බතල වලින් වෙනස් විදිහේ රසවත් කෑම -බතල පෑන් කේක්



බතලවලින් වෙනස් විදිහේ රසවත් කෑම

බතල පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 4

ලුණූ තේ හැඳි 1/2

බේකින් පවූඩර් තේ හැඳි 1/2

පිටි මේස හැඳි 2

සීනි මේස හැඳි 1

තම්බා පොඩි කළ බතල කෝප්ප 2

දියකළ බටර් මේස හැඳි 2 1/2

කිරි මේස හැඳි 5

කුරුඳු කුඩූ තේ හැඳි 1/4

තලාගත් ඉඟුරු ටිකක්

එළවළු තෙල් මේස හැඳි 2

සාදන ක්‍රමය

තෙල් ඉතිරි වන සේ ඉතිරි සියලුම ද්‍රව්‍ය එකට දමා මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. පෑන් කේක් සාදන පෑන් එක හොඳින් රත් කරන්න. පෑන් එකට තෙල් ටිකක් තවරන්න. සාදාගත් මිශ්‍රණයෙන් මේස හැන්ඳකින් එකක් තැටියට දාන්න. රවූමට පෑන් කේක් එක සෑදීමට තැටිය කරකවන්න. ලිප තබා විනාඩි 2ඃ 3 ක් මූදුනේ බබූළු සෑදෙන තුරු තියෙන්නට හැර අනිත් පැත්ත දමන්න. විනාඩියක් විතර තිබෙන්න හැර ඉවතට ගන්න. මෙසේ පෑන් කේක් පිස ගන්න. වරින්වර පෑන් එකේ තෙල් තවරන්න. මෙසේ ඔබට රසවත් බතල පෑන් කේක් සාදා ගතහැක.

බතල සහ පොල් පූඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

බතල රාත්තල් 2

දෙහි ගෙඩි 2 (පොතු සහ යූෂ)

බිත්තර කහ මද 2

රතු සීනි කෝප්පයයි

ඩෙසිකේටඩ් පොල් කෝප්ප 2

වැනිලා ස්වල්පයක්

කුරුඳු පොතු, කුඩූ තේ හැඳි බාගයයි

සාදන ක්‍රමය

බතල පොතු හැර කුඩා කුටිටිවලට කපා දෙහි ගෙඩියක පොතු දමා වතුර දමා හොඳින් තම්බන්න. වතුර පෙරා හැර හොඳින් පොඩි කර නිවෙන්න හරින්න.

බිත්තර කහ මද සහ සීනි එකට දමා තටිටූ කරන්න.

පොඩි කළ බතලවලට තටිටූ කර ගත් බිත්තර, සීනි, සහ අනිකුත් ද්‍රව්‍ය එකතු කරන්න. බේක් කරන භාජනයට බටර් තවරා මිශ්‍රණය වත් කරන්න.

කලින් උණූසූම් කරන ලද උදුනක තබා රන්වන් පැහැ වනතුරු බේක් කර ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment