ගුණ සූවඳ හොඳින් ඇති කරපිංචා

පැරණි මූළුතැන්ගෙය නවීන පන්නයේ මූළුතැන්ගෙයක් බවට පත් කළද මූළුතැන්ගෙයි ආහාර පිසීම කරන කාන්තාවට ආහාර රසවත් කිරීම සඳහා නැතිවාම බැරි දෙයක් හැටියට කරපිංචා හඳුන්වා දීමට පූළුවන්. එපමණක්ද නොව කරපිංචා පිළිබඳ මතක් කරන විට අපට රම්ප කොළයත් අමතක කරන්නට බැරිය. මන්ද රම්පේ සහ කරපිංචා අපේ මූළුතැන්ගෙයි ප්‍රධාන පෙළේ රසකාරකයන් දෙදෙනා වන නිසාය.

බොහෝ දෙනා දන්නේ කරපිංචා ආහාර රස කරන කුළුබඩූවක් විදිහටයි. නමූත් එහි ගුණය අතිමහත්ය. ඉංග්‍රිසියෙන් කරිලීව්ස් නමින් හඳුන්වන මෙය ප්‍රභේද දෙකකින් සමන්විත වේ. හොඳ වර්ගයේ කරපිංචා වල දළු හා නාරටිය ලා රතු පැහැයෙන් යූතු අතර කුඩා පත්‍රවල මිහිරි සූවඳක් වහනය වේ. එහි සියූම් රෝමද පිහිටා තිබෙනූ දකි්න්න හැක.

ලංකාව, ඉන්දියාව , බංගලාදේශය, බූරුමය, වැනි රටවල වියළි කලාපයේ කරපිංචා හොඳින් රෝපණය වන ශාකයකි.

කරපිංචා රසයෙන් තිත්ත කටූක වේ. උෂ්ණ ගුණයෙන් යූතුය. බෙහෙත් සඳහා සියලුම දෑ යොදා ගැනේ. කරපිංචා කොළවල වාෂ්පශීලී තෙලක් ඇත. සෙම, වාතය සමනය කිරීමේ හැකියාව තිබෙන මෙහි ආහාර අජීර්ණය, බඩගින්න මදිකම උදරවේදනා බඩ පිපූම ආදී රෝග සඳහා යොදා ගනී.එමෙන්ම ආහාර රුචිය ඇති කරවයි.මාන්දම,වමනය නැතිකිරීමේ ගුණය හා සිරුරේ තියෙන විෂ නැසීමේ හැකියාවත් කරපිංචා වල තිබේ. විශේෂයෙන් ගැබිනි මව්වරුන්ගේ උදැසන වමනය නතර කිරීමට කරපිංචා ගනී. සර්ප විෂය හා අර්ශස් රෝගවලට ගුණ ලබා දෙයි.

කාන්තාවන්ට වගේම පිරිමින්ටද හිතට වදදෙන ප්‍රශ්නයක් වන අධික තරබාරුව හා කොලෙස්ටරෝල් තිබෙන රෝගීන්ට ගුණදායක ඖෂධයකි. ඒ වගේම කාන්තාවන්ගේ ප්‍රධානතම ගැටලුකාරී වන හිසකේ පැසීම හෙවත් සූදුවීම වළක්වාගතහැකි බවට ආයූර්වේදයේ සඳහන් වේ.

කරපිංචා රුධිර පීඩනය හා මූත්‍රා අමාරුවට වගේම මූත්‍රා හොඳිින් පිටකිරීමේ හැකියාවත් ඇතිබව නවීන විද්‍යාවට අනූව සොයා ගෙන තිබේ.

ආයූර්වේදයට අනූව කරපිංචාවලින් රසවත් සම්බලයක් හා කැඳක් සාදාගත හැක. එය සතියකට වතාවක් හෝ අනූභව කරන්නේ නම් ඔබගේ සිරුරෙහි තිබෙන රෝග බොහොමයකට ප්‍රතිකාරයක් වේ.

ඔබ කරපිංචා කොළ වෑංජනයට එකතු කර ගන්නවා විනා එය හොඳින් අඹරා ආහාරවලට එකතු කර ගැනීමක් නොකරයි. එසේ අඹරා ආහාරවලට යෙදීමෙන් අපතේ යෑමක් සිදුනොවේ. එයින් ආහාරයට වැඩි රසයක් සූවඳක් ලැබෙන අතරම ඔබට එහි ඇති ගුණය ඉක්මනින් ලබාගත හැකි වේ.

මෙසේ කරපිංචා ගැන සටහන කරන විට මට තවත් දෙයක් සිහියට නැගේ. එනම් කරපිංචා නටූව කුඩා දැරියන්ගේ කනේ කන ඇස් වෙනවාට දමා තිබෙනවා ඔබ දැක ඇති වාට සැකයක් නැහැ. කරපිංචා ඖෂධ ගුණයෙන් යූතු ශාකයක් නිසා කිසිම හානියක් සිදුනොවන නිසාවෙනි. පූංචි වූණත් රසයෙන් සූවඳින් වගේම ගුණ දිව්‍ය පත්‍රයක් ලෙස පෙන්වා දිය හැකි කරපිංචා හොඳ ආර්ෂික බෝගයකි. ඔබේ ගෙවත්තේ වගා කර ගත හැකිවන්නේ නම් ඔබ හා ඔබේ පවූලේ සියලු දෙනාම නිරෝගී පූද්ගලයින් බවට පත්වන්නේ නිරායාසයෙනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment