අර්තාපල්වලින් විවිධ කෑම බීම


අර්තාපල් සලාදය

අර්තාපල් රාත්තල් 1 1/2

රතු සහ කහ ලොකු මිරිස් කරල් 4 ක්

ලූණූ ගෙඩි දෙකක්

තක්කාලි ගෙඩි 4 ක්

සලාද දියරයක් (ඔලිව් තෙල්, විනාකිරි, අබ කුඩූ, ලුණූ, ගම්මිරිස් මිශ්‍රණයක් සාදාගන්න.)

තම්බාගත් බිත්තර දෙකක්

සලාද කොළ.

අර්තාපල් තම්බා පෙති කපා ගන්න. මිරිස් කරල් ඇට ඉවත් කර රවූම් හැඩයට කපන්න. ලුනූ සිහින් පෙති කපන්න. තක්කාලි ඇට ඉවත්කර කැබලි කපන්න. තක්කාලි ඇට ඉවත් කර, කැබලි කපන්න. සලාද දියර දමා මේ සියල්ල බඳුනකට දමා සලාද දියර හොඳින් තැවරෙන ලෙස තවරා දීසියකට දමන්න. තම්බාගත් බිත්තර කැමති හැඩයකට කපා සරසා ගන්න. සළාද කොළ වලින්ද සරසා ගන්න.

අර්තාපල් සූප්

බටර් අවූන්සයක්

ළුෑනූූ ගෙඩියක්

ළුෑනූ කොළ ටිකක්.

කරපිංචා කොළ ටිකක්

අර්තාපල් රාත්තලක්

ලුණූ ගම්මිරිස්

බටර් ටික බඳුනක උණූ කරන්න. ලියාගත් ළුෑනූ, ළුෑනූූ කොළ දමා යන්තම් බැදෙන්න හරිින්න. කිරි කෝප්ප දෙකක් එකතු කරන්න. කරපිංචා දමන්න. උණූවෙන්න හැර, ගින්දර අඩූ කරන්න. පදමට ලුණූ ගම්මිරිස් එකතු කරන්න. උඳුනෙන් ඉවත් කර තරමක් නිවෙන්නට හැර ප්‍රයෝජනයට ගන්න. පාර්ස්ලි කොළ ටිකක් දමා සරසා ගන්න.

බැදපූ අල බෝල

අල රාත්තලක්

සූදුළුෑණූ, අබ, ලුණූ, තුනපහ කුඩූ ටිකක්.

පාන් කුඩූ.

අල තම්බා හොඳින් පොඩි කරගන්න.

එයට මයොනීස් සහ අබ කුඩූ දමා. හොඳින් කලවම් කරන්න. රතුළුෑනූ සහ ළුෑනූ කොළ සිහින් වෙන්න කපා එකතු කරන්න. සූදු ළුෑනූ තලාගන්න. තුනපහ කුඩූ, ලුණූ, ගම්මිරිස් කුඩූ යනාදියට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

මෙම මිශ්‍රණයෙන්, පූංචි බෝල හදා ගන්න. බිත්තර සහ කිරි එකට මිශ්‍රකර අල බෝල එම මිශ්‍රණයේ දවටා, පාන්කුඩූ තවරා, ගැඹූරු තෙල්වල රන්වන් පාට වනතුරු බැදගන්න. ඉතා රසවත් අතුරු පසකි.

අල චිප්ස් ප්‍රෙන්ච් පේර්ස්

කවූරුත් කෑමට ප්‍රිය කරන, ප්‍රණීත කට ගැස්මකි. මෙයට අවශ්‍ය වන්නේ,

හොඳ අර්තාපල්, ලුණූ , ගම්මිරිස් සහ බැදීමට තෙල්ය.

අල ලෙලි පොතු හැර සෝදා සීතල වතුර භාජනයකට දමන්න.

අත තීරුවලට කපන්න. ප්‍රමාණය අඟල් 2 ක් දිග, අඟල් 1·2 පළලට යන ප්‍රමාණයට තිබීම සෑහේ. මෙසේ කපන තීරුද වතුර බඳුනකට දමන්න. තෙල් රත්වන්න හරින්න.

තෙත සිදෙන තුරු කොටසක් තෙත මාත්තු කරන තුවායකට දමන්න. හොඳින් තෙත ඉවත් විය යූතුය. බැදීමට බාස්කටි එකක් තිබේනම් පහසූය. තෙත සිඳුන අල කැබලි රත්වූ තෙලට දමන්න. විනාඩි 5 පමණ හොඳට බැදෙන තුරු බදින්න. පිම්බූණ ගතියෙන් යූතු විය යූතුය, වඩා දුඹූරු පැහැයක් ගත යූතු නැත. බාස්කටි එකට දමන්නේ නම් කීපවිටක් සොළවමින් බැදගන්න. ඊට පසූ උඩට ඔසවා තෙල් ඉවත් වෙන්න හරින්න. මෙසේ බාගයට බැද පසෙක තබන්න. සියල්ල බාගෙට බැදගත් පසූ, නැවත තෙල් රත්කර, එයට දමා නැවත දුඹූරු වෙනතුරු බැද ඉක්මණින් ඉවතට ගන්න. සංග්‍රහ කරන විට ලුණූ කුඩූ සහ ගම්මිරිස් කුඩූ ඉසින්න.

අර්තාපල් අල සහ කැරටි දීසියක්

අර්තාපල් රාත්තල් 1 1/2

බටර් අවූන්ස 4

යෝගටි තේ හැඳි 3

කිරි තේ හැඳි 3

ලුණූ, ගම්මිරිස් කුඩූ

කැරටි රාත්තල් 1 1·4 ගොරෝසූවට ගාගත්.

ළුෑනූ ගෙඩියයි

මස් හෝ එළවළු තැම්බූ වතුර කෝප්ප 2 1·1

අඹ පේස්ටි ටිකක්

(වැඩිපූර අවූන්සයයි. කිරි ඩිංගයි)

අර්තාපල්, අල තම්බා, බටර් මිශ්‍රණයක්. මින් හොඳින් පොඩි කරන්න. යෝගටි කිරි, ළුෑනූ කලවම් කරන්න.

කැරටි කෑලි ස්ටොක් වතුරට දමා, කපාගත් ලුණූූත් එකතු කර, හොඳින් තම්බා ගන්න. කැරටි තැම්බූ වතුර ටිකක්, භාජනයකට දමා තියන්න. පදමට අබ පේස්ටි, ලුණූ සහ මයොනීස් දමා, බ්ලෙන්ඩරයෙන් අඹරා ගන්න.

පොඩිකරගත් අර්තාපල් මිශ්‍රණය, බේක් කරන තසිමට දමා, ඒ උඩින් කැරටි මිශ්‍රණය දමා, උඩින් වෙන් කළ කිරි ටික දමන්න. බටර් ටිකද තැනින් තැන තියන්න. උණූසූම් කළ උඳුනක විනාඩි 25 ක් පමණ බේක් කරගන්න. මූදුන රන්වන් පාට වෙනවිට, ඉවතට ගන්න. ග්‍රීල් කරගත් සොසේජස් සමග කෑමට ගැනීමට ඉතා රසවත් කෑමකි මේ අල සහ කැරටි දීසිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment