ඉවසන්න බැරි හිසරදේ...


හිසරදය... බොහෝ දෙනෙක් පීඩාවිඳින රෝග තත්ත්වයක්. එහෙත් වෛද්‍ය මතය වෙන්නේ හිසරදය යනූ රෝගී තත්ත්වයක් නොව රෝග ලකෂණයක් බවයි.

මෙම රෝග ලකෂණය මානසික ආතතියේ සිට මොළයේ පිළිකාමය තත්ත්වයක් දක්වා ඇතිවෙයි.

නාගරික ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන මිනිසූන් තුළ මෙන්ම ස්ත්‍රී පූරුෂ හෝ වයස් භේදයකින් තොරව හිසරදය ඇතිවෙයි.

මෙම තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීමේදී එය හිසරදය ඇතිවූයේ සාමාන්‍ය තත්ත්වයක් මත ද නැතහොත් සංකූලතා තත්ත්වයක් නිසාද යන්න මූලින්ම අවබෝධ කරගත යූතුයි.

බැරෑරුම් තත්ත්වයක් නිසා ඇතිවන හිසරදයේ ස්වභාවය.

උදෑසන නින්දෙන් නැගිටීමත් සමග ඇතිවෙන හිසරදය.

2වමනය, ඔක්කාරය, ක්ලාන්තය වැනි රෝග ලකෂණ සමග හිසරදය හට ගැනීම.

3කැස්ස, කිවිසූම් පිටකිරීමේදී තැටමීමේදී (මළ පහ කිරීම, මූත්‍රා පිට කිරීම වැනි අවස්ථාවලදී) හිසරදය වැඩිවීම හෝ ඇතිවීම.

4අතක පයක හෝ ශරීරයේ මොනයම් හෝ කොටසක දුබලතාවයක් හිරිවැටීමක් සමග හිසරදය ඇතිවීම.

5හිසරදය සමග වලිප්පූව ඇතිවීම.

මෙවැනි ලකෂණ ඇතිවූ වහාම සූදුසූකම් ලත් වෛද්‍යවරයෙකු හමූවී උපදෙස් ලබාගත යූතු අතර අවශ්‍ය වෙතොත් ප්‍රතිකාර ද නිසි උපදෙස් මත ලබාගත යූතුය.

කෙනෙකුට හිසරදය කිහිප ආකාරයකින් මතුවිය හැකිය. ඒ අතර,

1. ඉරුවාරදය,

2 ආතතිය නිසා හිසරදය,

3 සයින සයිටිස් (වායූ කොඨරක ප්‍රදාහය)

4සාමාන්‍ය උණ සමග ඇතිවන හිසරදය.

ඉරුවාරදය

තරුණ කාන්තාවන් තුළ බහූලව දැකිය හැකි තත්ත්වයකි ඉරුවාරදය. මෙය මාරාන්තික තත්ත්වයක් නොවූණත් කාලාන්තරයක් තිස්සේ ඇතිවීම පීඩාකාරී තත්ත්වයක් ගෙන දෙන්නෙකි.

මෙය නොයෙකුත් ආහාර පාන ගැනීම නිසා ඇතිවන තත්ත්වයක් ලෙස ද හඳුන්වාදිය හැකිය. එම ආහාර ගත අතර චොකලටි, චීස්, කොෆි ද වේ.

හිසේ එක් පැත්තකට සීමාවන ඉරුවාරදය, වමනය, ඔක්කාරය, ක්ලාන්තය වැනි තත්ත්වයන් මෙන්ම ශරීරයේ යම් කොටසක දුබල හෝ හිරිවැටීමක් වැනි ලකෂණයන් සමගද මතුවිය හැකියි.

ඉරුවාරදය වැළඳුණූ වහාම කෙනෙකු කළ යූත්තේ නිස්කලංක අඩූ ආලෝකය සහිත කර්මයකට වී විවේක ගැනීමයි.

රෝගය නිශ්චය කළ පසූ සූදුසූකම් සපූරා ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත යූතු අතර ඔහූ නියම කරනූ ලබන ඖෂධ වටිටෝරුව නිසි ආකාරයට භාවිතයට ගත යූතුය.

ඇතැම් අය වෛද්‍යවරයෙකු නියම කරනූ ලබන ඖෂධ ලබාගෙන රෝගය සූව වූ වහාම ඖෂධ ගැනීම නවතාලයි. එය සූදුසූ ක්‍රියාවක් නොවේ. රෝගය අඩූවූව ද වෛද්‍යවරයා නිර්දේශ කරන කාලසීමාව පූරා නිසි පරිදි ඖෂධ වටිටෝරුව නිසි පිළිවෙලට ලබාගත යූතුය. එසේ නොවූණත් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකි බව ඔබ අවබෝධ කරගත යූතු බව මෙහිදී අවධාරණය කළ යූතුය.

ආතති හිසරදය

තරුණ වියේ පසූ වන්නන් තුළ මේ තත්ත්වය බහූල ලෙස දැකිය හැකිය. එහෙත් ඕනෑම වයසක පසූවන කෙනෙකුට මෙම තත්ත්වය වැළඳීමට ඉඩකඩ තිබෙනවා.

හිසවටා පටියක් එතුවාක් වැනි තෙරපූමක් සේ ඇතිවෙන මෙය මතුවීමට නොයෙකුත් කරුණූ කාරණා විය හැකියි.

මානසික ආතතිය

අධික හිරුඑළිය

අධික තෙහෙටිටූව ආදී තත්ත්වයන් නිසා මෙම තත්ත්වය ඇතිවේ.

සයිනසයිටිස්

පීනස තත්ත්වයක් සමග ඇතිවන ඉතා බහූලව දැකිය හැකි තත්ත්වයකි සයිනසයිටිස්.

නාගරිකව ජීවත්වන අය තුළ මෙය බහූලව දැකිය හැකිය. එයට ප්‍රධාන හේතුව විදුලි පංකා හා වායූ සමීකරණ යන්ත්‍රවල බලපෑමය.

හිසේ බරගතිය සමග නාසය සිරවීම දැවිල්ල, කැසීම, උගුරේ සෙම පැටලීම වැනි ලකෂණද සයින සයිටිස් විෂ තත්ත්වයේදී මතුවිය හැකියි.

මෙම තත්ත්වය පමණක් නොව අප පළමූව සාකච්ඡාවට බඳුන් කරන රෝග ලකෂණයන් සමග හිසරදය පවතී නම් කල් නොමරා වහාම සූදුසූකම් ලත් වෛද්‍යවරයෙකු හමූවී උපදෙස් හා ප්‍රතිකාර ලබාගත යූතුය.

එහිදී අප සදහන් කළ ආකාරයට අදාල වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ නිසි කාල පරාසය තුළ ලබා ගැනීමටද ඔබ සැළකිලිමත් විය යූතුය. එසේ වූ විට සාර්ථක ලෙස මෙම තත්ත්වයන් සූව කරගත හැකිය.



උපදෙස් ඃ ජාතික රෝහලේ කායික රෝග අංශයේ
ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය
යූ. එස්. සඳරුවන් ද සිල්වා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment