ඒ නිසාම අප මෙවර ශරීරයේ ස්ථූලත්වය පිළිබඳ කතා බහ කළා.
ස්ථූලත්වය යනූ කුමක්ද?
ශරීරයේ ස්ථූලත්වය ගැන කතා කිරීමේදී ශරීරයේ මේදය තැන්පත් වීම නිසා ඇති වෙන තත්ත්යවක් ලෙස සරලව හඳුන්වාදීමට පූළුවන්. එසේ වූවද කෙනෙකු ස්ථූලත්වයට පත්වීමට විවිධ කරුණූ කාරණා බලපාන බව අප අමතක නොකළ යූතුයි.
ස්ථූලත්වයට පත්වීමට බලපාන හේතු
කෙනෙකු රෝගී තත්ත්වයක් ඇතිව ස්ථූලත්වයට පත්විය හැකියි. එසේම රෝගී තත්ත්වයක් නැතිව වෙනත් හේතු සාධක නිසා කෙනෙකු ස්ථූලත්වයට බලපෑ හැකියි.
සාමාන්‍යයෙන් කෙනෙකු ගේ බර ගණනය කරනූ ලබන්නේ ඔහූගේ · ඇයගේ බර උස වර්ග මීටර්වලින් බෙදාය. එය අප ඊඵෂ යන නාමයෙන් හඳුන්වනූ ලබනවා. ඒ අනූව කෙනෙකු ඊඵෂ 5 - 25 දක්වා යූක්ත වීම ගැටලු සහගත තත්ත්වයක් නොවේ. එය ඊඵෂ 25-30 දක්වා තිබීම සාමාන්‍ය ස්ථූලත්වයකි. ඊඵෂ 30 ට වඩා වැඩි නම් එය ස්ථූලත්වය අධික බවට සලකනූ ලබනවා.
ස්ථූල කෙනෙකුට බලපෑම හැකි රෝග
මූලින් අප සාකච්ඡා කළ ආකාරයට කෙනෙකු උසට සරිලන බරකින් යූතු විය යූතුය. එසේ නොවී වැඩි බරකින් යූතු වීම යම් තරමකට ගැටලු සහගත තත්ත්වයකට අදාළ තැනැත්තාට හෝ තැනැත්තියට මූහූණදීමට සිදු වේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගත් විට ස්ථූල තත්ත්වයට පත් තැනැත්තකුට හෝ තැනැත්තියකට දියවැඩියාව, හෘද රෝග අංශ භාගය මෙන්ම කොලොස්ටරෝල් අධි රුධිර පීඩනය, ඔස්ටියෝ ආතරයිටිස් මෙන්ම මානසික ආතතිය වැනි තත්ත්වයන්ට පත්වීමට වැඩි නැඹූරු තාවයක් තිබෙනවා.
මීට අමතරව පිළිකාමය තත්ත්වයන් ඇතිවීමටද මේ ස්ථූලත්වය බලපාන අතර විශේෂයෙන් කාන්තාවන්ට ගර්භාෂයේ පියයූරුවල පිළිකාමය තත්ත්වයන් ඇතිවීමට වැඩි ඉඩ කඩක් පවතිනවා.
එමෙන්ම බඩවැල් ආශ්‍රිත රෝග චර්ම රෝගද ඇතිවීමට හැකියාව තිබෙන බවද මතකයේ තබා ගැනීම වැදගත්.
ස්ථූලත්වය ගැන අවධානය යොමූ කර රෝග තත්ත්වයන් ගැන කතා කරද්දී පෙනහළු දුර්වල වීම, රුධිරයේ හිමෝග්ලොබිින් වැඩිවීම මූත්‍රාවල ප්‍රොටීන් වැඩිවීමද දකින්නට හැකි බව තවදුරටත් පෙන්වා දිය හැකියි.
ස්ථූලත්වය මරණයට අතවැනීමක්
ස්ථූලත්වය විවිධ රෝග තත්ත්වයන්ට හේතු වෙන අතර ස්ථූලත්වය පාලනය කර නොගත හොත් ජීවිත අවධානමද වැඩියි. සාමාන්‍ය උසට සරිලන බරට වඩා සියයට දහයකින් වැඩිනම් එවන් අයකු සාමාන්‍ය කෙනෙකුගේ ජීවිත අවධානමට වඩා සියයට 13 කින් ඉහළය. එය සියයට විස්සකින් වැඩිනම් ඔහූගේ ඇයගේ ජීවිත අවධානම සියයට 25 ක් ඉහළ බව සඳහන් කළ යූතුය.
ස්ථූලත්වයට හේතුව
කෙනෙකු ස්ථූලත්වයට පත් වීමට බලපාන හේතු සාධක දෙකක් තිබෙනවා. ඒ ජානමය හේතු හා පාරිසරික හේතු ලෙස දැක්විය හැකියි
ඇතැම් ඇය ලෙප්ටින් හෝර්මෝනය ක්‍රියාකාරත්වය හා එය පරම්පරාවට යෑම හේතු කොටගෙන ස්ථූලත්වයට පත් වෙනවා. මෙය සංකීර්ණමය ගැටලුවක්.
පාරිසරික හේතු
අප ගෙවන්නේ කාර්ය බහූල ජීවන රටාවක්.
මේ නිසා අපගේ බොහෝ කටයූතු සිදුවන්නේ එක්තරා රටාවකට අනූවයි ඉන් පිට පැන වෙනස් රටාවකට හැඩ ගැසීමට බොහෝ දෙනෙකුට අපහසූයි. මෙයද ස්ථූලත්වය සඳහා බලපානවා අප කනබොන විදිහත් වත් පොහොසත්කම් සංස්කෘතික රටාව මෙන්ම ආකල්පයන්ද මේ සඳහා බලපානවා.
කාන්තාව සහ ස්ථූලත්වය
අප එදිනෙදා කටයූතු වලදී දකින සමහර කාන්තාවන් වැඩි ස්ථූලත්වයකින් යූක්ත බව ඔබටත් අවබෝධ වී ඇතිවාට සැක නැහැ.
පිරිමින්ට සාපේක්ෂව කාන්තාව වැඩි ස්ථූලත්වයකින් යූක්ත වීමට විශේෂයෙන් බලපා ඇත්තේ ඇගේ ආකල්පමය හේතුන්ය.
බොහෝ කාන්තාවන් කල්පනා කරනූයේ තමා කුස්සියේ වැඩපලෙහි යෙදෙන නිසා වෙනම ව්‍යායාම නොකළ යූතු බවය වැරදි ආකල්පයකි.
සැබවින්ම ඇය නිසි උපදෙස් සහිතව ව්‍යායාම කළ යූතුය. පිරිමින් කෙසේ හෝ කලවේලාවක් සොයාගෙන ව්‍යායාම කළද එළිපහලියට කාන්තාවන් යෑමට අකැමැති නිසා ඇවිදීම වැනි සූළු ව්‍යායාමයක් කිරීමද මග හැරීයයි.
විශේෂයෙන් ආසියාතික රටවල කාන්තාවන්ගේ ආහාර රටාවද ඇය ස්ථූල වීමට බලපා ඇත.
එනම් බොහෝ විට කාන්තාව ආහාර ගනූ ලබන්නේ නිවසේ සියලු දෙනාම ආහාර ගත් පසූවය. ඉතිරි වෙන ආහාර සියල්ලම ඇය අනූභව කරන්නේ ආහාර ඉවත නොදෑමිය යූතුය යන සිතුවිල්ල ඇතිවය. එසේ කිරීමෙන් ඇය නොදන බොහෝ ආහාර ප්‍රමාණයක් ගනී,
එමෙන්ම ගර්භනී සමයේ ඇය දරුවාටත් සමග යැයි ආහාර ගනී, කිරිදෙන විට කිරිදෙන මට වැඩිපූර ආහාර ගත යූතු යැයි පවසමින් වැඩිපූර ආහාර ගනී, ඇයගේ බොහෝ කටයූතුද නිවසේ වෙනත් අය කර දෙයි. මේ අනූව ඇය වැඩි ආහාර ප්‍රමාණයක් ගන්නා අතර වැඩි කැලරි ප්‍රමාණයක්ද ශරීරයට ලබා ගන,ී වැය වන ප්‍රමාණයට වඩා තැන්පත් වන කැලරි ප්‍රමාණය නිසා කාන්තාව ස්ථූලත්වයට පත් වෙයි.
පාලනයට ව්‍යායාම
ස්ථූලත්වය පාලනය කළහැකිය. ඒ නිසි ව්‍යායාම කිරීමෙනි. වෙනත් රටවල නම් ව්‍යායාම කිරීම සඳහා උපදෙස් හා ස්ථාන රජය මගින් ම පිහිටූවා ඇත. අප රටෙිද මෙවන් තත්ත්වයන් ඇති කරමින් තරුණ තරුණියන්ට පමණක් නොව ව්‍යායාම අවශ්‍ය අයට එහි වැදගත්කම අවබෝධ කරලීමේ වැඩසටහන් දියත් කළ යූතුය.
ශරීරයට ව්‍යායාම අවශ්‍ය. හෘදයාබාධ වැනි තත්ත්වයන් ඇති අය සූළු ව්‍යායාම කිරීමේදී පවා නිසි උපදෙස් ලබා ගත යූතුය. පිහිනීම, බයිසිකල් පැදීම, ඇවිදීම වැනි ව්‍යායාම තුළින් ස්ථූලත්වය පාලනය කරගත හැකිය. ඊට අමතරව ඖෂධ මගින්ද එය පාලනය කළ හැකියි.
ඖෂධ ප්‍රතිකාර
ස්ථූලත්වය පාලනය කර ගැනීමට වඩාත්ම වැදගත්වන්නේ නිසි පෝෂණය යනූ කුමක්දෑයි වටහා ගැනීමය.
කෙනෙකුගේ කෑම ගැනීමේ ආශාව ීෂඊඹ ඔසෘඵෂඵෑ වැනි ඖෂධ මගින් පාලනය කළ හැකිය. එය වෛද්‍ය උපදෙස් මත ලබාගැනීම වැදගත්. ඊට අමතරව ධසෘඛෂීඔ්ඔ වැනි ඖෂධ මගින් කෙනෙකුගේ ශරීරයේ මේද කොටස් තැන්පත් වීම අඩූකළ හැකිය. සමහර අය ආහාර වැඩිපූර ගැනීමෙන් මහත් වන බව පවසා ආහාර ප්‍රමාණ අඩූ වෙන් ගැනීමට පෙළඹේ. එසේ වූවද ඔවූන් වැඩ පලෙහි නොයෙදේ නම් එසේ නැත්නම් ශක්ති ප්‍රමාණයක් වැය නොකරන්නේ නම් අඩූ ආහාර ප්‍රමාණයක් ගත්තත් ඔහූ හෝ ඇය ස්ථූල වීම වැළැක්විය නොහැකියි. එහෙයින් ඔබේ ස්ථූලත්වය පාලනයට ගත යූතු මග කුමක්දැයි ඔබම වටහා ගන්න
WHAT ARE THESE MEDICINES ?
ReplyDelete