කතුන්ට වද දෙන ඔස්ටියෝ ආතරයිටිස්

"කොන්ද රිදෙනවා... දණ හිස රිදෙනවා... කොච්චර බෙහෙත් කළත් හොඳක් නැහැ..."

මෙසේ මැසිවිලි නගන කාන්තාවන් ඔබට කෙතෙකුුත් හමූවී ඇතිවාට සැකයක් නැහැ. ඇතැම්විට ඔබේ මව හෝ ඔබත් මෙවැනි මැසිවිලි නගන කාන්තාවක් විය හැකියි.

එසේ වේ නම් මෙම ලිපිය හොඳින් කියවන්න. ඔබටත් ඇත්තේ මෙවන් රෝගී තත්ත්වයක් විය හැකියි.

දණහිස් සන්ධියේ උකුල් ඇටෙි, අතේ සන්ධිවල වේදනාකාරී තත්ත්වයක් ඇතිවේ නම් එය ඔස්ටියෝ ආතරයිටිස් නම් තත්ත්වය නිසා විය හැකියි.

ඔස්ටියෝ ආතරයිටිස් යනූවෙන් හැඳින්වෙන්නේ සන්ධිවල කාටිලේජවල ක්ෂය වීමක් හේතු කොට ගෙන ඇතිවන වේදනාකාරී තත්ත්වයක්. මෙය රෝගී තත්ත්වයකි. ඔස්ටියෝ පොරෝසිස් ද ඇට දිරායාම රෝගී තත්ත්වයකි. මෙහිදී වන්නේ විශේෂයෙන් අස්ථි තුනීවී යන තත්ත්වයකි.

මෙය රෝගී තත්ත්ව දෙකක්. මෙහිදී අපගේ අවධානය යොමූවන්නේ ඔස්ටියෝ ආතරයිටිස් නම් රෝගය කෙරෙහිය.

වැඩි වශයෙන් කාන්තාවන්ට

ඔස්ටියෝ ආතරයිටිස් නම් රෝගී තත්ත්වය වැඩිපූරම දකින්නට ලැබෙන්නේ කාන්තාවන් තුළිනි. විශේෂයෙන් මැදිවියේ සිට වැඩිහිටි කාන්තාවන් තුළිනි. එය තවත් සරලව පැහැදිලි කරන්නේ නම් ඔසප් චක්‍රය නැවතී ඇති කාන්තාවන් තුළිනි.

සාමාන්‍යයෙන් වයස අවූරුදු පනස් පහට වැඩි කාන්තාවන් තුළින් සියයට පහළොවක්ද, වයස අවූරුදු හැත්තෑ පහට වැඩිහිටි වැඩි කාන්තාවන් තුළින් සියයට හතළිස් පහක් මෙම තත්ත්වයට ගොදුරු වෙනවා.

ඔස්ටියෝ ආතරයිටිස් ඇතිවන අයූරු

කාටිලේජ කෂයවීම හේතුකොට ගෙන සන්ධියක ඇතිවන හිස් අවකාශයේ පටූවීමක් ඇතිවෙනවා. මෙම ක්‍රියාවලිය සඳහා විවිධ රසායනික ද්‍රව්‍යවල බලපෑමක් ද ඇතැයි වෛද්‍ය මතයයි.

මෙය උදාහරණයක් තුළින් වඩාත් පැහැදිලි කරන්නේ නම් කදකක්ටැබ්ිැ කොළජිනේස් සහ ඨැක්එබ්ිැ ජෙලටිනේස් යන එන්සයිම මගින් කාටිලේජ් විකෘති වීමට හේතුවේ.

මෙසේ කාටිලේජ් කෂයවූ පසූ අස්ථි අතර අවකාශයක් ඇතිවේ. එවිට එම අස්ථි දෙක කිටිටූවීමක්, තදවීමක් ඇතිවී වේදනාව හටගනියි.

මෙය අතින් ස්පර්ශ කිරීමේදී වෙනම එය හඳුනාගත හැකි අතර මෙම තත්ත්වය ධීඔෑධඡ්‍යශඔෑ නමින් හැඳින්වෙනවා. මෙම රෝගියකුගේ සන්ධියක් ස්පර්ශ කළ විට ගැටිති ලෙස දැකගත හැකියි.

මෙම ප්‍රතික්‍රියාවලියට අමතරව එම සන්ධිය ආශ්‍රිතව දියරමය ද්‍රව්‍යවල එකතුවක් ද ඇතිවෙනවා. ඒ හැරුණූ කොට එම ප්‍රදේශයේ මාංශවල කෂයවීමක් හා මාංශ පේශිවල අස්ථියට සම්බන්ධවන ආසාදන තත්ත්වයන් ඇතිවි රෝගියාට වේදනාකාරී තත්ත්වයක් ද ඇතිවිය හැකියි.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට බලපාන හේතු

ස්ථූල භාවය

ස්ත්‍රී පූරුෂ භාවය.

ප්‍රවේනිගත බව. (ජානමය තත්ත්වයත්)

මාංශපේශිවල දුර්වලතා

සමහර රෝග තත්ත්වයන්

සමහර ක්‍රීඩාවල නියූතු අය.

(ජිම්නාස්ටික්)

කැල්සියම්, අයන් එකතු වෙන රෝග තත්ත්ව ඇති අයද ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයට ගොදුරු වෙනවා.

මෙම කරුණූවලට අමතරව අප ඉහත දැක්වූ ආකාරයට වයස අවූරුදු හතළිස් පහ ඉක්මවූ හා ඔසප් චක්‍රය නැවතුණූ කාන්තාවන් තළින් ද මෙම රෝග තත්ත්වය දැකිය හැකියි. එයට හේතු සාධකය වන්නේ හෝර්මෝනවල ඇතිවන වෙනස්කම්ය.

ඔස්ටියෝ ආතරයිටිස්හි රෝග ලකෂණ

සන්ධිවල හටගනූ ලබන වේදනාව, සන්ධිවල තද බව, ඉදිමීම, ඒවායේ ක්‍රියාකාරිත්වය අඩූවීම. එම සන්ධිවලින් අසාමාන්‍ය ශබ්දයක් මතුවීම වැනි ලකෂණ ඇතිවේ.

හඳුනාගැනීමේ ලකෂණ

මෙම රෝගය හඳුනාගත හැක්කේ සායනයකදී රෝගියා පරීකෂා කිරීමෙනි. මෙය සාමාන්‍ය රුධිර පකරීෂාවකින් හඳුනාගත නොහැකියි. එක්ස්රේ පරීකෂණයකින් වූව හඳුනාගත හැකිවන්නේ රෝගය තරමක් වර්ධනය වූ විටය. කලාතුරකින් අවස්ථාවක ඵසෘෂ පරීකෂණයකින් මෙය හඳුනාගැනීමට සිදුවිය හැකියි.

ඔස්ටියෝ ආතරයිටිස් සඳහා ප්‍රතිකාර

ඔස්ටියෝ ආතරයිටිස් සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝගියා තම රෝගය පිළිබඳව වැටහීමක් ලබාගත යූතුයි. මෙහිදි ඔහූට ඇයට රෝගය දැණූනූ ආකාරය, වේදනාව හා කොපමණ කලක් ඉන් පීඩා විඳීද යන්න වෛද්‍යවරයා විමසා දැනගත යූතුයි. එමෙන්ම මෙම රෝගී තත්ත්වය හේතු කොටගෙන ඔහූට · ඇයට සිය දෛනික කටයූතුවලට බාධාවී ඇද්ද මානසික වෙනස ආදියද සැළකිල්ලට ගත යූතුයි.

මේ විස්තර සවිස්තරව දැන යළි රෝගය පිළිබඳව රෝගියාව දැනූවත් කළ යූතුය. මන්ද ඔස්ටියෝ ආතරයිටිස් නිශ්චිතව සූව කළ නොහැකි නිසාවෙනි. රෝගියාට සිය ජීවිත කාලයම මෙම රෝගය සමග ජීවත්වීමට සිදුවන නිසාවෙනි.

නිර්දේශ

ස්ථූල අයකු නම් එය අඩූකරගත යූතුය. වෛද්‍ය නිර්දේශ කරන ව්‍යායාම නිසි පිළිවලකට කළ යූතුය. වේදනා නාශකයක් ලෙස වෛද්‍යවරයා නිර්දේශ කරන පැරසිටමෝල් භාවිතයට ගත යූතුයි.

ඇතැම් රෝගීන් පැරසිටමෝල් භාවිතයට නොගෙන භී්ෘී කාණ්ඩයේ ඖෂධ ලබාගැනීමට උත්සාහ ගන්නවා. එය සූදුසූ ක්‍රියාවක් නොවේ. මේ කාණ්ඩයේ ඖෂධ ඉතා සැර අතර ඉන් අතුරු ආබාධ රැසක්ද ඇතිවිය හැකියි. එමෙන්ම ඇතැම් අය විටමින් පානය කිරීමටද උත්සූක වේ. එය ද එතරම් පලදායී නොවේ.

මෙහිදී ඨකඪකධී්ඵෂභඨ වැනි ඖෂධ ගැනීමට උත්සාහ ගන්නේ කෂයවී යන කාටිලේජ් නැවත වර්ධනය කර ගැනීමටයි. එහෙත් එය සාර්ථකව ඇතැයි තවමත් සියයට සියයක්ම සාක්ෂි නැත.

ඇතිවන විකෘති තත්ත්වයන් මඟහරවා ගැනීමට ශල්‍ය කර්මයන් අතර වර්තමාන වෛද්‍ය විද්‍යාවේ දියූණූවත් සමග එය වඩාත් සාර්ථක වී ඇතැයි පෙනේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment