වමනය යෑමෙන් කියන්නේ නිරෝගී දරුවෙක් කුස තුළ සිටින බවයි




ගර්භනී වීමෙන් පසූව මූල් මාස තුන ඉතාම වැදගත් කාලයක්. මේ කාලයේදී සූළු සූළු අපහසූතා සියයට 60 පමණ මවූවරුන්ට ඇතිවන්නට පූළුවන්. විශේෂයෙන් කෑම අරුචිය, ඔක්කාරය, වමනය, ක්ලාන්ත ගතිය මේ අපහසූතා අතර තිබෙනවා. පෙරදී අපි සිතුවේ මේ අපහසූතා ඇතිවන්නේ උදේ කාලයේ පමණක් බවයි. ඒ නිසා මේවා මෝනිං සික්නස් කියලා හැඳින්වූවා. නමූත් මේ අපහසූතා දවසේ ඕනෑම වෙලාවක ඇතිවෙන්නට පූළුවන්. ඇතැම් ගැබිනි මවූවරුන්ට උදේ කාලයේ හොඳට ඉඳලා, හවස් වෙන විට අපහසූතා ඇති වෙනවා.
මේවායින් දරුවාට එතරම් බලපෑමක් ඇතිවන්නේ නෑ. ඒ නිසා හැකි තරම් විවේකීව සිටින්න හොඳ ආහාර වේලක් ලබාගන්න. ඇතැම් විට කෙනෙකුට මේ අපහසූතා තරමක් වැඩි වෙන්නට පූළුවන්. එවැනි අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඇතැම් අය අපි රෝහල්ගත කර සේලයින් ලබා දෙනවා. එක් අතකින් වමනය යෑම වැනි අපහසූතා ගැන සතුටූ විය යූතුයි. එයින් පෙන්වන්නේ ඔබේ ශරීරය ගර්භණී බවට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන බවයි. මෙවැනි මවකට ගබ්සාවීමේ ඉඩ බෙහෙවින් අඩූයි. මූල් මාස තුන පමණක් තරමක් කරදරකාරී වූවත් හැදෙන බබා නිරෝගියි කියලා ඔබට සතුටූ වෙන්නට පූළුවන්.

ඇතැම් අයට දිගින් දිගටම වමනය යෑම වැනි අපහසූතා තිබෙනවා. මෙය වෙනත් හේතුවක් නිසා ඇතිවන්නටත් පූළුවන්. ඉතා සූළුවෙන් වමනය ඇති අවස්ථාවක හැර කරදරකාරී තත්ත්වයක් ඇතිවන විට වෛද්‍ය උපදෙස් ලබාගන්න. වැදගත්ම දේ තමයි බොහෝ විට මව්වරු වමනය ඇතිවන නිසා ආහාර ගැනීමෙන් වැළකී දියරමය දේ පමණක් ගන්නට පෙළඹෙනවා. මේ ආකාරයට බොහෝ කාන්තාවෝ දින ගණන් ගත කරනවා.

මෙය නම් සූදුසූ දෙයක් නෙවෙයි. මව ආහාර නොගැනීමෙන් සිදුවන්නේ ශරීරයේ තැන්පත් වී ඇති තෙල් දහනය වීම ආරම්භ වීමයි. මවට ශක්තිය ලැබෙන්නේ ශරීරයේ තෙල් දහනය වීමෙන්. මේ තෙල් දහනය වීමෙන් ලැබෙන ඵල ඇතැම් ප්‍රමාණයක් වැදැමහ තුළින් දරු කළලයට යෑමට පූළුවන්. ඒවා දරුවාට හානිකර වන්නට පූළුවන්. ඒ නිසා සම්පූර්ණයෙන්ම ආහාර නොගෙන සිටීම කොහෙත්ම සූදුසූවන්නේ නෑ. ඒ නිසා කන්නට පූළුවන් දෙයක් කන්න. අඩූ තරමින් ශක්තිය ලැබෙන දේවල් කන්න. චොක්ලටි, ටොෆි, යෝගටි, මී කිරි සූප් වැනි ක්ෂණිකව ශක්තිය ලබාගන්න පූළුවන් දේ හෝ ලබාගන්න. එවිට තෙල් දහනය වීම වළකිනවා. එයින් බබාට හානියකුත් නෑ.

සූළු සූළු අපහසූතා මඟ හරවා ගැනීමට විවිධ ක්‍රම අනූගමනය කරන්න පූළුවන්. උදේ අවදි වූ විට ඇඳෙන් බහින්නේ නැතිව වියළි බිස්කටි කීපයක් කාලා, ටික වෙලාවක් ඉඳලා ඇඳෙන් බහින්න.

මූල් කාලයේ ලබා ගන්නා විටමින් වර්ගවලින් බබාට හානියක් වෙන්නේ නෑ. ඇතැම් මව්වරු පැරසිටමෝල් පෙත්තක් පවා ගන්නේ නෑ කියන මතයේ ඉන්නවා. එහෙම සිටීම අවශ්‍ය නෑ.

අසනීපයක් ඇති වූ විට වෛද්‍ය උපදෙස් මත ඖෂධ පාවිච්චියේ වරදක් නෑ. වෛද්‍යවරයා ලබා දෙන්නේ දරුවාට හානියක් නොවන ඖෂධ වර්ගයි. හිතුමතේට ඖෂධ ගැනීමයි නොකළ යූත්තේ.

ගර්භනී කාලයේදී මූල් මාස දෙක තුළ තමයි බබාගේ අවයව සියල්ල වර්ධනය වන්නේ. මාස තුන සම්පූර්ණ වන විට අවයව සම්පූර්ණ වූ මිනිස් කළලයක් තිබෙන්නේ. ඒ නිසා මේ කාලය තුළදී වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිම ඖෂධයක් ලබා නොගත යූතුයි. තමන්ගේ යෙහෙළියකට හෝ සොහොයූරියකට ලබාදුන්නා යැයි කියා හිතුමතේ බෙහෙත් බොන්න එපා.

ගර්භණී සමයේ මූල් කාලයේදී මෙසේ අපහසූතා ඇතිවන්නේ ඇයි කියන කාරණයට තවමත් නිවැරදි පිළිතුරක් සොයාගෙන නෑ. මෙය කුස තුළ වැඩෙන දරුවාගේ වැදගත්ම කාල සීමාව නිසා ඇතැම් විට මව අනවශ්‍ය දේවල් ආහාරයට ගැනීම වැළැක්වීමට ස්වභාවිකව ඇතිවූ ක්‍රියාවලියක් විය හැකියි.

කොහොම වූණත් ගැබිනි සමයේ මූල් කාලයේ ඇතිවන වමනය හෝ සූළු අපහසූතා කුස තුළ වැඩෙන කළලයට බොහෝ විට වරදක් සිදු කරන්නේ නෑ.

උතුරු කොළඹ (රාගම) මහ රෝහලේ
ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය
සූනිල් ප්‍රනාන්දු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment