන සිහිපත් කිරීමෙන් බියක් හා දුකක් සිතට ඇති වේ. එමෙන්ම මරණය ගැන සිතමින් සිටියොත් කෙදිනකවත් හෙට දවසක් පිළිබඳ සිතා දියූණූවක් ඇති කර ගැනීමට නොහැක. මේ නිසා මරණය අමතක කොට වැඩකිරීමට අවශ්‍යයි" එහෙත් වරදවා තේරුම් නොගත යූතු කරුණක් ඇත.

ඒ මරණය ගැන සිතා දුක් වෙමින් හා හඬමින් සිටින්නට කියා බෞද්ධ දර්ශනය කිසිවිටෙකත් අවධාරණය නොකරන බවයි. නමූත් මරණය මොනයම් වෙලාවක හෝ පැමිණිය හැකි බව අමතක නොකළ යූතු බවට බෞද්ධ දර්ශනය උපදෙස් දෙයි.

මරණය මතකයේ ඇති විට සිත කය හා වචනය සංවරව පවත්වා ගැනීමටද පාලනය කර ගැනීමට ද පහසූය. සමහර මනූෂ්‍යයින්ගේ සිත් නිතරම තරහවෙන් ඊර්සියාවෙන් හා වෛරයෙන් පිරි තිබෙනූ පෙනේ. ඒ බව ඔවූන්ගේ වචනවලින් හා ක්‍රියාවෙන් මැනවින් පිළිඹිබූ වෙයි. සමහරු ඉතාමත් සූළු දෙයට පවා පරුෂ වචනයෙන් බැණ වැදී කලබල කරයි. මූළු පරිසරයම අප්‍රසන්න කරති. ඔවූන් පාවිච්චි කරන යම් යම් වචන හා භාෂාව ශිෂ්ට සම්පන්න කෙනෙකුට අසා සිටින්නට නොහැකි තරම්ය. වර්තමානයේ මේ රටෙි පවා සමහරු ක්‍රියාවෙන් කොපමණ අමනූෂ්‍යයන් වී ඇත්ද? ඉතා සූළු අමනාපයකට මූදලකට අතපසූ වීමකට හා බිම් කොටසකට පවා තවත් අයෙක් මරයි. අහිංසක මව්වරුන්ට නැගණිවරුන්ට හා දියණිවරුන්ට අතවර කර මරා දමති. සමහරුන්ගේ ගෙල මිරිකා රන්බඩූ පැහැරගෙන හා අපමණ කායික පීඩාකර මරාදමති.

මෙසේ අමනූෂ්‍යයන් ලෙස හැසිරෙන පූද්ගලියින් තමනූත් මොනයම් වෙලාවකදී හෝ මැරෙන බව සිහිපත් කරන්නේ නම් සිදු කරන අපරාධයේ බරපතලම වැටහෙනූ ඇත. "අත්තානං උපමං කත්වා " තමා උපමාවට ගෙන අන්‍යන්ට හිංසා පීඩා කරන්න හෝ ඔවූන්ගේ ජිවිත නැතිකරන්නට එපා යි බූදු දහම උගන්වයි. තමාට වෙනත් අයෙක් ගහන්නේ නම් තමා එයට අකැමැතිය. එමෙන්ම අන් සියලු දෙනාම ඔවූන්ගේ ජීවිතවලට ආදරය කරන බවත් පහර කෑමට හා නින්දා අපවාද ලැබීමට මරණයට අකැමැති බවත් නිතර සිතිය යූතු බව බූදු දහම උගන්වයි.

අන්‍යන්ගේද ජීවිතවලට හානි නොකොට තමනූත් හැබෑ මනූෂ්‍ය ජීවීිතයක් ගත කිරීමට හැම මනූෂ්‍යයෙකුම සිතුවිලි ඇති කර ගැනීමට හැකි නම් එය මිනිස්කමේ උතුම්ම ගුණාංගයකි. මේ ජීවිතයට දෙපයින් නැගී සිටීමට හැකියාව ලැබෙන්නේ ප්‍රාණය (විඤ්ඤානය) තිබෙන තුරු පමණි. ප්‍රාණය මේ ශරීරයෙන් ඉවත් වූ දා යම් විටක ගහකින් කොළයකින් ගත හැකි ප්‍රයෝජනයක්වත් නිසල සිරුරින් ගත නොහැකිවනූ ඇත. සෙම්, සොටූ, මළ හා මූත්‍රාදියෙන් පිරුණූ ගමන් කරන වැසිකිළියක් බඳුව පැවති නිසල ශරීර කූඩූව පිළිස්සීම හෝ පස්යට කර දෑමීම නොකළේ නම් හැබෑ ස්වභාවය දැකගත හැකිවනූ ඇත. උදේ හවා, සෝද සෝදා ඔබ කොපමණ නම් ශරීරයෙහි හැඩ බැලුවත් අහෝ මරණින් පසූ කුමන හැඩ බැලීමක්ද?

ගහකොළ කපා පිරිමැද ලීබඩූ සෑදූ සෙයින් මේ ශරීරයෙන් කුමක් නම් සාදන්නද? කොටිසම, මූව සම, ඇත්දළ ආදිය යම් තිරිසන් සතුන් මිය ගිය පසූව ගලවා ප්‍රයෝජනයක් ගන්නේ නමූත් මරණයෙන් පසූව මිනිස් සිරුරින් අලංකාරය පිණිස තබාගන්නට කුමක් නම් ගලවා ගන්නද? ජීවිතයක අවසානය වූ මරණය ළඟා වීමත් සමග මනූෂ්‍යයකුගේ ගම පළාත රට හා ලෝකයම දුගද කරන චරිතයක් වෙන්නේ ඇයි? මරණය අමතක කොට රටට හා මනූෂ්‍යයන් කරදරයක්ව ජීවත් වන අයට සමාජය විසින් විවිධ නාමයන් ප්‍රදානය කර ඇතිබව පෙනේ. මිනීමරු චරිතයක්, තිරිසන් ජීවිතයක්, නැහැදිච්ච මනූෂ්‍යයෙක්, පව්කාර ජීවිතයක් ආදී වශයෙනි. මහා දරුණූ හා නපූරු ජීවිත ගත කළ අය තම දරුවන්ට හා බිරිඳට ආදරය කළ බව වාර්තා වේ. ඔවූන් වෙතින් ඝාතනය වූ හා පීඩාවන්ට ලක් වූ පූද්ගලයන්ට තමාට සේ දරුවන් බිරින්දැන් සිටින බව නොවැටහෙන්නේ මන්ද? එසේ වන්නේ මරණය අමතක කරන බැවිනි.

බෞද්ධ දර්ශනය මරණය මතකයේ තබාගන්නට ආරාධනා කරන්නේ යහපත් මනූෂ්‍යයෙකු වීම පිණිස මිස අශුභවාදියෙකු වීම පිණිස නොවේ. ජීවිතයේ එදිනෙදා කටයූතු අතපසූ කර දියූණූවේ දොරටූ අහූරාගත් අර්මන්‍යයෙකු කිරීමට ද නොවේ. මිනිසූන් නොමිනිසූන් කරන කෙලෙස් හෙවත් නපූරු කාම ආශාවන් පාලනය කිරීමටය. මිනිස්කමේ සැබෑ අරුත මතක් කර දෙන්නටය. ජීවිතයේ අවසාන කාලයට හෝ මහලු වයසට පත් වූ අය මෙසේ කියනූ අප අසා තිබේ. මේ බොහෝ දේ ගොඩ ගහගෙන සිටින්නේ කුමකටද? මේ දීලා දාලා සිත නිදහස් කර ගන්න ඕන හොඳින් ඉඳලා යන තැනකට හොඳ දෙයක්ම අරගෙන යන්න ඕනෑ. " මරණයේ සමීපය පියනගන විට පමණක් නොව ජීවිතයේ සෑම අවදියකදීම යහපත් දේ බෙදාහදා ගෙන හොඳින් ජීවත් වූවොත් නරකද?

අලංකාර පියකරු මලකට හැමදෙනාම කැමති වෙති. ඒ මල සූවඳවත් නම් තවත් කොපමණ අගනේද? අලංකාර වූ සූවඳැති මලක් මං ගොහොරුවක පිපූනද එහි ඇති වටිනාකම අඩූ නොවේ එය බූදුරදුන් පූදන්නාට රැගෙන යයි. මනූෂ්‍යයෙක් නැණතවත් වී ගුණවත් වූ විට ඔහූ හෝ ඇය මියගොස් ඉපදුණේ කොතැනකද? කිසිවෙකුට ගැටලුවක් නොවේ. කොතැනක ඉපදුනද ඒ ජීවිතය වටිනා ශ්‍රේෂ්ඨ ජීවිතයකි. ජීවිතයේ කුමන වෙලාවකදී හෝ මරණය පැමිණීම වැළැක්විය නොහැකි නම් පියකරු සූවඳති කුසූමක් සේ නැණැති හා ගුණැති ජීවිතයක් ගත කිරීමට උත්සාහ කිරීම උතුම් ක්‍රියාවකි.

ඔබ මරණයට බියවන්නේදැයි මම ඔබගෙන් ප්‍රශ්න කළහොත් ඔබගේ පිළිතුර වන්නේ කුමක්ද? මරණයට බිය වූවත් නැතත් ඔබත් මමත් එයට මූහූණ දිය යූතුය. මරණයට ඇති බිය නැති කරගන්නට ඇති එකම මඟ නම් තමන්ටත් අන්‍යන්ටත් කරදරයක් නොවී ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කිරීම පමණකි.

උපත හා සමගම මරණය පැමිණ ඇත්තේය. වධකයෙක් මෙන් එය මරන්නට ඉඩ සොයන්නේමයි.

යූද්ධයක් ඔහූ හා ඇත අප සෑම කෙනෙකුගේම ජය ඔහූට හිමිමය පරාජය අපහටම නියතය.

ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment