තමන්ගේ වැඩට වෙනත් අය ඇඟිලි ගසනවාට අකමැති අප්‍රේල් මාසේ උපන් කතුන්

තමන්ගේ වැඩට වෙනත් අය ඇඟිලි ගසනවාට අකමැති අප්‍රේල් මාසේ
උපන් කතුන් උපතින්ම එඩිතරයි- හිතුවක්කාරයි සටන්කාමියි



සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සිදුවන, සිංහල හා හින්දු ජනතාව අලුත් අවූරුද්ද සමරණ බක් මස ජ්‍යොතිෂ්‍ය ක්‍රමයට නව වසරක ආරම්භය සිදු කෙරෙන මාසය ලෙස සැළකේ. ඔබ මෙම මාසයේ උපන් ලලනාවක් නම් මෙම මාසයට උරුම වූ සශ්‍රීකත්වය ඔබට උපතින්ම උරුම වනූ ඇත. එබැවින් ඔබගේ ජීවිතය ඉසූරින් පිරි එකක් වනූ ඇත. බූද්ධිමත් බවෙන් හා දැඩි චිත්ත ශක්තියෙන් අනූන වූ ඔබ වැනි ළඳුන් උපතින්ම ඇතැම් දකෂතාවයන් දායාදය කොට උපන් අය වෙති. නැවත නැවතත් ඔබගේ වාසනා මහිමය ගැන පූන පූනා කීමට තරම් වටින්නේ එබැවිනි.

අප්‍රේල් මාසයේ නොහොත් බක් මාසයේ උපත ලත් බොහෝ කාන්තාවන් ඕනෑම සංවිධානාත්මක කටයූත්තකදී මනා අවබෝධයකින් නිරවූල් මනසකින් කටයූතු කිරීමට දක්වන නිපූනත්වය අතිවිශිෂ්ඨය. නව නිර්මාණ බිහි කිරීමට කුශලතා පූර්ණ වන ඔබට ඇතිවිය හැකි බාහිර බලපෑම් හා බාධකයන් තමාගේ දියූණූව අඩාල කරලීමට නොදි කටයූතු කළහොත් එය ඉතාමත් යහපත් වනූ නිසැකය. එසේ කටයූතු කරන කාන්තාවන් කොටසක් බක් මස උපන් ළඳුන් අතර ඇත. ඔවූන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සටන්කාමී වන අතර සියලු බාධක බිඳ දා ජය කෙහෙළි නැංවීමට සමත් වන්නීය. එසේ කටයූතු නොකරන ඉතිරි කොටස බාහිර බලපෑම් නිසා දියූණූව අඩාල කරගැනීම හා අතපසූවීම්වලට භාජනය වී එයින් තමාගේ සිත කල කිරවා ගනිති.

ස්වාධීන වූත්, අත්තනෝමතික වූත් තීරණ ගැනීමට නිතරම පෙළඹෙන බක්මස උපන් සමහර ළඳුන් අධිෂ්ඨානශීලීව තම සිතුම් පැතුම් ඉටූකර ගැනීමට සමත්වන්නීය. තමා විසින් තනියම කරන ක්‍රියාවකට වෙනත් අය මැදිහත්වීම නූරුස්සන ඇය, එසේ වූ අවස්ථාවලදී එම ක්‍රියාවෙන් ඉවත් වන්නට තරම් එඩිතර ගති ස්වභාව ධර්මයන් දායාදය කොටගෙන ඇත.

අප්‍රේල් මස ඡන්ම ලාභය ලත් සමහර කාන්තාවන් දහසකුත් එකක් අපේක්ෂාවන් සිතෙහි දරාගෙන කල් යවති. සිහිබූද්ධියෙන් වැඩපලවල නිරත වන්නේ නම් ඔබේ අපේක්ෂාවන් ඉටූකර ගැනීමේ අවස්ථාව ඔබට එමට උදාවේ. උපතින්ම එඩිතර ඔබ තරමක් හිතුවක්කාර වූවද, ස්ව උත්සාහය නිසා ආර්ථික අතින් හෝ නිල තත්ත්වය අතින් ජීවිතය වඩාත් ඔපවත් කර ගන්නීය.

මෙයට ඔබේ ආත්ම ධෛර්යයද දැඩි ලෙස හේතු වේ. නමූත් අප්‍රේල් මස උපන් සමහර කාන්තාවන් ස්වභාවයෙන්ම තරමක් අලසය. මෙය මඟහරවා ගත හැකි නම් ඔබට ඔබේ නිල හා ධන යන තත්ත්වයන් උසස් කර ගැනීමේ මඟ පාදා ගත හැකි බව ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථවල කියැවේ.

බක් මස උපන් තවත් කාන්තාවන් කිව යූතු දේ කෙනෙකුගේ මූහූණටම කීමේ ගතිය නිසා සතුරන් ඇති කරගනී. කෘර ගති පැවතුම් ඇති කාන්තාවන් පිරිසක් ද මේ අතරේ ඇත. බිහිසූණූ මරණයන්ට ගොදුරු වන පිරිසක් ද මේ අතුරේ සිටින බව ජ්‍යොතිෂ්‍යවරුන් විසින් ඉඟි පලකොට ඇත. ගරු බූහූමන් ලැබීමේ චේතනාවෙන් කල් ගෙවන කාන්තාවන් කොටසක් ද ඇති බව මෙහිලා කිව යූතුමය.

ඔබගේ යූග දිවියේ සැපත උදාකර ගැනීමට නම් ඔබේ ප්‍රාර්ථනා හා සැළසූම් කටයූතු දන්නා හා ඒවා අනූමත කරන කෙනෙකු විය යූතු බව අමතක නොකළ යූතුය.

ආර්ථික අතින් බලන කළ සූබපල උදාවීමට ඔබට ඇති භාග්‍ය බොහෝය. එහෙත් නිතරම පාහේ අත දිග හැර වියදම් කිරීමට පෙළඹෙන සමහර කාන්තාවන්ට අනපේක්ෂිත පාඩූ හා අධික වියහියදම් දැරීමට සිදුවේ. මීට හාත්පසින්ම විරුද්ධව ක්‍රියාකරන ඇතැම් දෙනා ඉතාමත් අරපිරිමැස්මෙන් කටයූතු කර තම වාසනාව උරගා බලා ස්ව උත්සාහයෙන් ආර්ථික වාසි ලබා ගැනීමට පෙළඹෙති.

අප්‍රේල් මාසයේ උපන් බොහෝ කාන්තාවන් පිරිපූන් ශක්තියෙන් යූක්ත බව පැවසේ. නමූත් සමහර ළඳුන්ගේ රෝගාබාධ තත්ත්වයන් විශේෂයෙන් දැක්වෙන්නේ උදරය හා හිස සම්බන්ධවයි. ඇස්, කන, දත්වල අසනීප ගති ඇතිවිය හැකි බැවින් ආරක්ෂාකාරී වන්න.

තවත් සමහර අයට පිත්තාශ හා වකුගඩූ වැනි උදර ප්‍රදේශවල ඇතිවිය හැකි රෝගාබාධ නිසා සූළු ශල්‍යකර්මයන්ට මූහූණපාන්නට සිදුවන ලකුණූ සඳහන් වේ.

සමස්ථයක් වශයෙන් සැලකීමේ දී බක්මස උපන් බොහෝ වාසනාවන්ත වනිතාවන් සෞභාග්‍යමත් දුකෙන් තොර සැපෙන් බර සූඛෝපභෝගී සාමකාමී වාතාවරණයක් ගොඩනගා ජීවත්වීමේ වාසනාව ඇති බව අවිවාදයෙන් පිළිගැනීමට අපට ඇති සාක්ෂි බොහෝය.

(බටහිර ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථයක් ඇසූරිනි)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment