යූවතියක් රුබෙල්ලා එන්නත සහ ෆෝලික් අම්ලය පෙති ලබා ගැනීමේ වැදගත්කම


ෆෝලික් අම්ලය විවාහවීමට පෙර සිටම යූවතියක් ලබාගත යූතු බවට අපි පසූගිය ලිපියකින් ඔබ දෑනූවත් කළා. දරු පිළිසිඳ ගැනීමකට මාස තුනකට පමණ පෙර සිට ෆෝලික් අම්ලය ලබාගැනීම වැදගත්.

ෆෝලික් අම්ලය ලංකාවේ ඇත්තේ මිලි ග්‍රෑම් 5 පෙති ලෙසයි. මෙය දිනපතා ගැනීමෙන් ශරීරයේ ඇති ෆෝලික් අම්ල ප්‍රමාණය අඩූවීම වළක්වනවා. ඒ වගේම මෙය කළලයේ වැඩීමට අවශ්‍යම අම්ලයක්. විශේෂයෙන්ම කළලයේ ස්නායූ පද්ධතියට මෙය බලපෑම් කරනවා.

කළලයක් ඇති වූ විට ස්නායූ පද්ධතිය නිර්මාණය වන්නේ විවර වූ අවයවයක් ලෙසින්. නමූත් කළලයට සති 12 ක් ගත වන විට විවර වූ මොළයේ හා සූෂූම්නාවේ කොටස් වැසී යා යූතුය. එසේ සිදුවන්නේ එම පද්ධතියේ ආරකෂාව සඳහායි. එහෙත් කලාතුරකින් අවස්ථාවල ඇතිවන දුබලතාවක් තිබෙනවා. ඒ මොළයේ සිට පිටදිගේ පහළට යන සූෂූම්නාව නොවැසී තිබීමයි. එවිට මොළය හෝ සූෂූම්නා රජ්ජූව පිටතට නිරාවරණය වෙනවා. එසේ නිරාවරණය වූ විට එම පද්ධතියට බලපෑම් ඇතිවෙනවා. එහි ක්‍රියාකාරීත්වය බිඳ වැටීමෙන් උපදින බබාට ස්නායූ ආබාධ ඇතිවෙනවා. විශේෂයෙන්ම මොළයේ ආබාධ ඇති දරුවන් ඇතිවන්නට පූලුවන්. ඇනන් කෙෆලි කියන හිස්කබල වර්ධනය නොවූ දරුවන් පවා ඇතිවෙන්නට පූළුවන්. මේ දරුවන්ගේ හිස්කබල වර්ධනය නොවී ඇති නිසා ඔවූනගේ මොළය සම්පූර්ණයෙන්ම උල්බ තරලයට නිරාවරණය වී තිබෙනවා. හිස්කබල ලෙසින් අප හඳුන්වන කටූව ඔවූන්ගේ පිහිටන්නේ නෑ. නමූත් දරුවාට ජීවත්වීමට අවශ්‍ය තරමට මොළයේ ක්‍රියාකාරීත්වය තිබෙනවා. ඒ නිසා දරුවා දින සම්පූර්ණවෙන තුරු සිට සාමාන්‍ය ක්‍රමයට බිහිවෙන්නට පූළුවන්. නමූත් එවැනි බබාලා බොහෝ විට ඉපදුනූ විගස මිය යනවා. ඇතැම් විට මාස 8ඃ9 පමණ ජීවත්වෙනවා. ඉන් එහාට මෙවැනි දරුවන්ගේ ජීවිතය පවතින්නේ නෑ.

කොඳු ඇට පෙළ පහළ ස්නායූවලට ආබාධ සිදුවූ දරුවන්, එවැනි ආබාධ සම

ඟ ජීවත්වෙන්නට පූළුවන්. ඇතැම් විට එවැනි දරුවන්ට ඇවිදීමට පවා නොහැකි වන්නට පූළුවන්. මූත්‍රාශයේ ක්‍රියාකාරීත්වය නැතිවෙන්නට පූළුවන්. ඒ හැරුණූ විට තවත් බොහෝ ආබාධිත තත්ත්වයන් මේ දරුවන්ට ඇතිවිය හැකිය.

මෙම ආබාධ තත්ත්වයන් වළක්වා ගැනීම කළ හැකි, කළ යූතු දෙයක්. ඒ සඳහා මව දිනපතා ෆෝලික් අම්ලය පෙත්තක් බැගින් ලබා ගැනීම පමණයි කළ යූත්තේ. දරු පිළිසිඳ ගැනීමට මාස තුනකට පෙර සිට ලබාගන්නා ෆෝලික් අම්ලය, දරු පිළිසිඳගැනීමෙන් මාස තුනක් ගත වනතුරුත් ගත යූතුයි. එයට හේතුව කළලයේ වර්ධනය සඳහා අවශ්‍යවීමයි. මාස පහක් ගත වනතුරු එය ලබාගැනීමට අපි උපදෙස් දෙනවා. ඉතිරි මාස දෙක මවගේ රුධිරය වර්ධනය වීම සඳහායි.

විශේෂයෙන්ම මවගේ රුධිරයේ හිමෝග්ලොබින් හැදීමට ෆෝලික් අම්ලය ඉතාම වැදගත්. ඒනිසා මේ පෙත්ත දිගටම ලබාගැනීම මවටත් වාසියක් වෙනවා.

ඇතැම් විට ෆෝලික් අම්ලය ලබාගත යූතු මාත්‍රාව වෙනස් වෙන අවස්ථා තිබෙනවා. බරින් වැඩි සිරුරක් හිමි මව්වරු ෆෝලික් අම්ල පෙති 2ඃ3 ක් ගත යූතු වෙනවා. ඒ වගේම දියවැඩියා රෝගය ඇති මව්වරුද පෙති ප්‍රමාණය වැඩියෙන් ගත යූතුයි. ඒ හැරුණාම අනෙක් මව්වරුන්ට නිර්දේශ කරන්නේ දිනකට එක් පෙත්තක් ලබාගැනීමටයි.

ෆෝලික් අම්ලය තරමටම, රුබෙල්ලා එන්නතත් ලබා ගැනීම ඉතාම වැදගත්. දෑන් පාසල් වියේදී සියලු දරුවන්ට රුබෙල්ලා එන්නත ලබා දෙනවා. රුබෙල්ලා එන්නත ලබා නොගත් ගර්භණි මවවරු දෑන් අපට හමූවන්නේ ඉතාම අඩූවෙන්.

තවමත් රුබෙල්ලා එන්නත ලබා නොගත් යූවතියන් හෝ කාන්තාවන් සිටිනවා නම් ගර්භණි වීමට මාස තුනකට පෙර රුබෙල්ලා එන්නත ලබා ගැනීම කළ යූතුයි.

මෙයට හේතුව ගර්භණි මවට රුබෙල්ලා රෝගය ඇතිවූවහොත් මූල් සති 12 තුළ දී කළලයට බලපෑම් ඇතිවන්නට පූළුවන්. එසේ බලපෑම් ඇති වීමෙන් කළලයට රුබෙල්ලා සින්ඩ්‍රෝම් කියන තත්ත්වය ඇති විය හැකියි. ඒ හේතුවෙන් උපදින දරුවා මන්දබූද්ධික වන්නට පූළුවන්, දරුවාගේ හැදීම බාලවෙනවා, දරුවාගේ කන් ඇසීම අඩූ වෙනවා, ඒ හැරුණාම තවත් විවිධ රෝගාබාධ ඇතිවන්නට පූළුවන්. එහෙත් ඔබ රුබෙල්ලා එන්නත ලබාගෙන සිටියොත් මෙවැනි ආබාධිත දරුවන් බිහිවීම වළක්වා ගන්නට පූළුවන්.

එන්නත ලබා ගන්නා විට අපි කියනවා එන්නත ලබා ගෙන මාස තුනක් ගත වන තුරු දරු ගැබක් ඇති කරගන්නට එපා කියලා. මෙයට හේතුව ඕනෑම එන්නතක බලපෑම මාස තුනක් පමණ ගතවන තුරු තිබිය හැකි වීමයි. නමූත් මාස තුනක් ගත වීමට පෙර ගර්භණි වූවහොත් එම බබාට ආබාධයක් ඇති වෙනවායැයි මෙතෙක් සොයාගෙන නැහැ. එන්නත ලබාගැනීම හා රුබෙල්ලා රෝගය ඇති වීම දෙකක් බව මින් පැහැදිලි වෙනවා. ඒ නිසා රුබෙල්ලා එන්නත ලබාගෙන මාස තුනක් ගත වීමට පෙර දරු ගැබක් ඇතිවූවහොත්, එම දරුගැබ ඉවත් කිරීමට හේතුවක් නැහැ.

එන්නත හා රෝගය අතර සම්බන්ධයක් නෑ කිවූ විට බොහෝ දෙනාට ගැටළුවක් ඇති වේවී එහෙම නම් එන්නත ලබා ගත යූතුමද කියලා. එයට පිළිතුර අනිවාර්යයෙන්ම ලබාගත යූතුයි යන්නයි. ආබාධිත දරුවෙකු ඔබට අවශ්‍ය නැතිනම් කළ යූත්තේ රුබෙල්ලා එන්නත ලබාගැනීමයි. රුබෙල්ලා එන්නත මගින් බිහිරි දරුවන්, ආබාධිත දරුවන් මන්ද බූද්ධික දරුවන් බිහිවීම වළක්වයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment