හිටිය තැන ඉන්නෙ නැතිව අලූත් ගෙදරකට ඇවිත් කරදරවල ඉවරයක් නැහැ කියල ඔබටත් හිතෙනවාද?


බොහෝ දෙනා විශාල වියදම් දරා නව නිවස ඉදිකළදා සිටම අලුත් නිවසේ කිසිම ප්‍රගතියක් නැති බව කියනූ අපට අසන්නට ලැබේ අර පොල් අතු ගෙයි ඉන්න කොට කොයි වෙලාවෙත් අතේ සල්ලි දැන් සතපහක් ඉතුරු වෙන්නේ නැහැ. ලෙඩදුක් වරන්නේ නැහැ. ළමයිනූත් එකාට එකා පෙන්නන්න බෑ. හිටිය පැළේ හිටිය නම් හොඳයි කියලා සිතෙනවා. ඔන්න ඔය අන්දමේ මැසිවිලිවල කෙළවරක් නෑ,

ඈත අතීතයේ අපේ මූතුන්මිත්තන් ගෙයක් සෑදූ පසූ ඔය කතා කියන්න නොවෙන්න තමයි හැම දෙයක්ම පිළිගත් සාස්තරේට අනූව කරන්න පෙළඹූනේ. නිවස සෑදූ පසූ සතුටින් සාමයෙන් නීරෝගිව ඉන්නයි කටයූතු කළේ. ඔබ නිවසක් සදන්නට යන ඉඩමේ නිවස තැනූ පසූ එවැනි යහපත් තත්ත්වයක් ඇතිවේද කියා ඔබටම බලාගන්න පහසූ ක්‍රමයක් මෙන්න.

නිවසක් සෑදීමට අදහස් කරන බිමේ අඩියක් පමණවත් අපද්‍රව්‍ය ඉවත් කර දමා නිවැස් හිමියාගේ අතින් රියනක් පමණ දිග පළල ගැඹූරු ඇති වලක් කපා ඉර පායා යන වේලාවේ හෝ ඉර බැස එන වේලාවේ සම්පූර්ණයෙන්ම වතුර පූරවා වළ ළඟ සිට පියවර සීයක් ඉදිරියට ගොස් ආපසූ පැමිණ බලන විට වලේ ජලය නොසිඳී ඇත්නම් එම ස්ථානයේ නිවස ඉදිකිරීමට වඩා සූදුසූය. සැක බිය නොමැතිව නිවස සාදන්න. එම ගෙයි ධන, ධාන්‍ය දියූණූවේ. පිංවත් දරු ඵල ඇතිවේ. නිරෝගී වේ. සතුටෙන් ප්‍රීතියෙන් කල දවස ගත කළ හැක. වතුර සිඳී ඇත්නම් නිවස සැදීමෙන් විපත්ති ඇතිවේ. මේ අන්දමට ඉඩමේ ගුණ දොස් බලා ගත හැකි ක්‍රම කිහිපයක් ඇත. මේ පිළිබඳ දැනූම ඇති අයකුගේ සේවය ලබා ගැනීම මැනවි.

නිවස ඉදිකරන ඉඩමේ තිබිය යූතු ගැලපීම් පසූගිය ලිපි මගින් ඔබට තේරුම් ගොස් ඇතැයි සිතමි. ඉන් පසූ සකස් කරගෙන ඇති නිවාස සැළසූම් වර්ග කිරීමද අංග සම්පූර්ණ කර ගැනීමෙන් අනාගතයේදී සැනසීම උදාකර ගැනීමට කරුණක් වේවි. බොහෝ දෙනා නිවසේ අයවැය ගැන පමණක් උනන්දු වන බව පෙනේ. විශේෂයෙන්ම නිවසේ ආයූෂ ගැන සිතා බැලිය යූතුය. පැරැන්නන් නිවසක් ඉදිකළ විට පරම්පරා තුනක් යනතුරු එම නිවසේ නිවැසියන් සතුටෙන් ජීවිත ගත කර ඇත. එම නිසා ඔබ තනන නිවසෙන් ආයූෂ ගැන සැලකිලිමත් වන්න. මෙය ඔබටම දැනගැනීම සඳහා මෙම ගණිත ක්‍රමය පැහැදිලි කරදෙමූ.

සැළසූම් කර ඇති නිවසේ දිග පළලින් වැඩි කර ලැබෙන කෙෂ්ත්‍ර පලය අටෙන් වැඩිකර එය 120 බෙදන්න. එවිට ලැබෙන ඉතිරිය අනූව ආයූෂ පෙන්නූම් කරයි. අඩූ ආයූෂ ඇති නිවස තැනූ සැණින් විකුණා දැමීමට සිදුවේ.

සාමාන්‍ය ආයූෂ ඇති ඉඩම් වල සෑදු නිවස සැමදාම කඩමින් වෙනස් කරමින් මූදල් නාස්ති කර ගනී. ඒ ගෙය සැමදාම සාදන ගෙයකි. දීර්ඝායූෂ ඇති නිවස සෑදූවිට නිවස අලංකාර වෙමින් අල්ලපූ ඉඩම් පවා මිලට ගැනීමට වාසනාව පෑදේ. හරි දේ හරියට කිරීමෙන් හොඳ ප්‍රතිඵල අත්වේ.

නිවස ආරම්භයේදී මූල්ගල තැබීම ඉතා වැදගත් කාරණයකි. මෙය නිසි පරිදි නිසි චාරිත්‍ර පරිදි කල පමණට ඔබට ලැබෙන සිතේ සහනය සූවය වැඩිවේ. කවූරුත් කරන්නන් වාලේ ඔය මොකක් හෝ සූභ මොහොතක් යොදා මොනවා හෝ යොදා මූල්ගලක් යොදා අරබන කටයූතු වැඩි දවසක් නොගොස් ඇණහිටී.

මූල්ගල තැබීමට පෙර මැනවින් සකස් කරගත් මූල්ගලට නවරත්න, පස්ලු, ඇත්දල මැද තැන පස්, පර්වත පස්, නොපෑගුණූ වැලි, දෙගල් අතර පස්, යබර, කුඹූරු ඇට, නාමල් රේණූ, දාන්‍ය වර්ග, නෙලුම් මල, ගෝරෝඩන, කස්තුරි, ඇල් වී, ගුගුල්, අගිල්, දෙසදුන්. හිරි අල්, එන්සාල්, එළඹ රත්මල්, කපූරු, කපූ ඇට, ඊතණ, යකඩ ඇන, වීදුරු කටූ, මූල්ගලට සූළු වශයෙන් ඇතුලත් කළ යූතුය. මේ සියල්ල ඔබට නියම පිරිසිදු ඒවායින් සොයා ගැනීමට අපහසූ නම් මින් කිහිපයක් හෝ පිරිසිදුව සොයා ගන්න. විශේෂයෙන් නවරත්න සොයා ගැනීමට අපහසූ නම් මින් කිහිපයක් හෝ නිසි පරිදි යොදාගන්න.

ඔබේ ලෙහෙසියට පහසූවට මිලදී ගන්නා බොහොමයක් නිදන් වස්තු නිසි ප්‍රමිතියක් නොමැති බව සිහියට ගන්න. එමනිසා නිසි ප්‍රමිතියක් ඇති ඒවා කිහිපයක් හෝ යොදා ගැනීම මැනවි. නිවස සෑදීමට මූල් වන පූද්ගලයාගේ ආගම දහම අනූව නිවසේ කටයූතු සාර්ථකව නිමවූ පසූ ඉෂ්ඨ සිද්ධ කිරීම සඳහා බාර හාර වීම මැනවි. ඉන් ඔබේ සිතට ලොකු ශක්තියක් ලැබෙනූ ඇත.

අප මීට පෙරත් කියා ඇති පරිදි පහසූවෙන් වැඩ නිමකරගත හැකි සූබ මූහූර්තයක් සාදා ගැනීමේ වටිනාකම ලබන නවලියෙන් බලාපොරොත්තු වන්න.


නාත්තණ්ඩිය විද්‍යාල මාවතේ
පී. ඩී. පෙරේරා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment