වයස අවූරුදු 30 න් පසූ රූමත් බව රැකගැනීමට නම්...


ගැහැණියකටම මටසිලුටූ, පැහැපත්, සම්පූර්ණ වූ සමක් මෙන්ම දෙපාරක් හැරී බැලිය හැකි ලාලිත්‍යය රූප ස්වභාවයක් උරුම වී ඇත. නමූත් මේ ස්වභාවය අපි වයස අවූරුදු 30 වනවිට ටිකෙන් ටික අභාවයට පත්වී යයි. අපේ සමේ දීප්තිය, තෙතමනය අඩූවී යන අතර සම සෙමින් සෙමින් එල්ලා වැටෙි. මෙය අපට එකපාරටම සිදු නොවූවත් සෙමින් සෙමින් ක්‍රමයෙන් සිදුවෙමින් පවතී. සමේ ෙසෙලවල තෙල්ගතිය අඩූවනවිට මූහූණේ හෝ ඇගේ තැනින් තැන සම දුර්වලවීම සිදුවේ. කට වටෙි, ඇස්වට, බෙල්ල කළුවීම, ලප ඇතිවීම පෙන්විය හැක. අපි අපේ සමට මෙන් සිතටත් නිසි ලෙස සත්කාර කිරීම තුළින් හූඟක් දුරට මේ තත්ත්වය මගහැර ගත හැක. සම ආරක්ෂා කර ගැනීම, පිරිසිදු කිරීම, පෝෂණ ලබාදීම, මෙන් සිත සූව පිණිස භාවනා කිරීම තුළින් මානසික සූවය ළඟාකර ගැනීමට හැකිවන අතර අපේ සමටද හොඳ දීප්තියක් ලබාගත හැක. අප රුව රැකගැනීමට කෘතිම දේ කරනවාට වඩා අපට ස්වභාවයෙන්ම දායාදයක් ලෙස ලැබී ඇති දිව්‍යමය ගුණයක් ඇති භාවනාව තුළින් අති විශාල මානසික සහනයක් ලබාගත හැක.

නොයෙක් ක්‍රීම් වර්ග, මොයිස්චර්රයිසර් වර්ග වලින් සමේ ස්වභාවය සියයට සීයක්ම නියම ආකාරයෙන් පෝෂණය කරගත හැකි කියා. නමූත් මෙය වැරදි මතයක්. අපි අපේ මතුපිටට මොනතරම් දේ ආලේප කළත් අප ශරීරයේ අභ්‍යන්තරයට දෙන සාත්තුව අනූව එහි නැවූම් බව රඳා පවතී. අපි අපේ මැරුණ ෙසෙල දිනපතා අලුත්වැඩියා කර ගැනීම තුළින් අපට අලුත් තරුණ පෙනූමක් ලබාගත හැකි. මෙහිදී සමබල ආහාර වේලක් ගැනීම ප්‍රධානම වේ. ප්‍රෝටීන්, විටමින් ඊ, විටමින් ක වැඩියෙන් ගත යූතුයි. දිනපතාම වතුර වීදුරු 6 ක් පානය කිරීමට පූරුදු වන්න. දවසට ලොකු කිරි වීදුරු දෙකක් ඉඳහිට කැරටි යූෂ වීදුරුවක් පානය කරන්න. අලුත් එළවළු පළතුරු වැඩිපූර ආහාරය එක්කරගන්න. ඒ සමගම සම මතුපිට මොයිස්චර්රයිසර් ක්‍රීම් ආලේප කිරීමෙන් සමේ තෙතමනයත්, නැවූම් බවත් ආරක්ෂා කරගත හැක.


අවූරුදු 30 න් පසූ සම ඉර එළියෙන්, සීතලෙන්, සූළඟින්, දූවිල්ලෙන් නිසි ලෙස ආරක්ෂා කරගත යූතුයි.


ඔබේ දෙතොල් ආරක්ෂා කර ගැනීමට නම් ලිප්ස්ටික් ගෑමට පෙර දෙතොලේ විශේෂ මොයිස්චර්රයිසර් ලිප් බාම් එකක් ගල්වන්න. ලිප්ස්ටික් ගා ඉවර වූ විට සෞම්‍ය ලිප්ග්ලොස් එකක් ගාන්න. තෙතමනය රඳාපවතින්න.


ඔබේ වයස අවූරුදු 30 ඉක්මවන විට සමට වඩාත් පෝෂණ මොයිස්චර්රයිසර් වර්ගයක් දිනපතා ආලේප කරන්න. එය හම රැලිවැටීම වැළැක්වීමට බෙහෙවින් උපකාරී වන අතර, සමේ දීප්තිය රැකගැනීමටද උදව් වේ. එමෙන්ම දිනපතා සම සම්භාහනය වීමෙන්, සම හොඳින් ආරක්ෂාවන අතර ලේ ගමනාගමනයද මනා ලෙස සිදුවී සම දීප්තිමත් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment