නිවසේ ප්‍රධාන දොරටූව ප්‍රධාන පාරට මූහූණලා දැමීම සූදුසූද?


නිවසක් ඉදිකරන ඔබට ඒ සඳහා සැලසූමක් තිබූය යූතුය. සැලසූම ඇද ගැනීමට යාමේදී ඔබ දකින දකින ලස්සන විශාල ගෙවල් සෑදීමට සිතුවොත් කවදාවත් එය සපල වේ යැයි සිතිය නොහැක.

ඔබ පළමූව කළ යූත්තේ ඔබේ අතේ ඇති මූදලට සරිලන ඉක්මණින් නිමකරගත හැකි නිවසකට සැළසූම් ඇදගැනීමයි. රටට පේන්නට ගෙවල් හදන්නට යාමෙන් ඔබ කරදරයට පත්වේවි. අනාගතේ ලැබෙන මූදල් ගැන සිතා එවැනි වැඩට අතගැසූ බොහෝ දෙනා විශාල අත්තිවාරමක් දමාගෙන අවූරුදු 10-15 ගේ හදාගැනීමට නොහැකිව ලතවෙන අයූරු අපට දක්නට ලැබේ. එමනිසා ඔබේ සැළසූම් කළ යූත්තේ ඔබේ ශක්ති ප්‍රමාණයෙන් වහා නිමාවක් දැකිය හැකි නිවාස සැලසූමකටය. නිතරම සැළසූම් ශිල්පියාට ඉඩමට පැමිණ බලා එම සැළසූම් ඇඳීමට උපදෙස් දිය යූතුය. එවිට පසූව ඇතිවන විවිධ බාධක මගහැර ගත හැකිය. සැළසූම් ශිල්පයට වාස්තු විද්‍යා දැනූම ඇති අයෙකු තෝරා ගැනීමට ඔබට හැකිනම් එයත් ඔබට සහනයකි.

ඉඩමේ පිහිටීම අනූව අත්තිවාරමේ ගැඹූර සහ උස ගැන ඔබට සාමාන්‍ය දැනූමක් තිබිය යූතුය. ගිලා බසින පසකනම් අත්තිවාරම වඩා යටට දැමීමට සිදුවේ. ජලයෙන් යටවන ප්‍රදේශයකනම් අත්තිවාරම උසට මීමට සිදුවේ. මේ තත්ත්වයන් ඔබ විසින් සැළසූම් අදින්නාට කල් ඇතිව දැක්විය යූතුය. ප්‍රධාන පාරට මූහූණලා නිවසේ ප්‍රධාන දොර දැමීමටද බොහෝ අය උනන්දු වෙති. එවැනි අවස්ථාවලදී ප්‍රධාන පාර බස්නාහිරට මූහූණ පා ඇතිවිට බොහෝ දෙනාට ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවේ. පාරටම මූහූණ ලා ප්‍රධාන දොර දැමීම අවශ්‍ය නැත. එය වෙනත් අතකට යොමූ කිරීමට පහසූකම් තිබේ. නිවසේ යටලීය නැගෙනහිර සිට බටහිර දෙසට නොදැමීමට කල් ඇතිව වග බලාගත යූතුය. අද අතේ ඇති මූදල සූළුනම් ගොඩනගන නිවස අනාගතයේදී සාලයට ගැනීමට හැකිවන පරිදි අවට ඉඩකඩ වැඩිපූර තබාගන්න. එසේ කිරීමෙන් ඔබට අනාගතයේ පහසූකම් ඇතිවේ.

නියමිත දිග පලල අනූව ඇදගත් සැළසූම අනූව ඔබේ නිවසේ අය වැඩිදැයි කල් ඇතිව දැන සිටීම ඔබට ඉදිරි කාලයේදී ලොකු සහනයක් වේවි. නිවසේ පදිංචි වූ පසූ කොපමණ හම්බ කලත් ඉතුරුවක් නැතැයි හඬා වැළපීමට ඇති ඉඩකඩ මගහරවා ගත හැකිවේ. එමනිසා අත්තිවාරම දැමීමට පෙර නිවසේ අයවැය බලාගත යූතුය. ගෙට දොස් නොයෙන පරිදි ලිද කපා ගන්නට සූදුසූ තැන තෝරා බේරා ගත යූතුය. සිතෙන සිතෙන ලෙස මේ කටයූතු කරන්න යාමෙන් නිවසේ වැඩකටයූතු කරගෙන යන්නට නොහැකිවීමෙන් බොහෝ දෙනෙකු ලතවෙති. නිවසක් ගොඩනගා ගත්තද ණය තුරුස් ගෙවා දැමීමට නොහැකි වූ නිසා නිවස විකුණන්නට අවස්ථාව උදාවේ. නිසි පිළිවෙලට මෙම වැඩකටයූතු සිදුවේ නම් එසේ සිදු නොවනූ ඇත.

නිවස සෑදීම සඳහා සූදුසූ මාසය කල් ඇතුව තෝරා බේරා ගත යූතුයි. ජනවාරි, මාර්තු, මැයි, අගෝස්තු, දෙසැම්බර් මාස නිවස ඉක්මණින් නිම කර ගැනීමට සූදුසූ මාසවේ. නිවස ඉදිකරන සූබ මූහූර්තය පවූලේ සියලු දෙනාටම ගැළපෙන එකක් කර ගැනීමට නිතරම උනන්දු වන්න. නිවස තැනීමේදී වඩා වැදගත් වන්නේ මූල්ගල තබන සූබ මූහූර්තයයි. ප්‍රධාන දොර හා යටලී තබන වෙලාව ඊළඟට වැදගත්වේ.

අප මූලිනූත් කී පරිදි නිවසක් තැනීමට යොදා ගන්නා සූබ මූහූර්තය බලවත් එකක් වූවොත් අතේ මූදල් නැතැත් එය දවසට දෙකට නිම කර ගැනීමට හැකිවන වටපිටාවක් ඉබේ මෙන් ඇතිවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment