හදාගත්ත නිවස නිමකර ගැනීමට නොහැකිව ඔබත් ලතවෙනවාද?




අතේ සල්ලි නැතිව බලාගෙන හිටියා වගේ ඇතැම් නිවාස ඉදිවන අයූරු ඔබත් දැකලා තියෙනවා නේද?

අපි බොහොමයක් දේවල් ගැන උනන්දුවක් දක්වන්නේ කරදර කම්කටොළු පැමිණෙන විටයි. ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයාගන්නෙ එවිටයි. ඥානවන්ත අය කරදර එන්න කළින් ඒවා අඩූකරගන්න සැළසූම් ඇතිකර ගන්නවා. නිවසක් හදනකොටත් ඔවැනි තත්ත්ව උදාවෙනවා. නිසි සැලසූමක් නැති නිවාස ඉදිකිරීම් නිසා බොහෝ දෙනා දුකට පත්වෙලා. අපි පසූගිය ලිපිවලින් නිවසක් ඉදිකිරීමට කලින් අනූගමනය කළයූතු කරුණූ කාරණා රාශියක් පැහැදිලි කළා. අද අපි ඔබට කියන්න යන්නේ පහසූවෙන් ලෙහෙසියෙන් නිවසක් ඉදිකරගන්න නිවසට සූබ මොහොතින් හදාගන්නා ආකාරය ගැනය.

නිවසක් සෑදීම බැරෑරුම් පාර්සලයක් බව අමූතුවෙන් කටයූතු දෙයක් නොවේ. සූදුසූ ඉඩමක සූදුසූ ස්ථානයක නිසි සැලසූමක් අනූව කල් ඇතුව අවශ්‍ය දේ ලක ලැහැස්ති කරගෙන කල් ඇතුවට ඇතුවට ඒ සඳහා සූදුසූ දිනයක් සකස් කර ගැනීම නැණවත් අයගේ ක්‍රමයයි.

අද ඇවිත් හෙට උදේට සූබ මූහූර්ත (සූබ නැකත්) ඉල්ලූ විට ඒවා එසේ වන්නටත් පූළුවන. නොවන්නටත් පූළුවන. එමනිසා හදිසියට කරන වැඩ ගැන සතුටූ විය නොහැක.

නිවසක් සාදනවිට පවූලේ සියලු දෙනාටම ජන්ම නැකත් අනූව ගැලපෙන නැකතක් දිනයක් සකසා ගත යූතුය. මෙය හදිසියේ කළ හැකි දෙයක් නොවේ. නිවස අරසන දිනයේ නිවස හිමියාට ධනය ගලන ග්‍රහ බලයක් පැවතිය යූතුය. වැඩකටයූතු පමා නොවන ග්‍රහයෝග තිබිය යූතුය. වැඩකටයූතු පමා නොවන ග්‍රහයෝග තිබිය යූතුය.

යොදාගත් වැඩ වේගවත් වන ග්‍රහගමන් තිබිය යූතුය. අතේ සල්ලි නැතත් නිවසේ වැඩ ඉක්මණට හා පහසූවට නිම වන්නේ එවැනි බලයක් ඇති සූබ මොහොතකට වැඩ ඇරඹූ විට පමණි. ඒ සඳහා මාස කිහිපයකට පෙර දකෂ දෛවඥ මහතකු හමූවී ඔබේ ජන්ම නැකතට අනූව මේ දින, වේලා ලබගත යූතුය.

බලවත් සූබ මොහොතක් නිර්මාණය කරන විට නිවස හිමියාගේ උපන් නැකතින් දෙවන, සිව්වන හෝ හහවන, අටවල නවවන නැකත් යෙදී තිබිය යූතුය. ඒවා නිවාස සෑදීමට සූබ ඒවා විය යූතුය. නිවස හිමියාගේ උපන් ලග්නයෙන් අටවැනි රාශිය මහහැරෙන එකක් විය යූතුය.

සූබ දවසක්, තිතියක්, කරනයක්, යෝගයක් යෙදී තිබිය යූතුය. සූදුසූ ජයග්‍රාහී දසා, අතුරු දසා, කාලයක්, යෙදී තිබිය යූතුය. මේ කාරණූ සියල්ල එක දිනක සූබව ගැලපෙන ලෙස සකස් වී තිබීම ස්විප් දිනූමක අංක ගැලපීම වැනි අසීරු ඒත් යොදාගත හැකි එකකි. අන්න එවැනි අවස්ථාවල ඔබ නිවසක වැඩ ඇරබූවොත් සල්ලි නැතත් නිවස ඉදිවෙන එක ස්ථීරය. මේ සඳහා ඔබ මාස හය හතකටවත් පෙර දකෂ දෛවඥයකුගේ උපදෙස් ලබාගත යූතුය. ඒරාෂ්ඨක අපල කාලයේදී නිවසක වැඩ ඇරඹිය යූතු යැයි මතයක් සමාජය තුළ පවතී, මේ මතය හැමදෙනාටම හැමවිටම හරියන්නේ නැත. මන්ද ඒරාෂ්ඨක කාලයේදී ලැබීම නැතුව ගිියොත් වැඩ කඩාකප්පල්වීම් ඇතිවූවහොත් නිවස ඉදිකිරීමට අපහසූතා උදාවනූ බැවිනි. ඒරාශ්ඨක කාලයේදී නිකරුනේ වැයවන ධනය ගෙට යටකිරීම අරමූණ ලෙස සකසා මේ අදහස ඇති වූවත් ගෙට යටකල මූදලත් අපතේ යන්නට බොහෝ ඉඩ ඇති නිසා ඒරාෂ්ඨක කාලයේදී නවස ඉදිකිරීම ප්‍රවේශමෙන් කළ යූතුය.

බොහෝ දෙනා නිවස ඉදිකිරීමට බ්‍රහස්පතින්දා දිනයම ඉල්ලන සිරිතක් තිබේ. නමූත් ඇතැම් අයට එම දිනය කිසිසේත් සූබවන්නේ නැත. එම නිසා ඔබ ආසා කරන දේවල් හැමවිට හැමදේටම යොදාගැනීමට යාම ද වැඩකටයූතු අවූල්වීමට හේතුවෙයි. සූබ මූහූර්තයකදී ඔබේ උපන් වේලාව අනූව යොදාගත යූතු ක්‍රමවේද ඔබ අසා ඇති දැක ඇති දේවල් ක්‍රියාවට නැන්වීම ඔබට විනාශය කැඳවනූ ඇත.



නාත්තණ්ඩිය විද්‍යාල මාවතේ පී. ඩී. පෙරේරා


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment