ආහාර රස කරන අබ

මූළුතැන්ගෙයි කුළුබඩූ අතරට තවත් ආහාර රස ගන්වන කුළුබඩූ විශේෂයක් ලෙස අපට අබ පෙන්වා දිය හැක.
ඉංග්‍රීසියෙන් මස්ටර්ඩ් නමින් හඳුන්වයි. ඉන්දියාවේ සියලුම ප්‍රදේශවල වගාකරන අබ ලංකාව් උෂ්ණ ප්‍රදේශවල අල්ප වශයෙන් වගා කෙරේ.

තරමක උසට වැඩෙන මෙම ශාකයේ කුඩා කහ පැහැති මල් හටගනී. මෙම ශාකයේ ඵල දරන කරල් වලින් බීජ ලබාගනී.

අබවල වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ අබ ඇට සහ තෙල්ය. ආයූර්වේදයේදී අබ තෙල්, අබ ඇට, මූල් හා පත්‍ර ප්‍රයෝජනවත් වේ.

පූංචි අබ ඇටයේ කාබෝහයිටිඩේ්‍රටි ග්රෑම් 8, සීනි ග්රෑම් 3, මේදය ග්රෑම් 3, ප්‍රෝටීන 4, සෝඩියම් මිලිග්රෑම් 1120, තන්තුමය කොටස් ග්රෑම් 3 වාෂ්පශිලී තෙල්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් සල්ෆේඩ් අල්ප වශයෙන් ද අන්තර්ගත වෙයි. (කිලෝ ජූල් එකක අඩංගු ප්‍රමාණයන් වේ.)

අබවලින් තියූණූ සූවඳක් වහනය වන අතර එය සැර උෂ්ණ ගුණයද ඇත. අබ වර්ග කිහිපයකින් යූතු වන අතර එළ අබ ඔසූ සඳහා යොදාගනූ ලබයි. කළු අබ වැඩි වශයෙන් යොදා ගන්නේ ආහාර රසවත් කර ගන්නටය.

කාන්තාවන්ගේ වෑංජන රසවත් කිරීමට හා විශේෂ ආහාර රසවත් කිරීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස සලාද වර්ග සාදාගැනීමේදී, අච්චාරු, පාන්වලට පූරවන පිරවූමට අබ එක්කරගනී. විශේෂයෙන් පූංචි දරුවන්ගේ ප්‍රියතම ආහාරයක් වන හොටි ඩොග් (මස් සහිත බනිස් වර්ග) වලට අනිවාර්යයෙන්ම එක්කර ගනූ ලබයි.

වෙළඳ පොලේ වියළි අබ සහ ක්‍රීම් ආකාරයට සකසා ටින්කර තිබේ.

අබ තෙල් ග්‍රහ අපල සඳහා වන පහන් දැල්වීමට යොදා ගනී. මෙය ආහාරයට ගැනීමෙන් සෙම අඩූකරගත හැක. ඒ වගේම අබ සහ විනාකිරි එකතු කර ආහාරයට ගැනීමෙන් විශේෂයෙන්ම උදර දාහය, මූත්‍රා ආසාදනය, යටි පතුල් පැලෙන අයට එතරම් සූදුසූ නොවේ.

විශේෂයෙන් සඳහන් කළ යූතු වන්නේ අබ කුළු බඩූවක් වගේම ඉතාම හොඳ ඖෂධ ගුණයෙන් යූතු විෂබීජ නාශකයක් බවයි. මන්ද පැරණි නිවෙස්වල ජනයා දුම් අල්ලා අබ ඇට කිහිපයක් සහ ලුණූ ඇට කිහිපයක් එම දුම් කබලට එකතු කරන්නේ සියලුම දෝෂ දුරුවී, විෂබීජ පලවා හැරීම සඳහා වේ.

ඔබ අබ මිලදී ගැනීමේදී බොහෝ ප්‍රවේශම් වීමත් වැදගත් බවත් සිහිතබා ගන්න. අබ හා සමානකම් ඇති බීජ වර්ග සමඟ කලවම් කර ඇතැම් වෙළඳුන් විසින් විකිණීම කරන නිසාවෙනි.

ආයූර්වේද වෛද්‍ය
උපේන්ද්‍රා දිල්රුක්ෂි
සෙත්මිර ආයූර්වේද ආයතනය, බොරැල්ල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment