පින්වත් දරු පැටියෙක් ලබාගන්න විශේෂ මාතෘ සදහම් සායනයට සහභාගි වෙන්න


ආදරය නොහඳුනන, ආදරය නොලබන, ආදරය නොකරන කිසිදු සත්ත්වයකු මේ ලොව විසිය නොහැක. සියලූ "සත"හට ආදරය, කරුණාව ඇවැසිය. "ආදරය ලොව ජීවත් කරවයි" මෙය අප අතරත ප්‍රචලිත කියමනකි.



මෛත්‍රී, කරුණා ගුණයෙන් යූතුව යූග දිවියකට එළැඹෙන සෑම යූවළකගේ, දහසකුත් පැතුමන් අතුරින් මූලික ප්‍රාර්ථනාවක් තමයි කෙදිනක හෝ නීරෝගී, වාසනාවන්ත දූ පූතුන් ලැබ යහපත් මවූපියවරුන් සේ සමාජය තුළ ජීවත්වීම. මෙවන් පැතුමන් දහමෙහි අනන්ත බලය තුළින් මූදුන්පත් කරගත හැකි ආකාරය පිළිබඳව මවූඃපියන් දැනූවත් කරන "විශේෂ මාතෘ සදහම් සායනයක්" දෙහිවල, බෙල්ලන්තර සිරිසදහම් ආශ්‍රමයේදී පැවැත්වේ. මෙහි දේශකයාණන් වහන්සේ වන විද්‍යාවේදී, පූජ්‍යපාද පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගෙන් මේ පිළිබඳව ඔබව දැනූවත් කිරීමේ අරමූණින් අප විමසීමක් කළා....

ං ස්වාමීන් වහන්ස, බූදු දහම තුළින් මවූ පදවියට හිමිවන තැන කුමක්ද?

පූජනීයයි. ඉතාමත්ම පූජනීයයි. බූදුදහම තුළින් පෙන්වා දෙන ආකාරයට ලෝකයේ පූජනීය තත්ත්ව දෙකක් තිබෙනවා.

1 බූදු පදවිය ලැබීම.

2 මවූ පදවිය ලැබීම.

මවට බූදුදහම තුළින් හිමිවන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයක්. හැබැයි මවක් දරුවෙක් වැදූ පමණින්ම ඇය පූජනීයත්වයට පත්වන්නේ නැහැ. ඇය තුළ මෙත්තා, කරුණා, මූදිතා සහ උපේක්ඛා යන ගුණයන්ගෙන් යූක්ත විය යූතුයි. දස මසක් කුස දරා මෙලොවට බිහිකරන තම දරුවාට ආදරය, කරුණාව, රැකවරණය නොපමාව ලබාදෙන මවක් තමයි පූජනීයත්වයට පත්වන්නේ. බූදුවරයෙක් කිසිම දිනක වෙනත් අයෙකු පිටූපසින් ගමන් කළේ නැහැ. නමූත් බලන්න තමන් හදාවඩා ගනිමින්, උන්වහන්සේට මවක් වූ මහා ප්‍රජාපතී ගෝතමිය පරිනිර්වාණයට යනවිට බූදුන් වහන්සේ වැඩම කළේ ඇයට පිටූපසිනූයි. උන්වහන්සේ මෙසේ ඇය පිටූපසින් වැඩම කළේ මවූ පදවියේ ඇති උත්තරීතරත්වයට ගරු කිරීමටයි. දිනක් කොසොල් රජතුමා තමන්ගේ බිරිඳ වූ මල්ලිකා දේවියට දුවෙක් ඉපදුන නිසා කණගාටූවට පත්වන විට බූදුන් වහන්සේ කොසොල් රජතුමාට දේශනා කළේ, රජතුමනි, මේ දුවණිය කිනම් දවසක හෝ රටට වැඩදායි බූදුවරු, රජවරු බිහිකරන විට ඇය ශ්‍රේෂ්ඨ කාන්තාවක් වන බවයි. මෙවැනි උපමා අනන්තවත් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා.

ං ඔබ වහන්සේ මෙම "මාතෘ සදහම් සායනය" ඇරඹීම තුළින් බලාපොරොත්තු වන අරමූණ කුමක්ද?

මම හිතන්නේ දරුවෙකුට හොඳ නරක කියා දිය හැකි, දරුවකුට භාෂාවක් හූරු පූරුදු කළ හැකි හොඳම කාලයත්, දරුවාගේ බූද්ධියේ වැඩීමෙන් සියයට 90 ක් පමණ සිදුවන්නේත් මෙම කළල අවස්ථාව තුළදීයි. ඒ වගේම ආදරය, කරුණාව හොඳ සිරිත් ඃ විරිත්, පූරුදු පූහූණූ කරන්න හොඳම කාලයත් මෙයයි. අපි කියන ඃ කරන දේ, කතාබහ කරන දේ මේ හැම දෙයක්ම කුස තුළ සිටින දරුවාට ඇහෙනවා. දැනෙනවා.

බලන්න අද අප රට දිහා... කෙතරම් නම් පිරිහීමක් සිදුවෙලාද? රටට ජාතියට ආදරය කරන හොඳ දරු පිරිසක් නොමැති කමයි මේ තත්ත්වයට හේතුව. තව වසර විස්සක් පමණ වෙනකොට අපේ රටට, ජාතියට වැඩදායී, මිනිස්කම හඳුනන දරු පිරිසක් බිහිකිරීම අවශ්‍යමයි.

ආගමට දහමට ලැදි, යහපත් කුසල් දම් සපූරන මවූපියන්ට උපදින්නේ යහපත් දරුවන්මය. තමන්ට නොගැලපෙන දරුවෙක් උපදීනම් කිසියම් භවයකදී ඔබ කා තුළින් හෝ සිදුවූ අකුසල කර්මයකින්මය. දරුවන් නොමැතිව උපදින්නෙත් මෙවැනිම හේතු නිසයි. මෙකී අවස්ථාවන් දහමේ රැඳෙමින්, කුසල ශක්තීන් දියූණූකර ගන්නා, පූජනීය අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට වළක්වා ගත හැකියි. මෙම මාතෘ සදහම් සායනය පැවැත්වීමේ අරමූණ තමයි මෙයට සහභාගී වන සෑම අයෙකුම යහපත් තත්ත්වයට පත්කර ගුණගරුක දරුවන් බිහිකළ හැකි චින්තන ශක්තිය දියූණූ කිරීම.

ං අපේ සමාජයේ සමහර මවූවරුන් දරන මතයක් තමයි දරුවකු ලැබීමට සිටින කාලය තුළ බූදු පිළිම වහන්සේලා, ස්වාමීන් වහන්සේලා නිතරම දැකීම නූසූදුසූ වග. මෙය සත්‍යයක්ද?

සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්. මේ කතාව අපේ ජාතියට එරෙහි වූ පූහූදුන් පිරිසක් විසින් ගොතන ලද කතාවක්. මේවා විශ්වාස කිරීමෙන් වෙන්නේ අපේ ජාතියටත්, දේශයටත් වටිනා දූ පූතුන් අහිමිවීමයි. විශේෂයෙන් මම කියන්නේ අම්මට තාත්තට, අනාගතයේ මවූපිය පදවියට පිවිසෙන අයටත් මෙවැනි, ජාතියට හානිකර මිථ්‍යා මත බැහැර කරන්නයි.

මම එක උදාහරණයක් කියන්නම්... උදේනි රජතුමාගේ අන්තංපූරයේ සිටි බිසවූන් 500 දෙනාට දරුවන් ලැබීමට සිටින කාලයේ බණ කියන්න ගියේ ආනන්ද හාමූදුරුවෝ... අන්තිමේදී මේ බිසවූන් 500 ටම ලැබූණේ ආනන්ද හාමූදුරුවෝ වගේ දරුවන්... ආනන්ද හාමූදුරුවෝ කියන්නේ රූපයෙන් ඉතාමත් ලස්සන, වචන එක පිට හැටදහසක් මතකයේ රඳවාගත හැකි මතක ශක්තියක් තියෙන කෙනෙක්. ඉතිං මට කියන්න කොයි අම්මද, තාත්තද අකමැති තමන්ට මෙවැනි රූමත්, පින්වත් දරුවන් උපදිනවට. මම කියන්නෙ සෑම මවක්ම ඔය වල්ඃපල් රූප නැතිව, ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වූ පූද්ගලයකුගේ පින්තූරයක් නිතර දර්ශනය වනසේ තබාගෙන "මටත් මෙවැනි දරුවෙක් ලැබේවා"යි යන සිතුවිල්ලෙන් ප්‍රාර්ථනා කළාට කමක් නැහැ.

අද වෙනකොට මේ වැඩසටහනට දහස් ගණනින් දෙමාපියන් සහභාගී වෙනවා... මෙය ජාතියේ වාසනාවක්.. මෙම වැඩසටහනට මවත්, පියාත් දෙදෙනාම සහභාගි වීම වඩාත් ප්‍රතිඵලදායකයි. ඔබටත් සිරි සදහම් ආශ්‍රමයේ මාතෘ සායනය පැවැත්වෙන දින 0773-686686 අංකයට ඇමතීමෙන් දැනගත හැකියි.

විද්‍යාවේදී පූජ්‍යපාද පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment