ශීතකරණයක් නැති කාලේ අපේ අත්තම්මලා බත්මූල ඔතපූ හැටි දන්නවාද?



ශීතකරණ නොමැති කාලයේදීත් ගමනක් බිමනක් යෑමේදී ගෙනියන ආහාර පාන කලින් පිලියෙළ කර ගත්තා.

ආහාර නරක් වීම පිළිබඳ වූ විද්‍යාත්මක පසූබිම ඔවූන් හඳුනා නොසිටියද අත්හදා බැලීමෙන් ලද අත්දෑකීම් මගින් ආහාර බත්මූලට ගැලපෙන පරිදි පිළියෙළ කර ගැනීමේ ශිල්පය අපේ පැරැන්නන් මනා සේ දැන සිටියා.

රාත්‍රියේ ආහාරයට පිළියෙළ කරන ලද පරිප්පූ වැනි වෑංජන තෙල්, කිරි දෑමීමට පෙරාතුව වෙන් කොට තබා පසූ දිනයේදී අවශ්‍ය ලෙසට පිළියෙළ කරගෙන බත් මූලට තබයි. බොහෝ අවස්ථාවල ඔවූන් කළේ වියළි බඳුනකට වියළි හැන්දකින් ආහාර කොටස වෙන් කිරීමයි. ආහාරයට ගැනීමට පෙරාතුවම අවශ්‍ය ප්‍රමාණයට වෙන් කිරීම සිදු වේ. බත් වූවද පසූදිනට වෙන් කිරීම මේ අන්දමට සිදු කරයි. බත් මූටිටියට හැන්ද දමා බෙදා ගැනීමට පෙරාතුව මූටිටිය මූදුනෙන් වෙනම බඳුනකට දමන බත් වාෂ්පය ඉවත් වෙන තුරු තබා වසා තබයි.

කල් තබා ගැනීමට අවශ්‍ය ලෙස පොල් සම්බල් පිළියෙල කිරීමේදී කොටිට පොල් හෙවත් වතුර සිඳී ගිය පොල්වලින් පිළියෙල කරනූ ලබයි. එවිට මෙම සම්බෝලය පිළුනූ නොවී ආහාරයට ගැනීමේ වාසිය ලැබෙනූ ඇත.

කිරි සහිත මාළු පිනි පසූවදා බතට අවශ්‍ය නම් ආහාර පිස අවසානයේදී ලිප මත වූ අඟුරු රස්නයට කිරි සිඳී යන තුරු තබයි. බෝංචි, බණ්ඩක්කා, පතෝල වැනි කිරට පිසින එළවළු නරක් නොවන සේ පසූදිනයට තබා ගන්නේ ඒ අන්දමටය.

බත බැඳීමට එදවස භාවිත කළේ අද මෙන් ඉටි කොළ නොව කෙසෙල් , පූවක් වැනි ස්වභාවික ඇසූරුම්ය. කෙසෙල් කොළය සෝදා දිය නොරඳන ලෙස වියළා රස්නයට අල්ලා තබා ගනී. පූවක් කොළයද නම්‍යශීලී ලෙසට පිළියෙල කරගෙන බත ඔතා ගැනීමට හැක පරිදි සූදානම් කර ගනී.

බත ඔතන විටද වෑංජන වෙන වෙනම කෙසෙල් කොළවල ඔතන අතර බත වෙනම කෙසෙල් කොළයක ඔතා ගනී. වෑංජන වෙන වෙනම ඔතා ගැනීමේ විශාල වාසියක් තිබෙනවා. යම් විදිහකින් එක් ආහාරයක් පිළුණූ වී තිබූණොත් බත් පත අනූභව කිරීමට ඇති ප්‍රියබව ඉවත් වෙනවා. ඒත් වෙනම දවටා තිබූණූ විට පිළුනූ වෑංජනය ඉවතට දමලා ඉතිරි අඩූවැඩියෙන් කුස පූරවා ගැනීමට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment