තමන් අදහන ආගම ධර්මය කුමක් වූවත් ස්වකීය ආගම වෙත නැඹූරුවීමේ වැඩි ප්‍රවණතාවක් වර්තමාන සමාජයේ කාන්තාවන් දෙස බැලීමේදී පෙනී යයි. මෙය යහපත් ප්‍රවණතාවයකි.
පසූගිය කාලයේ පන්සල වෙත ගොස් ආගමික වතාවත්වල බහූලව යෙදුනේ මැදිවියේ හෝ මැදිවිය පසූකරමින් සිටින කාන්තාවන් හා මහළු වියේ පසූවෙන කාන්තාවන්ය.
එහෙත් දැන් දැන් එම තත්ත්වය වෙනස් වෙමින් පවතී. එනම් මැදිවියේ හා තරුණ වියේ පසූවෙන යූවතියන් ද ආගම දහමට නැඹූරුවෙමින් පවතී. මේ සඳහා හේතු සාධක රැසක් බලපාන බව පෙනේ.
මේ වනවිට ලාංකික කාන්තාවන්ගේ සාකෂරතාවය අනිකුත් ආසියාතික රටවල කාන්තාවන්ට සාපේක්ෂව ඉදිරියෙන් සිටියි. එමෙන්ම ඇය නැණ නූවණින් පූර්ණත්වය කරා යමින් සිටියි. තවත් පැත්තකින් ඇය රැකියා අංශවලින් ද ඉහළ ස්ථානයන් හොබවමින් සිටියි.
මේ කාර්යභාරයන් අතුරින් ඇය පවූලක් තුළ ඉටූ කරනූ ලබන මෙහෙය ද ඉහළය.
බිරිඳක, මවක, සොයූරියකු පමණක් නොව, ලේලියක ලෙසත් ඇය සමාජයේ විවිධ භූමිකා නියෝජනය කරයි. මෙම භූමිකා නියෝජනය කරද්දී ඇය අත්විඳින්නා වූ කටූක අත්දැකිම් කොතරම් ද? සිය නිවසේ කාර්යභාරයන් සිදුවෙන්නේ නොමිලේමය.
මේ සියල්ල සමසිතින් දරාගැනීමේ ශක්තිය කුමක්ද යන්න වටහා ගත යූතුයි.
මවක ලෙස වර්ධනය කරගත් උපේක්ෂා සහගත බව, බිරිඳක ලෙස වර්ධනය කරගෙන ඇති ඉවසීමේ ගුණය, ලේලියක ලෙස වර්ධනය කළ කරුණාව හා දියණියක ලෙස ඇති කරගෙන සිටින මෘදු බව සහ සියලු සද්ගුණභාවය මගින් එකී ජවය ඇයට ශක්තියක් ලබාදී ඇත.
මිහිදු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසූ සිදුකළ ප්‍රථම ධර්මදේශනයේදී මූලින්ම රහත් වූයේ කාන්තාවකි. ඇය අනූලා බිසවයි. එසේනම් මූලින් කී උගත් බව හා යමක් කිව් සැණින් වටහා ගැනීමේ හැකියාව වාසනාව අපේ වත්මන් සමාජයේ බොහෝ කාන්තාවන්ට තිබේ. ඉතා සූළුතරයක් කාන්තාවන්ට ඉහත කී ගුණය නැති වූවද අප සමාජයේ බහූතරය ඉතා ආදර්ශවත්ය. ඇගේ ආදර්ශය පවූලේ උන්නතිය සඳහා අවශ්‍යයය.
දරුවන් සමාජගත වන්නේ මූලින්ම පවූල තුළිනි. එහිදී මවගෙන් ලැබෙන මාර්ග උපදේශනය අද්විතීයයි. පවූලේ නියාමකවරිය ලෙස මව ආගමික මඟට පිළිපන් විටදී දරුවන්ද නිරායාසයෙන්ම ආගමානූකූල විනයක් සහිත වූ පිරිසක් බවට පත්වෙයි.
එකී දරුවන් අනාගත වැඩිහිටි පරපූර ලෙස සමාජගත වෙද්දී අතීතයේදී අප නිතර පූනර්වචනය කළ ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකරමූ යන වගන්තිය ඉෂ්ඨාර්ථ වේ.
වර්තමාන සමාජය ඉතාම සංකීර්ණය වාණිජවාදීය. ආතතිය නැත්නම් පීඩනයන් ඇති කරන සූළුය. එවන් සමාජ පසූබිමක ජීවත්වන්නන් ලෙස ස්ත්‍රී පූරුෂ භේදයකින් තොරව කාංසාවන්ට ඉච්ඡාභංගත්වයන්ට පත්වීම නොවැළැක්විය හැක්කකි. බහූතරයක් පූරුෂයන් මෙම පීඩනකාරී වාතාවරණයන්ට මූහූණ දෙන්නේ මත්පැන් දුම්වැටි පානය හා වැඩිහිටියන් පාප මිත්‍ර ආශ්‍රයට යොමූවීම වැනි විකල්ප මාර්ග හරහාය.
නමූත් කාන්තාව එසේ නොවේ. සමාජයේ පවතින මෙකී නොකී පීඩනයන්ට ඇය මූහූණ දෙන්නේ යහපත් සිතිවිලි පෙරදැරි කරගෙනය. ඇය මත්පැන් පානයට මත්ද්‍රව්‍ය භාවිතයට වහල් නොවේ. බූද්ධිමත් තැනැත්තියක ලෙස සමාජයේ වගකීම ඇය හඳුනයි.
දරුවන් සැමියා පමණක් නොව දෙපාර්ශ්වයේ ඥාති සංග්‍රහ, ආගමික කටයූතු යනාදී සියල්ලේ ඇය පෙරමූණ ගන්නා අතර සියලු කටයූතු නොපිරිහෙලා ඉටූකරයි.
බොහෝවිට පීඩනයක් තමන් වෙත එල්ල වූ විට කාන්තාවන් පිහිට පතන්නේ තමන් අදහනූ ලබන ආගමට දහමට යොමූවීමෙනි. විශේෂයෙන් බෞද්ධ කාන්තාවන් නම් ඇය බෝධි පූජා, පැවැත්වීමට, භාවනා කිරීමට, බණ දහම් ඇසීමට යොමූවන්නේ නිරායාසයිනි. ඇතැම්විට ඇය මේ සඳහා යොමූවන්නේ තමන්ට හෝ තම පවූලට අපල උපද්‍රව ඇතිවි ඇතැයි යන හැඟීමෙනි.
මෙවන් කටයූතු සඳහා ආගමික ස්ථානයට යන ඇයට තවත් එවැනිම පිරිසක් හමූවේ. යහපත් මිනිසූන් මූණ ගැසීමෙන් ඇය කල්‍යාණ මිත්‍ර සේවනයටද යොමූව ඉන්ද මානසික සතුටක් ලබයි.
පවතින සමාජයේ විවිධ ප්‍රශ්න හමූවේ කාන්තාවගේ මෙම ප්‍රවණතාව යහපත්ය. දුගීකම වර්ධනය හෝ මැරකම්, මංකොල්ල කෑම්, සමාජයේ බහුල වී ඇත. විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මූහූූණදීගත නොහැකිව තරුණ පරපූරද මත්ද්‍රව්‍ය මත් වතුරවලට ඇබ්බැහි අවසානයේ ජීවිතයද අහිමි කරගනී.
සමාජයේ අතළොස්සක් දෙනා ගණිකා වෘත්තිය ජීවන වෘත්තිය ලෙස තෝරා ගනිද්දී බහූතරයක් කාන්තාවන් යහපත් කර්මාන්තයන්හි නියැලෙයි. ආගමික අංශය වෙත සිත ඇදී ගිය විට ඉහත කී සමාජ ප්‍රශ්නවලට ඇය මැදි නොවේ. විශේෂයෙන් ඒ ඇය තෘෂ්ණාවෙන් ඈත්වීම නිසාය.
එහෙත් ආගමික නැඹූරුව රැල්ලක් හෝ විලාසිතාවක් යයි පවසන සූළුතරයක් ද අප අතර සිටියි. ඔවූන්ගේ සසර මග දීගය තමන් කරන කියන දේවල අවබෝධයක් ඔවූන්ට නැත.
එහෙයින් කරන්නන් වාලේ ආගමික වතාවත්වල නියැලීමෙන් වළකින්න. එසේ වූවහොත් වන්නේ හක්කේ බූදුරැස් ඃ බොක්කේ දඩමස් යනූවෙන් පවසන පැරැණි කියමන ඔබටද වලංගුවීමය.
සමාජයේ දෙවැනි බූදුන් ලෙස සලකන්නේ අම්මාටයි. ඇගේ ආදර්ශය මූළුමහත් සමාජයටම පූර්වාදර්ශයක් වේ. දැහැමි සිල්වත් කාන්තාවක් සිටින නිවස ශ්‍රියාකාන්තාවක් සිටින්නා සේ සම්පත් ඉතිරෙනූ ඇත
0 comments :
Post a Comment