කුරුලෑ ප්‍රශ්නයක් කරගන්න එපා

සමෙහි ඇතිවන කුරුලෑ වර්ග කිහිපයක් ඇත. බහූලවම දැකිය හැක්කේ යෞවන වයසට එලබීමත් සමග ඇතිවන කුරුලෑ වර්ගයි. යොවූන් වියට එළඹීමත් සමග හෝර්මෝන විපර්යාස නිසා තෙල් ග්‍රන්ථි වැඩි වශයෙන් ක්‍රියා කිරීමෙන් කුරුලෑ ඇතිවේ. පළමූවෙන් ඔබට සෑදී ඇති කුරුලෑ වර්ගය හඳුනා ගත යූතුය.

ංතෙල් ආහාර අධිකව ගැනීමෙන් වළකින්න. මූහූණේ ඇති අධික තෙල් ගතිය අඩූ කිරීම සඳහා ඉදුනූ තක්කාලි ගෙඩියක් පොඩිකර රාත්‍රී නින්දට පැයකට පමණ පෙර අතුල්ලා සෝදා හරින්න. උදෑසන අවදිවන ඔබට මූහූණේ ප්‍රසන්න පෙනූමක් දැකිය හැක.

ංකුරුළෑ සම හොඳින් පිරිසිදු කරගැනීම සඳහා පිපිඤ්ඤා ගෙඩියක පොත්ත සූරා හැර කොටා ඉස්ම ගෙන පෙරා දෙහි බෑයක ඉස්ම දමා ශීතකරණයේ තබා පාවිච්චියට ගන්න.

ං කෝමාරිකා මදය සූරාගෙන එයට සූදු හඳුන් කුඩූ, කොත්තමල්ලි කුඩූ, දෙහි බිංදු කිහිපයක් දමා තලපයක් සාදා මූහූණේ ආලේපකර විනඩි 20 ක් තබා ඇල්වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් කරන්න.

ං ගෝරෝචන, ගම්මිරිස් ඇට කිහිපයක්, ලොත් සූබූල්, අමූකහ යූෂින් අඹරා ගාන්න.

ං උදේ සවස වෙනිවැල් ගැට තැම්බූ වතුරෙන් හූමාලය අල්ලන්න. සම පැහැපත් වීම සේම කුරුළෑ සූව වේ.

ං කුරුළෑ කැළැල් මැකීමට නම් තල කොකුම්පොතු නෙල්ලි කොළ, මූං ඇට, සූදුහදුන් කුඩූ, අමූකහ, කොහොඳ දළු අඹරා ගාන්න.

කැළැල් මැකීමට තවත් ක්‍රමයකි දුම්සූබූලු රැයක් පෙගෙන්නට හැරගත් කොත්තමල්ලි සමඟ අඹරා කැළෑල් මත ආලේප කර වි. 20 ක් තබා සෝදා හරින්න. දිනක් හැර දිනක් සති 2 ක් පමණ කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. (සියලු ඖෂධ වර්ග බෙහෙත් කඩවල ඇත.)

රූපලාවන්‍ය ශිල්පිනී සූජිපිකා වික්‍රමආරච්චි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment