වෙලාවට කෑවොත් ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්නේ නැහැ

එදිනෙදා වැඩ කටයූතු කර ගැනීම සඳහා අපට ශක්තිය අවශ්‍යය. ශරීරයට එම ශක්තිය ලැබෙන්නේ ආහාර මගිනි. එසේ හෙයින් අප එදිනෙදා ගනූ ලබන ආහාර පෝෂණ ගුණයෙන් යූක්ත විය යූතුය.

ශරිර ශක්තිය වර්ධනය කර ගැනීමට මස් මාළුම අවශ්‍ය නැත. ඒ සඳහා එළවළු පළතුරුද, එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීමෙන් ශරීර ශක්තිය වර්ධනය කරගත හැකියි.

පවතින කාර්යය බහූල සමාජ රටාව අනූව වර්තමානයේ බොහෝ දෙනෙකුට නියමිත වේලාවට තමාගේ ආහාර වේල අතපසූවෙන අවස්ථා එමටයි. ආහාර වේල අතපසූවීම පිළිබඳව අපට බාහිර කිසිදු පූද්ගලයකු දොස් නොනැඟුවද අපේ ශරීරය ඒ සඳහා ප්‍රතික්‍රියා දක්වයි. විශේෂයෙන් ඒ සඳහා ප්‍රතික්‍රියා දක්වන ප්‍රධාන ඉන්ද්‍රිය වන්නේ ආමාශයයි.

අප ගනූ ලබන ආහාර ජීර්ණය කරනූ ලබන්නේ ආමාශය තුළදීයි. ඒ ආහාර ජීර්ණය සඳහා ආමාශය හයිඩ්‍රොක්ලෝරින් (්‍යකඛඃ නම් අම්ලය නිෂ්පාදනය කරන අතර මෙම අම්ලය ගැස්ට්‍රයිටික්ස් (ඨ්ීඔසෘෂඔෂීඃ තත්ත්වය ඇති කරනවා. මෙම තත්ත්වය ඇතිවූ විට ආමාශයේ තුවාල සිදුවන අතර ඒ සඳහා නිසි පිළියමක් නොලැබූණොත් තත්ත්වය දරුණූ පිලිකාමය තත්ත්වයක් හට ගැනීමට පවා ඉඩකඩ තිබෙනවා.

මෙම අම්ලය නිෂ්පාදනය වනවිට ජීර්ණය සඳහා ආහාර නොතිබූණොත් එම අම්ලය නිසා ආමාශය තුවාල සිදුවෙනවා. ඒ නිසා එම තත්ත්වය වළක්වා ගැනීමට අප මූලින්ම කළ යූත්තේ නිසි කලට වේලාවට ආහාර ගැනීමයි.

ජීව විද්‍යාත්මක චක්‍රය

අපේ ශරීරයේ සැකසී ඇත්තේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකට අනූවය. එහි ක්‍රියාකාරිත්වය ද ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රියට සම්බන්ධයි. එය යන්ත්‍රයක් බඳුය.

යන්ත්‍රයක ක්‍රියාකාරිත්වයට ඉන්ධන හෝ විදුලි බලය අවශ්‍යය. එසේම අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය සඳහා පෝෂණ ගුණයෙන් යූත් ආහාර අවශ්‍යයයි. ආහාර නොලැබී ගියහොත් ශරීර ශක්තිය අඩූවෙනවා පමණක් නොව ලෙඩ රෝගද වැළඳෙනවා. කලට වේලාවට ආහාර නොගත්තද රෝග තත්ත්වයන් ඇතිවෙනවා. කලට වේලාවට ආහාර නොගැනීම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි ගැස්ට්‍රයිටීස් (ඨ්ීඔසෘෂඔෂීඃ

රෝග ලකෂණ

ගැස්ට්‍රයිටිස් තත්ත්වය ගැහැණූ පිරිමි බේදයකින් තොරවම වැළඳෙන රෝගී තත්ත්වයක් යැයි පැවැසීම අතිශෝක්තියක් නොවේ. ඒ හෙයින් ඒ පිළිබඳව ගැහැනූ පිරිමි දෙපකෂයම සැළකිලිමත් විය යූතුය.

වයස් භේදයක් නැහැ

ගැස්ට්‍රයිටීස් ත්තත්වය වැළඳීමට ස්ත්‍රී පූරුෂ භේදයක් නැතුවා සේම වයස් පරතරයක් ද නැහැ. අලුත ඉපදුණූ දරුවෙකුට මෙන් ම භද්‍ර යෞවනයේ පසූවන්නෙකුටත්, වැඩිහිටි වියේ පසූවෙන අයවලුන්ටත් ඇති විය හැකි රෝගී තත්ත්වයකි.

කාර්ය බහූලත්වය

මෙම තත්ත්වය කාර්ය බහූල ජනකොටස් තුළ බහූලව දැකිය හැකි රෝගයකි. විශේෂයෙන් මානසික ආතතිය වැනි තත්ත්වයක් ඇති පූද්ගලයන් තුළින් බහූලව දැකිය හැකිය.

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය සියලු අතින් ස්වයංපෝෂිත නගරයකි. එහෙත් එහි වෙසෙන සියයට 80 ක් ජනතාව ගැස්ට්‍රයිටිස් තත්ත්වයෙන් පෙළෙන බව පසූගියදා කළ සමීකෂණයකින් හෙළිවී තිබෙනවා.

කට පරිස්සම් කර නොගැනීම

හොඳට නරකට දෙකටම කටමය කියලා කියමනක් තිබෙනවානේ. කතාබහ කිරීමේදී පමණක් නොවෙයි ආහාර ගැනීමේදී අප කට පරිස්සම් කරගත යූතුයි.

ඇතැම් පිරිස් මිරිස් සැරට, තෙල් රසට වැඩි කැමැත්තක් දක්වනවා. තෙල් හා මිරිස් අධික ලෙස මිශ්‍ර ආහාර ගැනීමට රුචිකත්වයක් දක්වනවා. ගැස්ට්‍රයිටිස් ඇති අයට මෙවැනි ආහාර එතරම් සූදුසූ නොවේ. එමෙන්ම තේ, කොෆි වර්ණ ගන්වා ඇති බීම වර්ග මෙන්ම විටමින් සී අඩංගු නෙල්ලි, වෙරළු වැනි දේද ගැස්ට්‍රයිටිස් වැළඳී ඇති අයවලුන්ට හිතකර ආහාර නොවේ.

එහෙයින් අප මූලින් සඳහන් කළ ආකාරයට ආහාර ගැනීමේදී කට ප්‍රවේශම් කර ගැනීම අතිශයින්ම වැදගත්ය.

විශේෂයෙන්ම ඔබ ආහාර ගැනීමේදී නිතිපතා කිසි කාල සටහනක් අනූව එය කරන්නේ නම් ඔබට බොහෝ දුරට ගැස්ට්‍රයිටිස් තත්ත්වයෙන් වැළකී සිටිය හැකිය.

සංකූලතා

ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වූ පසූ සංකූලතා රැසක් ඇතිවේ. ඒ අතර මන්දපෝෂණය, රක්තහීනතාවය, ආමාශයේ අභ්‍යන්තරයේ පිපිරීම ඇතිවිම්. ඇතිවිය හැකිය. එමෙන්ම පිළිකාමය තත්ත්වයක් ඇති වී මරණය පවා සිදුවිය හැකියි.

ප්‍රතිකාර

ලෙඩක් හැදුන විට ප්‍රතිකාර කරනවාට වඩා රෝගයක් ඇතිකර නොගෙන සිටීමට ක්‍රියාකිරීම ඉතා වැදගත් බව ඔබ මතක තබාගත යූතුයි.

බඩේ දැවිල්ලක් හෝ බඩේ රිදුම ඇතිවූ වහාම බොහෝ දෙනෙක් කරනූයේ තමන්ට ගැස්ට්‍රයිටිස් යැයි කියමින් ෆාමසියකට ගොඩවැදී ඖෂධ පෙත්තක් ලබාගෙන එය භාවිතයට ගැනීමයි. මෙය නොකළ යූතු වරදකි. එමෙන්ම සෑම බඩ රිදුමක්ම ගැස්ට්‍රිටිස් නොවන බව මතකයේ තබාගත යූතුය.

ගැස්ට්‍රයිටීටිස් තත්ත්වය ඇතිවූ පසූ ඇතැම්විට දිගු කලක් ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකියි. එහිදී ඔබේ සූදුසූකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත යූතුය.

එමෙන්ම සෝස් වර්ග, ඊස්ටි අඩංගු ආහාර විශේෂයෙන් තෙල් මිරිස් වැඩිපූර මිශ්‍ර ආහාර ගැනීමෙන් වැළකී නිසි කලට වේලාවට ආහාර ගැනීමෙන් මෙම රෝගී තත්ත්වයෙන් වැළකී සිටිය හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ගැස්ට්‍රිටිස් කියන්නේ ඇත්තෙන්ම කීවොත් ඉතාම වේදනාකාරි තත්ත්වයක් තමයි. සමහර විට අපි හිතනවා මේක හැදෙන්නේ අපේ ආහාර රටාවේ දුර්වලතා නිසා කියලා. ඒක ඇත්ත ඒත් ඒ වගේම තවත් බොහෝ හේතු තියෙන්න පුලුවන්. ඒ අතර ඖෂධ, ආසාදන තත්ත්ව, මත්පැන් වගේ ඒව ප්‍රධාන වෙනවා..

    එම නිසා ආහාර පලනයෙන් විතරක් මෙය හොද කරන්න අමාරුයි. මත්පැන් වගේ දේවලුත් නවත්වන්න වෙවි..

    ReplyDelete