අවශ්‍ය ප්‍රමාණයෙන් අයඩින් නොලැබූණොත් ප්‍රශ්න ගොඩක් ඇතිවෙයි



මිනිස් සිරුරෙහි ක්‍රියාකාරිත්වය සඳහා තයිරොයිඩ් ග්‍රන්ථියෙන් සිදුවන්නේ ඉතා වැදගත් මෙහෙයක්. තයිරොයිඩ් ග්‍රන්ථියේ නිපදවන හෝමෝනය තමයි අපි තයිරොක්සින් යනූවෙන් හඳුන්වන්නේ. තයිරොක්සින් හෝමෝනය නිපදවන්න අයඩින් ලෙස හඳුන්වන ක්ෂූද්‍ර පෝෂ්‍ය පදාර්ථය අවශ්‍ය වෙනවා. ශරීරයට අයඩීන් ප්‍රමාණවත්ව ලැබෙන විට තයිරොක්සින් හෝමෝනය නිපදවීම සහ ශ්‍රාව්‍යවීම ඉතාම හොඳින් කරගෙන යනවා. මෙවැනි තත්ත්වයකදී නම් අයඩින් ඌනතාව වැලදෙන්නේ නැහැ. නමූත් තයිරොකිසින් හෝමෝනය නිපදවීම නියම පරිදි නොවන විට අයඩීන් ඌනතාවය ඇතිවිය හැකියි.

අයඩීන් මිනිසාට අත්‍යාවශ්‍ය ක්ෂූද්‍ර පෝෂක අතරින් එකක් පමණයි. මෙම ක්ෂූද්‍රපෝෂ්‍ය පදාර්ථය ආහාර වේලින්ම ලබාගත නොහැකියි. එය මිනිස් සිරුර තුළ නිෂ්පාදනය කළ නොහැකියි. එය ලබාගත හැක්කේ විශේෂනේම ආහාරවේලට එකතු කරන අයඩීන් මිශ්‍ර ලුණූ මාර්ගයෙන් වගේම මූහූදු මාළු, මූහූදු පැළෑටි, කරවල වැනි ආහාරවලින් පමණයි.

අයඩීන් ඌනතාවය අද වන විට පාරිසරික ගැටළුවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ගංවතුරට භාජනය වන ප්‍රදේශවල සහ කඳුකර ප්‍රදේශවල පසෙහි සහ ජලයෙහි අයඩීන් අඩූ බව පරීක්ෂණවලින් සනාථ වෙලා තියෙනවා. එම නිසා එවැනි පසක වැවෙන ශාකවලත් අයඩීන් ප්‍රතිශතය ඉතාම අඩූයි.

ලංකාවේ අයඩීන් ඌනතාවයට ගොදුරු වී සිටින ජනයා අතරින් සියයට 30.2 ප්‍රමාණයක් වාර්තාවෙන්නේ කළුතර දිස්ත්‍රික්කය තුළ සහ සියයට 65 ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙන්. සෑම වයස් මටිටමකදීම අයඩීන් සිරුරට අවශ්‍යමයි. අයඩීන් මිනිස් සිරුරට නිසි ප්‍රමාණයට නොලැබූණොත් හදිසි ගබ්සාවන් ඇති වීමේ ඉඩකඩ ඉහළයි. මළ දරු උපත්වලටත්, ගලගණ්ඩය, වායූගෙඩි වැනි රෝගවලටත් අයඩීන් නිසි ලෙස නොලැබීම බලපායි.

මොළයේ සහ ශරීරයේ වර්ධනය නිසි ලෙස සිදුවීම, බූද්ධිය හොඳින් වර්ධනය, ශ්‍රවණ ආබාධවලින් තොරවීම, දරුවන් අදාළ වයසේදී කතා කරන්නට යොමූවීම ශරීරයට අවශ්‍ය පරිදි අයඩීන් ලැබීමෙන් ඉටූ වේ. එමෙන්ම කායික සහ මානසික උදාසීනත්වය වළක්වයි. අයඩීන් ඌනතාවයෙන් පෙළෙන දරුවන් යොවූන්වියට පත්වීම ප්‍රමාද වේ. ගැහැනූ දරුවෙකු නම් ඇයගේ මල්වරවීම ප්‍රමාද වන්නට වේ. මල්වර වීමෙන් පසූව සිදුවෙන මාසික රුධිර වහනය (අර්තවය) අක්‍රමවත්ව සිදුවීමට පූළුවන්. එය මාසයකින් හෝ දෙකකින් ඇනහිටීමට පූළුවන්. තයිරොක්සින් හෝමෝනය ලබාදීමෙන් මෙම අක්‍රමත්භාවයට ප්‍රතිකාර කළ හැකි වේ. එසේ වූවද කුඩා කල සිටම ගැහැනූ දරුවෙකුට ආහාරයේ ප්‍රමාණවත් අයඩීන් අඩංගු වන්නේ නම් මෙවැනි ඌනතාවයන් පහසූවෙන් මඟ හරවා ගැනීමට පූළුවන්.

අයඩීන් ඌනතාවය වළක්වා ගැනීම සඳහා මෙවැනි පියවර අනූගමනය කළ හැකියි. අයඩීන් මිශ්‍රිත ලුණූ ආහාරයට එකතු කරගැනීම, කැටලුණූ හොඳින් සේදීමෙන් අයඩීන් ඉවත් වේ. එමෙන්ම අයඩීන් මිශ්‍රිත ලුණූ හරියාකාරව ගබඩා නොකිරීම ඒ කියන්නේ අඳුරු පැහැති වීදුරු භාජනයක හෝ ප්ලාස්ටික් හෝ ආලෝකයට නිරාවරණය වන තැනක නොතිබීම කළ යූතුයි. ආහාරයට අයඩීන් අඩංගු කූනිස්සන්, ඉස්සන්, මූහූදු මාළු. මූහූදු පැළෑටි, වර්ග එකතු කිරීමත් ඔබට කළ හැකියි.

අයඩීන් ආහාරයට එක් කිරීමේ ඉතා පහසූ මෙන්ම ආරක්ෂාකාරී ක්‍රමය වන්නේ එදිනෙදා පාවිච්චියට ගනූ ලබන දිය ලුණූවලට අයඩීන් මිශ්‍ර කිරීමයි. ජාතික ලුණූ සංස්ථාව මගින් දැනට ලුණූවර්ග දෙකක් වෙළෙඳ පොළට නිකුත් කරයි. ඉන් එක් වර්ගයක් නම් අප දැනටමත් කාලයක් මූළුල්ලේ සිට ප්‍රයෝජනයට ගනූ ලබන සාමාන්‍ය දිය ලුණූයි.

අනෙක් වර්ගය නම් මෑතක සිට අයඩීන් මිශ්‍ර කොට පැකටි වශයෙන් වෙළෙඳ පොළට හඳුන්වාදී ඇති අයඩීන් මිශ්‍ර ලුණූයි. අයඩීන් මිශ්‍රිත ලුණූවල අයඩීන් අඩංගු කොට ඇත්තේ ඉතා සූළු වශයෙන් හෙයින් කෑම පිසීම තුළදී එම ලුණූ ප්‍රයෝජනයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය අයඩීන් ප්‍රමාණය ඉතා ලෙහෙසියෙන් ලබා ගත හැකි වේ. මිනිස් සිරුරට අවශ්‍ය වන්නේ අයඩීන් ඉතා සූළු ප්‍රමාණයකි. අයඩීන් මිශ්‍ර ලුණූ වලින් එම අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment